මෙම චිත්‍රපටය සුවිශේෂ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි ගේ අධ්‍යක්ෂනයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයීය සිනමා හා රූපවාහිනී අධ්‍යන සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරියේෂණ ව්‍යාපෘතියකට සමගාමීව බිහිවූ නිර්මාණයක් වන බැවිනි.
ඒ අනුව ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට නවමු පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලාංකීය විශ්ව විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම චිත්‍රපටය ලෙස "වියසිදුරු" ඉතිහාසයට එක්වනු ඇත.
"වියසිදුරු" චිත්‍රපටය ස්වීඩනයේ පැවැත්වුණු 3 වන බොඩෙන් ජාත්‍යන්තර සිනමා උළෙල (Boden International Film Festival - BIFF) නියෝජනය කරමින් මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයට (First Time Feature Film) හිමි සම්මානය දිනාගත් අතර පසුගිය කාලයේදී තරග කළ සම්මාන උළෙල කිහිපයකදී ම සම්මානයට පාත්‍ර වී ඇත.
එනම්.
Best Debut Filmmaker Of Feature Film - INDO FRENCH INTERNATIONAL FILM FESTIVAL 2021,
SPECIAL JURY AWARD (BEST DEBUT FEATURE FILM)
Golden Sparrow International Film Festival 2021
Best High Schools film - Madonie Film Festival, Region of Sicily, Italy 2021,
Best International Feature Film - Port Blair International Film Festival 2021,
Best Postmodern Film - Tagore International Film Festival
නැවුම් අත්දැකීමක් සහ නවමු කතා තේමාවක් ඔස්සයේ එලිදක්වන මෙම සිනමා පටය ශ්‍රීලාංකීය ප්‍රේක්ෂකයින්ට හා ශ්‍රී ලාංකීය සිනමාවට නව බලාපොරොත්තුවක් එක් කරනු නොඅනුමානය.
From Shalani Tharaka FB
