bumpethakota mokakda hoda
samarasinghe hodaida?
math dan naki, dura penne na![]()
Bumpසතියකට විතර කලින් Vision Care Ward Place එකන් spectacles හදාගන්න ගියා එතනදි මට service එක දුන්න ඔෆිසර්ව මට ශුවර් උනේ නෑ මොකද මට ගෙනල්ල දුන්න ෆ්රේම් එකක්වත් මගෙ මූණෙ පලලට හරි ගියෙ නෑ. මගෙ ඉස්සරහ තිබුණ ෆ්රේම් එකක් පෙන්නල ඉල්ලුවම පොර අතට දුන්නෙත් නැතුව කිව්වා ඒක ඔයාට මදී කියලා ඊට පස්සෙ පොර කිව්වා අපි සන්ග්ලාස් ෆ්රේම් එකක් හදමු කියලා ලෙන්ස් මාරු කරලා කියලා මම කිව්වා හරි එහෙනම් ගේන්න කියලා (Tommy Hilfiger 25000 LKR) එකක් ගෙනාවා ඒක මට සෙට් උනා මම කිව්වා හරි එහෙනම් මේක හදමු කියලා. මම සල්ලිත් සේරම (32000 LKR) ගෙවලා ආවා. සතියකට විතර පස්සෙ ගිහින් අදට දවස් දෙකකට වගෙ කලින් ගත්තෙ මම. ඒ වෙලාවෙ ඇත්තටම වැඩිය බැලුවෙත් නෑ ගියා ගත්තා ආවා එහෙම්ම මම වැඩ කරන තැනට ගියා. ඊයෙ බලනකොට එකේ Arm Balance නෑ මේසෙ උඩ තිබ්බම Unbalance එක හොදට පේනවා තව එකේ සීරියල් නම්බර්ස් මැකිලා Brand name එක මැකිලා මම අද උදේ google කරා අම්මටසිරි මේක දාර කොපියක් අද නිදහස් දවස නිසා උන්ගෙ Land Line වැඩ නෑ වෙලාවට මට service එක දුන්න එකාගෙ කාඩ් එක දීලා තිබුනා උට කතා කරා ඌ නම් කිව්වෙ වෙන්න බෑ කියලා කොහොම හරි හෙට උදේ අරන් එන්න කිව්වා. දැන් මම මේක හෙට උදේ අරන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා. මේ නූල දැම්මෙ තව කෙනෙක් අමාරුවෙ නොවැටෙන්න. හෙට මේකට මොකද උනේ කියලා update එකක් දෙන්නම්
:
2022 February 05 Update
උදේ පාන්දර කුකුළ අතේ අරන් ගියා එතනට 7.15 විතර උට එපා වෙන්න ඇතිකරන්න දෙයක් නෑ මම කිව්වා මේක මෙහෙම වෙන්න බෑ මේ වගේ ආර්ම් එකෙ තියන ඒවා මැකෙන්න බෑ කියල ඌ පිලිගන්නෑ මම වීඩියො දාගෙන හිටියෙ ඌ පිළිගත්තොත් වැරදිලා හරි උන්ට බඩු බනිස් නෙහ් ඒ පාර මට ෆ්රේම් අනන් මනන් ගෙනල්ල පෙන්නුව ඒව අවුලක් නෑ ඒවා මෙඩිකල් ලෙන්ස් නෙහ්. මම කිව්වා ඕවා වැඩක් නෑ මට දුන්න වගේ සන්ග්ලාස් එකක්ම අරන් එන්න කියල වෙන බ්රැන්ඩ් එකකින් කියලා අරන් ආවෙ නෑ මෙඩිකල් ඒවමයි අරන් ආවෙ උට මම කිව්වා මෙහෙම වෙන්නෑනෙ බන් ඔරිජිනල් එකක කියලා දැන් ඌ මේක එහාට මෙහාට අරන් ගියා මම කිව්වා මට ෆුල් රිෆන්ඩ් එක ඕන කියලා. කිව්වා දවස් 4-5 යනව කියලා මම කිව්වා මට එහෙම වැඩක් නෑ ඔයාලගෙන් ලියුමක් දෙන්න කියලා. දෙන්න බෑ කිව්වා.මම කිව්වා මට දවස් 10 දාල දෙන්න කියලා. ඊට පස්සෙ කිව්වා මැනේජර් එනකම් පොඩ්ඩක් ඉන්න කියලා විනාඩි 5 යන්න උන්නැ ආවා පොර කඩ්ඩෙන් ටෝක් කරන්න ගත්තා හිතන්න ඇති කොර වෙයි කියලා මමත් කතා කරා විනාඩි 2-3 යන්න උන්නෑ පොර ස්වදේශී භාශාවට මාරු උනා මමත් මාරු උනා පොර වැඩි වාද කරන්න ගියෙ නෑ තේරුනා වැඩේ රිෆන්ඩ් එක දෙන්නම් කිව්වා මගෙ ෆයිල් එක අස්සෙ ඔෆිස් එකෙන් කණ්නාඩියට ක්ලේම් කරන්න දාපු කොලේ කොපියක් තියනව දැකලා ඒ ක්ලේම් එක කැන්සල් කරලා මේල් එකක් ඉල්ලුවා ඒක දාපු ගමන් රිෆන්ඩ් එක දෙන්නම් කිව්වා. පොරගෙ කාඩ් එකක් දීලා ඒකෙ පිටිපස්සෙ විස්තරෙ ලියලා අත්සනත් දාලා දුන්නා ෆ්රේම් එක එයාලා තියාගත්තා. අහ් තව ඇහුව අපි මේක අපේ ස්ටෝස් එකට යවල එහෙන් මේ ජාතියෙ හොද ෆ්රේම් එකක් ගෙන්නගෙන හදල දෙන්නද කියලා මම කිව්වා එපා මට සත පහකට ශුවර් නෑ ඔයාලව කියලා. ෆ්රේම් එකේ නෝස් පෑඩ් එක ඉදලම දෙපැත්තෙ හැඩ දෙකක් මම ඒව පෙන්නුව ඒක නම් එක පාරට පේන්නෑ ටිකක් හොදට බලන්න ඕන. දැන් ඉක්මනට රිෆන්ඩ් එක ගන්න තමයි ඕන. මේක මම ගත්තා කියමු මෙතනින් ඉවර වෙයි හැබැයි තව සෑහෙන්න අහු වෙයි. මෙහමයි මේ වගෙ ලාභ හොයන්න යන්නෙ මනුස්සයෙක්ගෙ ලෙඩකින් නෙහ් ප්රතිඵල හම්බෙයි එයාලට. කිරියෙ නැද්ද කවුරුත් Ministry of Consumer Affairs Authority එකේ.
Wikramarachchi set una apita, kalin Vison care thamai giye unge brou ganan kiyala therunama Wickramarachchi try kalaVision Care nathiwa kkohenda ganna hoda ?