Video - කලාකරුවන්ට අමානුෂික ප්‍රහාරයක්...

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Video - කලාකරුවන්ට අමානුෂික ප්‍රහාරයක්...

    කලාකරුවන්ට අමානුෂික ප්‍රහාරයක්...

    අද උදෑසන 11 ට කුඹුක්ගැටේ මංසන්ධියේදී "අලුත් පරපුර" විසින් සංවිධානය කළ "මුලාවෙන් මිදෙමු" ජන හමුවට මහින්ද රාජපක්ශ ආධාරකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරන ලදි. එහිදී ලක්ශ්මන් විජේසේකර, සමනලී ෆොන්සේකා, උදය ධර්මවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මණුවර්න, අමා විජේසේකර, මොහාන් රාජ් මඩවල ආදී ජනප්‍රිය කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසකට ගල් මුල් රැගත් මැරයන් පිරිසක් දිගින් දිගටම පහර දෙනු ලැබීය. එසේම රැස්ව සිටි පිරිසට මරණ තර්ජන එල්ල කරමින් කළහකාරී ලෙස හැසිරුණු පිරිස මෙහෙය වනු ලැබූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පාළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික විසිනි. ඔහුත් සමග පැමිනි නිල් බලකායේ ටී ෂර්ට් වලින් සැරසුණු 150ක පමන පිරිසක් මෙම කළහකාරීතත්වය නිර්මාණය කරනු ලැබීය.

    - සමනලී ෆොන්සේකා හා ඉන්ද්‍රචාප ලියනගේ ඇතුලූ කිහිප දෙනෙක් තුවාල ලබා රොහල්ගතකර ඇත.
    - ප‍්‍රහාරයට 150 කට ආසන්න මැර කණ්ඩායමක් පැමිණි බවට ගම්මුන් පවසති.
    අද දහවල් 12.30 ට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී වත්මන් පාලනයේ ඇති අසාධාරණය සහ අකටයුතුකම් පිළිබඳව ගමින් ගමට සිදුකරන දැනුවත් කිරීමේ වැඩසටහනට හා සංගීත ප‍්‍රසංගයට සහභාගී වූ අලූත් පරපුරේ කලාකරුවන් 20 කට ආසන්න පිරිසකට මැර ප‍්‍රහාරයක් එල්ලවී තිබේ.

    එම මැර ප‍්‍රහාරය සඳහා වයඹ පළාත් සභා මන්ත‍්‍රී දොන් කමල් ඉන්දික ඇතුලූ මැරයන් 150 ක් පමණ පැමිණි බව ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙයි. කලාකරුවන්ට වටකොට ගල්මුල් සහ පොලූවලින් පහරදී තිබේ.
    එම ප‍්‍රහාරයෙන් සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුලූ තරුණ කලාකරුවන් කිහිප දෙනෙකුසේම චිත‍්‍රපට අධ්‍යක්‍ෂ උදය ධර්මවර්ධන සහ ප‍්‍රවීන ගායක ලක්‍ෂමන් විජේසේකර මහතා ද තුවාල ලබා ඇත.
    අලූත් පරපුරේ කලාකරුවන් පෙන්වා දෙන්නේ වත්මන් රජය විදෙස්් කලාකරුවන් මල්මාලා දමා පිළිගනිද්දී සත්‍ය කතාකරන්නට ගමෙන් ගමට යන අපේ කලාකරුවන්ට හිමිවන්නේ ගල් මුගුරු ප‍්‍රහාර බවයි. කෙතරම් ප‍්‍රහාර එල්ලවූවත් තරුණ කලාකරුවන්ගෙන් රටට වියයුතු සේවය සහ ගම දැනුවත් කිරීම අඛණ්ඩව සිදුකරන බව අලූත් පරපුරේ සාමාජිකයන් අවධාරණය කර සිටී.
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ලක්ශ්මන් විජේසේකරට පහරදීම හෙලාදකිමි.අනිත් එවුං මොක්කුද බන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    ලක්ශ්මන් විජේසේකරට පහරදීම හෙලාදකිමි.අනිත් එවුං මොක්කුද බන්

    Kawuruth minissu tho ballek unata.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    තමන්ගේම රටේ කලාකරුවන්ට ගහලා තමන්ගේ දේශපාලන රැස්වීම් වලට පිට රටින් කලාකරුවො ගෙන්නන දේශපාලකයො ඉන්න රටක් මේක...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමනලී නේද වීඩියෝ කරලා තියෙන්නෙ.. ඒකිට තව පාරක් ගේම අදීද දන්නෑ බං මේකට.. මහ පාහර බල්ලො වගයක් බං.. මරාගෙ උන්ම මරාගෙ ඡන්ද ටිකට කෙලිනවා.. හොඳ වැඩේ ඕකට..:lol:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    එකාදිපති වියරුව.
    පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අද නයි ටී එන් පුවත්:

    කලහකාරයෝ පිරිසක් වෙඩි තබමින්,බෝම්බ ගසමින්,දේපල වලට හානි කරමින් මෙම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරී ඇත.ඔවුන් අතර පාතාල සාමාජිකයන් වන ඉන්ද්‍රචාප ලියනගේ,කසුන් කල්හාර,ලක්ෂ්මන් විජේසේකර,මොහාන් රාජ් මඩවල වැන්නන් සිට ඇත.මොවුන්ගේ අභිප්‍රාය වී ඇත්තේ මෙරටට පැමිණි ප්‍රවීණ බොලිවුඩ් නළු සල්මන් ඛාන්,නිළි ජැකලීන් ෆර්ඩිනැන්ඩස් ඇතුළු පිරිස රැදී සිටින් ස්ථානයක් වෙත ගොස් ඔවුන්ව ඝාතනය කර එහි වගකීම රජය වෙත පැවරීමටයි.තත්ත්වය පාලනය කිරීම සදහා පොලෝසියේ පිරිස ප්‍රමාණවත් නොවූ බැවින් නිල් බලකාය එම ස්ථානයට වහාම කැදවනු ලදුව ඔවුන් විසින් තත්ත්වය මනා ලෙස පාලනය කරන ලදි.මෙහිදී ත්‍රස්ත ක්‍රියාකාරිනියන් දෙදෙනෙක් වන සමනළී ෆොන්සේකා,අමා විජේසේකර දෙපළ අත්අඩංගුවට ගනු ලැබීය.බොලිවුඩ් නළු නිලි පිරිසගේ ආරක්ෂාව සදහා විශේෂ බලකායක් අනුයුක්ත කරන ලෙස ..තුමා වහා නියෝග කරන ලදි.

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195

    හිනවෙලා පන යනව බන් :lol::lol::lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    තමන්ගේම රටේ කලාකරුවන්ට ගහලා තමන්ගේ දේශපාලන රැස්වීම් වලට පිට රටින් කලාකරුවො ගෙන්නන දේශපාලකයො ඉන්න රටක් මේක...

    kalakanni :dull:
     
    waligamaya

    Well-known member
  • රොහන විරසින්හ, දුවුල්ගනේ ගේ එම සුබාවිත ගීත කියද්දි, සන්ගීතය දෙද්දි තියෙන මනව හිතවදිකම රහපැමක් විතරයි බලාගෙනගියාම, ඔය ඉරජිවගේ අනාතයොනම් මොනව කලත් කමක්නැ. අපේ හදාවත්වලට සංවෙදිකම ඉගැන්වු කට්ටිය වරදාන ඉදිරියේ කොදු කඩාගන කොට දැනේන්නේ කාල කනී විදනාවක්