Vikala bojana?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    අනේ මන්ද බන් මිනිස්සු ඕවා කොහොම කරනවද කියල, අපේනම් කට වැඩ නොකලොත් ඔලුව වැඩ කරන්නේ නැහැ :baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,069
    2
    116,278
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දවල් 12න් පස්සේ පිණ්ඩපාතෙ යන්න තහනම්

    ඉර පායලා මුදුන් වෙනකම් විතරයි කන්න පුළුවන්

    ඊට පස්සේ ඕන නම් ගිලන් පස විතරයි
    මේක තමා හරි..නිවනම අරමුණු කරන් ශරීරය පවත්වාගැනීමට පමනක් සෑහෙන ආහාර ගන්ඩ කියල තියෙන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    විකාල බෝජන කියන්නේ විකලා කනවා කියන එක ඒ කියන්නේ හොදට විකලා කන්නෝන කෑම ජාති. බීම වර්ග කැඳ එහෙම මේකට අයිති නෑ
     
    • Like
    Reactions: Johnnie_Walker

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අරුණෝදයේ පටන් හිරු මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය යි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර නො ගන්නා කාලය වූ විකාලය ය. හෙවත් නො කාලය ය. ආහාර වශයෙන් ගන්නා දෙයක්, යටත් පිරිසෙයින් එක බත් හුලක් වුව ද නො කල්හි උගුරෙන් එතරට කිරීමෙන් සවන සික පදය බිඳෙන්නේ ය.
    බත්, ව්‍යංජන, කැවිලි පෙවිලි, පලතුරු ආදී “යාවකාලික ආහාරයක්” නොකල්හි වැළදීමෙන් විකාල භෝජනය වේ.

    1. විකාලය වීමය.
    ( හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය. )
    2. යාවකාලික ආහාරයක් වීමය.
    ( පිළිගෙන පෙරවරු කාලයේ පමණක් වැළඳීමට සුදුසු ආහාරයි. )
    3. ගිලීමය.
    කියා විකාල භෝජනයට අංඟ තුනක් සම්පූර්ණ විය යුතුය.

    අෂ්ට පානය.

    පානයන් අතුරෙන් අෂ්ටපානය හා එයට සමාන වන කුඩා ඵලවලින් කරන ලද පානයක් ද භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි ද දිය හැකිය. භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි කැප වූ පාන වර්ගවලට ගිලන්පස යයි ද කියති. අෂ්ට පානය යනු අම්බ පානය, ජම්බු පානය, චෝච පානය, මෝච පානය, මධු පානය, මුද්දික පානය, සාලුක පානය, ඵාරුසක පානය යන මේ අටය. මේ පානයන් භික්ෂූන්ට විකාලයෙහි කැප වන්නේ ඇල් පැනින් හෝ හිරු රැසින් කකාරවා හෝ කළ ඒවා පමණකි. ගින්නෙන් පැසවා කරන ලද්ද කාලයෙහි මිස විකාලයෙහි කැප නො වේ. එහි අම්බ පානය යනු ඉදුණු අඹ ඇල් පැනින් මැඩ පෙරා සීනි සකුරු ආදිය මුසු කොට කරන ලද්දා වූ ද, අමු අඹ කුඩා කැබලිවලට කපා සීනි ආදිය හා ඇල් දියෙහි ලා හිරු රැසින් කකාරා කරන ලද්දා වූ ද පානය යි. ජම්බු පානය යනු දඹපල (ඉදුණු ජම්බුගෙඩි) ඇල් පැනින් මැඩ සීනි සකුරු ආදිය යොදා කළ පානය ය. චෝච පානය යනු ඉදුණු ඇටිකෙසෙල් ගෙඩි ඇල් දියෙන් මැඩ කළ පානය ය. මධු පානය යනු අමු මිදි පල ඇල් පැනින් මැඩ කළ පානය ය. මුද්දික පානය යනු වියළි මුදරප්පලම් ඇල් පැනින් මැඩ කළ පානය ය. සාලුක පානය යනු හෝලු ගෙඩි ඇල් පැනින් මැඩ කළ පානය ය. ඵාරුසක පානය යනු බොරලු දමනු (මසන්ගෙඩි) ඇල් පැනින් මැඩ කළ පානය ය. මෙසේ ම දෙහි දොඩම් සියඹලා ආදි කුඩා ඵලවලින් කළ පානය ද විකාලයෙහි කැප ය."

    ආශ්‍රිත ග්‍රන්ථ - “ශාසනාවතරණය” හා “බෞද්ධයාගේ අත්පොත” - රේරුකානේ චන්දවිමල නාහිමි.


    "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,729
    2,207
    113
    දවල් 12න් පස්සේ කන්න බැ. ඊට පස්සේ ගිලන් පස විතරයි.

    ලෙඩ උන අයට ඔක අදාල නැ.