Virtual Realityයෙන් ඔබ්බට

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Virtual Reality වල සීග්‍ර නැග්මක් මේ වකවානුවේ සිදුවන බව ඔබ වැඩි දෙනෙක් දන්නවා ඇති. විශේෂයෙන්ම පරිඝණක ක්‍රීඩා මුල් කරගෙන ගොඩනැගෙන මෙම තාක්ෂණය නුදුරු අනාගතයේදීම සීඝ්‍ර දියුණුවක් අත්පත්කරගන්න බවත් පෙනෙන්නට තිබෙනවා.
    Virtual Reality උපාංගයක් තුලින් මූලික වශයෙන් සිදුවන්නේ, හිස හරවන ආකාරය අනුව ප්‍රේක්ෂකයා දකින දිශාව වෙනස් කොට දර්ශණය වීමට සැලැස්වීමයි. ඒ තුලින් ප්‍රේක්ෂකයාට තමා සැබෑ පරිසරයක් තුල සිටින බවක් දැනෙනු ඇත. පහත රූ පෙළ නැරඹීමෙන්, virtual reality යන සංකල්පය තවදුරටත් අවබෝධ කරගත හැක.

    රූප පෙල 1: Introduction Virtual Reality by Oculus

    ක්ෂේත්‍රයේ ප්‍රාරම්භකයා වූ Oculus VR ආයතනය මේ වන විට Oculus Rift CE ලෙස පාරිභෝගික සංස්කරණයක්ද වෙලඳපලට නිකුත් කර ඇති අතර, Samsung සමාගම හා ඒකාබද්ධව Gear VR නමින් ස්මාට් ජංගම දුරකතන සඳහාද VR උපාංගයක් වෙලඳපලට ඉදිරිපත් කර ඇත.
    lowLatencyHeadTracking.jpg

    රූපය 1: Oculus Rift CE

    one.jpg

    රූපය 2: Gear VR

    Sony සමාගමේ Project Morpheus හරහා හඳුන්වා දෙන Virtual Reality උපාංගය Oculus සමාගමේ පළමු තරඟකරුවා වූ අතර, ඔවුන්ගේ පළමු එලිදැක්වීමෙන් Oculus සමාගමට වඩා ඉදිරියෙන් සිටීමට ඔවුන් සමත්විය.
    newmorpheus_960pxhedimg.jpg

    රූපය 3: Morpheus VR for Playstation 4

    Oculus, Samsung සහ Sony සමාගම් මෙසේ තරඟකාරී ලෙස VR උපාංග ආශ්‍රිත තාක්ෂණය ඉදිරියට රැගෙන යන අතර, මේ හා සම්බන්ධ අමතර උපාංග ගොඩනැගීමට තවත් සමාගම් උනන්දු වූයේ, Virtual Reality තුලින් "පරිඝණක ක්‍රීඩා" ක්ෂේත්‍රයේ සිදු කරන පරිණාමය සුළු කොට තැකිය හැකි නොහැකි බැවිනි.
    පරිඝණක ක්‍රීඩා වල නියැලෙන විට ලබන ක්‍රීඩාමය අත්දැකීම සැබෑ අත්දැකීමකට සමාන කිරීමට දරන මෙම උත්සහය තුල, ක්‍රීඩකයාගේ සියළු හැසිරීම් හා පරිඝණකයේ සියළු ප්‍රතිචාර වෙන් වෙන් වශයෙන් ප්‍රතිමූර්තිමත් කිරීමට යම් යම් ආයතන මේ වන විටත් සමත්ව ඇත.

    පර්ගණක ක්‍රීඩාවක් තුල ක්‍රීඩකයාගේ ගමන් කිරීම සැබෑ ස්වරූපයට ප්‍රතිමූර්තිමත් කිරීමේ මූලික පියවරක් වූයේ විශාල පාපන්දුවක් තුල ගමන් කිරීමට ක්‍රීඩකයාට අවකාශය සැලසීමෙනි. ප්‍රායෝගික මට්ටමෙන් එය තරමක් අසාර්ථක නිර්මාණයක් වූ අතර, ක්‍රීඩකයාට ක්‍රීඩාව තුල ගමන් කල හැකි විකල්ප ක්‍රම සෙවිමටද බොහෝ අය උත්සුක විය. ඒ අතරින් 2013 මුල දී සාර්ථක නිර්මාණයක් කල Cyberith ආයතනය Ciberith Virtulizer නමින් උපාංගයක් ඉදිරිපත් කලේය. එම සංකල්පයම යොදාගනිමින් Virtuix ආයතනයද Omni නමින් වඩාත් සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කලේය.
    timthumb.php

    රූපය 4: පාපන්දුවක් තුල ගමන් කිරීම

    cyberith-virtualizer-virtual-reality-gaming-e1391580005819.jpg

    රූපය 5: Cyberith Virtualizer

    omni_product.png

    රූපය 6: Virtuix Omni

    Cyberith Virtualizer
    නුදුරේදීම වෙළඳපලට ඉදිරිපත් කිරීමට නියමිත Cyberith Virtualizer පිළිබඳ වැඩි විස්තර නිල වෙබ් අඩවියට පිවිසීමෙන් බලාගන්න.

    icons_top-430x110.png

    රූපය 6: Cyberith Features

    run.jpg

    රූපය 7: Move with Cyberith

    jump.jpg

    රූපය 8: Jump with Cyberith

    sit.jpg

    රූපය 9: Sit with Cyberith


    රූප පෙල 2: Cyberith Gameplay


    රූප පෙල 3: Battle Field 4 Multiplayer with Cyberith

    Viruix Omni
    Viruix Omni ද නුදුරේදීම වෙළඳපලට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ පිළිබඳ වැඩි විස්තර නිල වෙබ් අඩවියට පිවිසීමෙන් බලාගත හැකිය.

    2148in8.gif

    රූපය 10: Viruix Omni Commercial Ad

    Omni ප්‍රධාන උපාංගය හා සමගාමීව ක්‍රීඩා උපකරණ කිහිපයක්ම Omni පැකේජය යටතේ ඉදිරිපත් කෙරේ.
    shoes_product.png

    රූපය 11: Omni Shoes

    pods_product_3.png

    රූපය 12: Omni Tracking Pods

    harness_product1.png

    රූපය 13: Omni Harness

    rack_product.png

    රූපය 14: Omni Rack


    රූප පෙල 4: Omni Gameplay


    රූප පෙල 5: Battle Field 4 Multiplayer with Omni

    KOR FX
    KOR සමාගමෙන් එලි දක්වන ස්පර්ශ ආදර්ශකය මෙහි සඳහන් නොකල හොත්, එය විශාල අඩුවක් වනු ඇත.

    photo-7.jpg

    රූපය 15: KOR-FX කබාය

    KOR-FX මගින් පරිගණක ක්‍රීඩාවකදී ඇතිවන ගැටීම් හා කම්පන ඔබේ ශරීරයට දැනීමට ඉඩ සලසනු ලබයි.


    රූප පෙල 6: KOR-FX Gameplay

    2015 මැයි © ජොසී
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mama nam hithanne na ban loku wenasak wei kiyala :D ohoma gadget ellagena kohomada game gahanne :) owa hodai theme parks wala ara winadi 10k wage sellum karanna :D kinect ekath hithuwa tharam success na ne :D will c .... ;)
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    දැක්කම ආසාවේ බෑ බන්. ගන්න ඕනෙ එකක්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කම්පියුටර් මේසේ ලග ඉදං ගේම් නොගහා වෙන විදිහකට ගහන්න පුලුවං වෙයි ඉස්සරහට :D
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ඇග මහන්සි කරල game ගන්න මිනිස්සු කැමති වෙයිඩ බන්
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කම්පියුටර් මේසේ ලග ඉදං ගේම් නොගහා වෙන විදිහකට ගහන්න පුලුවං වෙයි ඉස්සරහට :D
    :yes::yes::yes:
    ඇග මහන්සි කරල game ගන්න මිනිස්සු කැමති වෙයිඩ බන්
    මම නම් හිතන්නෙ, ඒකට අකමැති වෙන එකක් නෑ. මොකද මිනිස්සු simulation ගේම් ගහන්නෙ ගොඩක් වෙලාවට ගන්න බැරි experience එකක් ගන්න. ඉතිං, experience එක හොඳටම ලැබෙන ක්‍රමවේදයකට ගොඩක්ම කැමති වෙයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. දවසින් දවස එක එක ගැජට් නම් එනවා බං.. ඔව්වට ඉතිං සල්ලි තමා නැත්තෙ..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇග මහන්සි කරල game ගන්න මිනිස්සු කැමති වෙයිඩ බන්
    ඔව් ඕක අදකාලෙට ගැලපෙනවා මචං.. අදකාලෙ ගොඩක් උන්ගෙ ඇඟ මහන්සිවෙන්නෙ නෑනේ.. එළියට පහළියට බැහැලා සෙල්ලමක් කරන උන් අදකාලෙ ඇත්තෙ නෑ.. හිටියත් ගමේ ගොඩේ තමා.. ඉතිං ලෙඩ වැඩියි.. මේ වගේ දේවල් නම් හොඳයි..:yes: