VPN එකක් ගන්න ඕන සල්ලි දිල. මොනවද හොද තියෙන්නේ recommendations යූස් කරන අයගෙන්. ඩිවයිසස් 6ක්වත් අඩුම ඇඩ් කරන්න ඕන.
ExpressVPN?VPN එකක් ගන්න ඕන සල්ලි දිල. මොනවද හොද තියෙන්නේ recommendations යූස් කරන අයගෙන්. ඩිවයිසස් 6ක්වත් අඩුම ඇඩ් කරන්න ඕන.
මොකටද ඔයතරම් වුවමනාව? මමනම් මුකුත් නිර්දේශ කරන්නේ නැහැ.
සල්ලි දීල ගන්න හිතනව නම් ඒ ගාන දීලා අවශ්‍ය රටෙන් පොඩි VPS එකක් ගන්න, නැතිනම් අදාළ රටේ අ.ජා.කෙ (IP) ලිපිනයක් තෝරාගෙන VPS එකකට අමුණන්න. සමාගම එම රටේ වෙන්න ඕන නැහැ.
ඕපන්වීපීඑන්, වයර්ගාර්ඩ් හෝ ප්‍රතිවර්ත ප්රතියුක්තකයක් (රිවර්ස් ප්‍රොක්සි) සකසා ගන්නා ආකාරය පිළිබඳව රූප සටහන් සහිතව ලිපි තියනවා. ඉන්පසුව ඔබගේ හා සේවාදායකයේ ගිනිපවුර (ෆයර්වොල්) දෙපාර්ශ්වයේ අ.ජා.කෙ (IP) ලිපින හරහා සම්බන්ධතා පිළිගැනීමට පමණක් සකසන්න. සරලයි.
පැණ විසඳුම්
1. ඔක්කොම ස්ථාපනය කළා, සම්බන්ධ වෙන්න බැහැනේ.
අන්තර්ජාල සමාගම් සාමාන්‍යයෙන් පාරිභෝගිකයින්ට පෞද්ගලික අ.ජා.කෙ (IP) ලිපින දෙන්නේ. ඉතිං කතා කරලා ප්‍රසිද්ධ ලිපිනයක් (Public IP) වුවමනා කරන බව කියන්න. අය කිරීමක් සිදු වන්නේ නැහැ.
2. ගෙදර අ.ජා.කෙ (IP) ලිපිනය සැරින් සැරේ වෙනස් වීම මෙයට ගැටළුක් ද?
ලිපිනය වෙනස්වීම ඉතා වටිනවා. මෙහි දී සේවාදායකයේ ගිනිපවුර ස්වයංක්‍රීයව යාවත්කාල කෙරෙන මෘදුකාංගයක් භාවිතා කරන්න පුළුවන්, නැතිනම් අතින් යාවත්කාල කරන්න. නොඑසේ නම්, අන්තර්ජාල සේවා සපයන ආයතනයට කතා කරලා ස්ථිර ලිපිනයක් ඕනෙයි කියන්න. හැබැයි මාසිකව රු. 500 හෝ 1000 ක් අය කරයි.
3. මොනවද මේ මෙවලම්? ගිනිපවුරකටත් උදාහරණයක් ඕනේ.
අ) ඕපන්වීපීඑන් - https://openvpn.net
ආ) වයර්ගාර්ඩ් - https://www.wireguard.com
ඇ) ප්‍රතිවර්ත ප්රතියුක්තකයක් (රිවර්ස් ප්‍රොක්සි) - https://github.com/fatedier/frp
ඈ) ගිනිපවුරක් - https://configserver.com/configserver-security-and-firewall/
(මෙය මෘදුකාංග ගිනිපවුරක්, එමෙන්ම දෘඩාංග ගිනිපවුරු ද තිබෙනවා. දෘඩාංග ගිනිපවුරක් සඳහා එම උපාංගයක් ද මිලදී ගන්න ඕන. එච්චර දේවල් ඕන නැහැ. සත්කාරක සමාගමෙන් (හොස්ටින්) නම් එයාලගේ දෘඩාංග ගිනිපවුර භාවිතා කරන්න දෙනවා)
අමුතු පුද්ගලයෙක්පට්ට බ්‍රෝ. උපාධි කඩ සුද්දොන්ට ඇටි හැලෙන්න දීලා තියෙනවා.
ඌ කියන මෙලෝ දෙයක් මට තේරෙන්නෙ නෑ