.::|| Viral Video Ekak Hadanne Kohomada? ||::.

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    gtMkgv7.jpg

    සෑහෙන කාලෙකින් එලකිරි එකේ පෝස්ට් එකක් දාන්නෙ. ඔක්කොටම කලින් සුබ අලුත් අවුරුද්දක් කියල පතනව කට්ටිය ඔක්කොටම. Viral video කියන දේ ගැන අහල නැති කෙනෙක් ඉන්නව කියල මම හිතන්නෙ නෑ. දන්න නොදන්න හැමෝටම මම viral video ගැන හොයාගත්ත කරුණු ටිකක් බෙදාගන්න හිතුනා.

    ඔක්කොටම කලින් මේක බලල ඉන්න. කලින් බලල නැත්තං.

    ඇත්තටම මොනවද මේ viral video? Viral video යන්න සිංහලට පෙරලුවාම එන්නේ ‘වයිරසයක් වැනි විඩියෝ’ වගේ තේරුමක්. මෙහෙම නමක් වැටෙන්න හේතුව මේවා ඉක්මනින් පැතිර යන එක. ලංකාවෙ ටික කාලෙකට කලින් viral ගියපු ‘වාරියපොළ’ විඩියෝ එක එහෙම කට්ටියට තාම මතක ඇති කියල හිතනව. ඒත් internet එකේ ශෙයා වෙන හැම විඩියෝ එකක්ම viral video එකක් වෙන්නෙ නැහැ. Views ගොඩක් තිබ්බ පලියට වත්, ගොඩක් කල් ජනප්‍රිය වෙලා තිබ්බ පලියටවත් විඩියෝ එකක් කියල කියන්න බැහැ.

    Video එකක් viral video එකක් වෙන්න ඉතාම කෙටි කාලෙකින් විශාල ජනප්‍රියත්වයක් ලබාගන්න ඕනෙ. සාමාන්‍යයෙන් සතියකින් දෙකකින් විතර views 500,000ක් වත් තියෙන්න ඕනෙ. ඒත් මේ video එකක් internationally popular වෙන්න. ලංකාවෙ video එකක් viral වෙන්න මෙච්චර views ඕනෙ වෙන්නෙ නෑ. ඒත් කෙටි කාලෙකින් ජනප්‍රිය වෙන්න ශෙයා කරන්න හිතෙන තාලෙ එකක් වීම නම් අනිවාර්යයයි.

    ගොඩක් අය හිතන විදියට viral videos මුලින්ම එලියට එන්නෙ Youtube වෙබ්සයිට් එක හරහා. ඒත් Youtube website එක පටන්ගන්නේ 2005 පෙබරවාරි 14 වෙනිදා. මුල්ම viral video වලින් එකක් ලෙස සැලකෙන The Spirit of Christmas video එක release වෙලා තියෙන්නෙ 1995 විතර. මේ videos පැතිරිලා තියෙන්නෙ e-mail හරහා. (Social media ලංකාවෙ හිට් වෙන්න කලින් කොච්චර chain mail ශෙයා උනාද කියල කට්ටියට මතක ඇති නෙ.)

    මෙන්න Spirit of Christmas video එක

    දැනට viral videos ගැන සාමාන්‍ය අදහසක් එන්න ඇති කියල හිතනව. Viral videos කියන්නේ කෙටි කාලයක් තුළ දී social network හරහා ශෙයා වීම නිසා ජනප්‍රිය වෙන video. එතන එච්චර ගැටලුවක් නෑ. ඒත් ඇයි හැම video එකක්ම viral නොවී සමහර ඒව විතරක් හිට් වෙන්නෙ?

    Youtube වල Trends Manager Kevin Alloca කියන විදිහට video එකක් viral වෙන්න බලපාන සාධක තුනක් තියනවා.
    1. ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ/ ආයතනයක බලපෑම මත (TV එකේ, වෙබ්සයිට් එකක ප්‍රසිද්ධ පුද්ගලයෙක් ඒ ගැන සඳහනක් කරොත් වගේ)
    2. සමාජීය සහභාගීත්වය නිසා (Ice bucket challenge, Harlem Shake වගේ)
    3. අනපේක්ෂිතබව නිසා

    මේ ක්‍රම තුනෙන් ඕනේම ක්‍රමයක් නිසා විඩියෝ එකක් වයිරල් වෙන්න පුළුවන්. ඒත් මේ එක මතයක් විතරයි. තව ජනප්‍රිය මතයක් තමයි viral videos තනිකර රඳාපවතින්නේ ඒවා උපදවන හැඟීම් (emotions) නිසා කියලා. මේක මමත් පෞද්ගලිකව විශ්වස කරන දෙයක්. අපි video එකක් ශෙයා කරන්න හිතනවා නම්, ඒවා ගොඩක් වෙලාවට funny, surprising විඩියෝ viral වෙන්න තියන සම්භාවිතාව වැඩියි.

    මේ ගැන හොයද්දි මට Medium කියන සයිට් එකේ තිබිල හම්බුනා කෙල්ලෙක් viral video එකක් හදපු හැටි ගැන. Viral video එකක් හදන්න අදහසක් තියනවා නං ට්‍ර්යි කරල බලන්න.

    1. මුලින්ම හොඳ interesting content තියන video එකක් හදාගන්න ඕනෙ. ඔයා ඒ විඩියෝ එක දැක්කොත් ශෙයා කරයිද කියල හිතල බලන්න. යාළුවො සෙට් එකගෙනුත් අහල බලන්න මොකද හිතෙන්නෙ කියල. විඩියෝ එක සුපිරි නං එළකිරි.

    2.දැන් තියෙන්නෙ මාකටින් පාර. Facebook/ twitter/ google+ එකේ ඉන්න සෙට් එකට කියන්න විඩියෝ එක බලල ශෙයා කරන්න කියල. Spam කරල බල කරන්න එපා. විඩියෝ එක සුපිරි නං අනිවා ඒ කට්ටිය සප් එකක් දෙයි. තව Reddit, Digg, වගේ සයිට් වල පෝස්ට් කරන්න. දන්න බ්ලොග් ලියන, ලොකු twitter base එකක් තියන කෙනෙක් ඉන්නව නං විඩියෝ එක ප්‍රොමෝට් කරන්න පුලුවන්ද කියල අහල බලන්න.

    3.අනික් වැදගත්ම දේ තමයි video එක release කරන වෙලාවයි දවසයි. ලංකාවෙ නං සිකුරාද හවස ඉඳන් සඳුදා උදේ වෙනකං කට්ටිය ගොඩක් active. Weekdays වල ඒ තරම් නෑ, ගොඩක් අය වැඩ නිසා. (වැඩේට ෆුල් සීරියස් නං පොඩි research පාරක් දාල බලන්න, රිලීස් කරන්න හොඳම වෙලාව ගැන)

    4. තව දෙයක් තමයි video title එක. Title එක පට්ට interesting වෙන්න ඕනෙ විඩියෝ එක වයිරල් යන්න නං. (එළකිරි එකේ thread දාන සෙට් එක නං මේක දන්නව. ඒකනේ හැම එකටම [18+] කියල දාන්නෙ :P )

    5. සාමාන්‍යයෙන් video length එක අඩු වෙන තරමට හොඳයි. මිනිත්තුවකට අඩුවෙන් තියනව නං සුපිරි. සාමාන්‍යයෙන් මිනිත්තු 5ට වඩා ගන්න එපා. Vine විඩියෝ එකක් වගේ හදන්න පුළුවන් නං එළ.

    6. ඊළඟට ප්ලෑන් එකක් තියෙන්න ඕනෙ. විඩියෝ එක හිට් උනා කියමුකෝ. ඊට පස්සෙ එන traffic එක direct කරන්න ඔක්කොම රෙඩි කරල තියෙන්න ඕනෙ. Blog එකක්, Youtube චැනල් එකක්, Website එකක් ප්‍රොමෝට් කරනව නං ඒව full අප්ඩේට් කරල සුපිරියට තියෙන්න ඕනෙ. කොච්චර හොඳ video එකක් හැදුවත් site, blog, channel එක චොර නං, ආයෙ එකෙක් පැත්ත පළාතෙ එන්නෙ නෑ :P

    මේ ගැන කොච්චර දෙනා කොහොම කිව්වත් video එකක් අනිවාර්යයෙන් viral වෙන්න හදන්න ක්‍රමයක් නෑ. ඒත් ගොඩක් අය දැන් අවුරුදු ගානක් තිස්සේ මේ ගැන හොයනවා. Viral video marketing වලටම specialize වෙලා තියන company ගොඩක් තියනවා. ඒ viral video marketing වලට යන වියදම සාපේක්ෂව අඩු නිසා. ඒ නිසා තමයි Coca-Cola වගේ companies ඒ viral content තියන videos රිලීස් කරන්නෙ.

    මේ Coca-Cola release කරපු ඒ වගේ විඩියෝ එකක්.



    මේ තියෙන්නෙ ඒවගේ viral වෙන්න හදපු marketing/ advertisements ටිකක්. සමහර ඒව නං ගොඩක් අය දැකල ඇති.

    Old Spice


    John Lewis


    Budweiser

    මේ ගොඩක් විඩි‍යෝ වල අරමුණ කට්ටියට brand එක ගැන අමතක වෙන එක නවත්වන එක. ගොඩක් වෙලාවට ලංකාව වගේ රටක මේක සිද්ධ වෙන්නෙ TV ඇඩ්ස් හරහා. Kottu Mee වගේ brands දිගට හරහට ඇඩ්ස් දාන්නේ ඒ නිසා. (කාට හරි නූඩ්ල්ස් කියල කිව්වොත් මුලින්ම Kottu Mee කියන නම ඔලුවට එනව නං මේ දේ සාර්ථකව සිද්ධ වෙලා තියනව) ඒත් international market එකට මේ වැඩේම කරන්න ගියොත් යන වියදම බොහොමත්ම වැඩියි, ඒක හින්ද තමයි ගොඩක් brands වයිරල් මාකටින් වලට වැඩිපුර focus එකක් දෙන්නෙ. ලංකාවෙ නං මේ තත්ත්වය තාම නෑ. ඒත් viral marketing concept එක මෙහේ ජනප්‍රිය වෙන්න එච්චර කාලයක් යන එකක් නං නැහැ.

    මම මේ දවස්වල Viral Marketing සබ්ජෙක්ට් එක research කරනවා Thesis එකක් ලියන්න. දැනට හොයාගත්ත කරුණු ටිකක් එකතු කරල තමයි Post එක දැම්මෙ. පොඩි හරි දෙයක් දැනගත්ත නං bump එකක් දාල යන්න.

    තව පොඩි දෙයක් ඉල්ලන තියනව, මිනිත්තු පහක් වැය කරන්න පුළුවන් නං, මගේ Thesis එකට MCQ ප්‍රශ්න කීපයකට (Survey) උත්තර දීල යන්න පුළුවන් නං ලොකු උදව්වක්. වෙලා නැත්තං අවුලක් නෑ.

    මෙන්න English version එක - English
    මෙන්න සිංහල version එක - සිංහල


    මට සප් එකක් දීපු, ත්‍රෙඩ් එක බම්ප් කරපු ඔක්කොටම බොහොම ස්තුතියි!
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    වෙළඳ නාම ප්‍රචාරණය සඳහා viral marketing භාවිතය

    අදහස් පළ කර ATHA
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    උබත් වටෙන් ගිහින් කොහොමහරි marketing පාරක්නෙ දැම්මේ?? හා නැද්ද කියහන්.. :P :D
    මොනා උනත් එළ.... ඔන්න survey එකත් කළා.. සුබ පැතුම් මචෝ..
     
    • Like
    Reactions: indikson

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    බම්ප් කරපු කට්ටියටයි, Survey එකට සප් එකක් දීපු අයටයි බොහොම ස්තුතියි.

    බම්ප් එකක් දාල යන අයට Rep දෙනවා. :yes:
     
    • Like
    Reactions: SHANUXLK

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Thanks bump karapu kattiyata. Ada dawasata rep iwarai (limit eka panala). Reload una gaman kattiya okkotama rep denawa.