Video - කලාකරුවන්ට අමානුෂික ප්‍රහාරයක්...
කලාකරුවන්ට අමානුෂික ප්‍රහාරයක්...
අද උදෑසන 11 ට කුඹුක්ගැටේ මංසන්ධියේදී "අලුත් පරපුර" විසින් සංවිධානය කළ "මුලාවෙන් මිදෙමු" ජන හමුවට මහින්ද රාජපක්ශ ආධාරකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරන ලදි. එහිදී ලක්ශ්මන් විජේසේකර, සමනලී ෆොන්සේකා, උදය ධර්මවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මණුවර්න, අමා විජේසේකර, මොහාන් රාජ් මඩවල ආදී ජනප්‍රිය කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසකට ගල් මුල් රැගත් මැරයන් පිරිසක් දිගින් දිගටම පහර දෙනු ලැබීය. එසේම රැස්ව සිටි පිරිසට මරණ තර්ජන එල්ල කරමින් කළහකාරී ලෙස හැසිරුණු පිරිස මෙහෙය වනු ලැබූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පාළාත් සභා මන්ත්රී දොන් කමල් ඉන්දික විසිනි. ඔහුත් සමග පැමිනි නිල් බලකායේ ටී ෂර්ට් වලින් සැරසුණු 150ක පමන පිරිසක් මෙම කළහකාරීතත්වය නිර්මාණය කරනු ලැබීය.
- සමනලී ෆොන්සේකා හා ඉන්ද්‍රචාප ලියනගේ ඇතුලූ කිහිප දෙනෙක් තුවාල ලබා රොහල්ගතකර ඇත. - ප‍්‍රහාරයට 150 කට ආසන්න මැර කණ්ඩායමක් පැමිණි බවට ගම්මුන් පවසති.
අද දහවල් 12.30 ට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී වත්මන් පාලනයේ ඇති අසාධාරණය සහ අකටයුතුකම් පිළිබඳව ගමින් ගමට සිදුකරන දැනුවත් කිරීමේ වැඩසටහනට හා සංගීත ප‍්‍රසංගයට සහභාගී වූ අලූත් පරපුරේ කලාකරුවන් 20 කට ආසන්න පිරිසකට මැර ප‍්‍රහාරයක් එල්ලවී තිබේ.
එම මැර ප‍්‍රහාරය සඳහා වයඹ පළාත් සභා මන්ත්රී දොන් කමල් ඉන්දික ඇතුලූ මැරයන් 150 ක් පමණ පැමිණි බව ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙයි. කලාකරුවන්ට වටකොට ගල්මුල් සහ පොලූවලින් පහරදී තිබේ.
එම ප‍්‍රහාරයෙන් සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුලූ තරුණ කලාකරුවන් කිහිප දෙනෙකුසේම චිත‍්‍රපට අධ්‍යක්‍ෂ උදය ධර්මවර්ධන සහ ප‍්‍රවීන ගායක ලක්‍ෂමන් විජේසේකර මහතා ද තුවාල ලබා ඇත.
අලූත් පරපුරේ කලාකරුවන් පෙන්වා දෙන්නේ වත්මන් රජය විදෙස්් කලාකරුවන් මල්මාලා දමා පිළිගනිද්දී සත්‍ය කතාකරන්නට ගමෙන් ගමට යන අපේ කලාකරුවන්ට හිමිවන්නේ ගල් මුගුරු ප‍්‍රහාර බවයි. කෙතරම් ප‍්‍රහාර එල්ලවූවත් තරුණ කලාකරුවන්ගෙන් රටට වියයුතු සේවය සහ ගම දැනුවත් කිරීම අඛණ්ඩව සිදුකරන බව අලූත් පරපුරේ සාමාජිකයන් අවධාරණය කර සිටී.

Last edited: