මෙලෝ දෙයක් මට තේරෙන්නෙ නෑ
vpn ගැන තේරුමක් තියෙනව, vps කියන්නෙ මොකක්ද බං?
සේවාදායකයක් (සර්වර්) තිරය රහිතව ඔබගේ ගෙදර පරිගණකය වගෙයි. නමුත් 10 / 20 ගුණයක් හෝ ඊට වඩා කාර්යක්ෂමයි. එවැන්නක් ව්‍යාපාරික මට්ටමේ තාක්ෂණික කටයුතු සඳහා සුදුසු නිසා මාසික හෝ වාර්ෂික පදනම යටතේ කුලියට ගැනීම මුදල් නාස්ති වීමක්. මේවා සමර්පිත සේවාදායක (Dedicated Server) ලෙස හඳුන්වනවා. බොහෝ සමාගම් වලින් කුලියට ගැනීමේ දී පූර්ණ ප්‍රවේශය ලබා දෙන අතර අවශ්‍ය නම් පාරිභෝගිකයින්ට සමාගමේ ගොඩනැගිල්ලට පැමිණ කුලියට ගත් සේවාදායක දැකබලා ගන්නත් අමතර දෘඩ තැටි ආදිය ද සවි කර ගැනීමටත් පුළුවන්.
VPS - අතථ්‍ය පෞද්ගලික සේවාදායක (Virtual Private Server)
ඉහත සඳහන් සේවාදායකයක් තාක්ෂණිකව කොටස් වලට බෙදා කුලියට ලබා දීමේ දී මෙලෙස හඳුන්වනවා. උදා. මම උපකල්පනය කරන ආකාරයට එලකිරිය පවා ක්‍රියාත්මක වන්නේ මෙවැනි VPS ක් තුළයි. කෙසේ වුවත් බොහෝ සමාගම්වල (උදා. ඇතැම් ඩයලොග්, SLT සේවා පවා) හා රාජ්‍ය ආයතනවල විවිධ සේවා ලබා දීමේ දී මේවා භාවිතා කරනවා. ඔබගේ පරිගණකයේ ධාරිතාවටත් වඩා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණ දක්වා පරාසයකින් තිබෙන නිසා තමන්ට සුදුසු ප්‍රමාණයක සේවාදායකයක් අඩු මිලට ගන්න පුළුවන්.
අනෙක් තේරෙන්නේ නැති දේවල් අහන්න. නැතිනම් දීර්ඝව ලියන්න වෙනවා
ඇයි VPN නිර්දේශ නොකරන්නේ?
මෙම සමාගම් ඉහත සඳහන් කළ සමර්පිත සේවාදායක හෝ VPS ලොව පුර සමාගම් වලින් කුලියට ගෙන ඒවා තුළ ඕපන්වීපීන්, වයර්ගාඩ් හෝ ආශ්රිත වෙනත් සේවාදායක පාර්ශ්ව මෘදුකාංගය කට්ටලයක් ස්ථාපනය කර අනෙක් අනුග්‍රාහක පාර්ශ්ව මෘදුකාංගය අභිරුචිකරණය කර ඔබට ස්ථාපනය කර ගැනීමට දෙනවා. ඉතිං ඔවුන්ට ඔබ කරන කියන සියළු දෑ බලන්න, සටහන් තබා ගන්න (ස්වයංක්‍රීයව පටිගත කරගන්න) පුළුවන්. එම දත්ත විවිධ මුදල් ඉපැයීමේ ප්‍රයෝජන සඳහා යොදාගන්නා අතර ඇතැම් විට රජයන් වෙත නීතිමය හේතූන් මත හෝ බුද්ධි කටයුතු සඳහා මුදලට ලබා දෙනවා. සමහර සේවා සටහන් තබා නොගන්නා බව අලෙවිකරණ ප්‍රයෝගයක් ලෙස පවසන බව ඔබ දැක ඇති. කෙසේ වෙතත් ඔබලා ඉහත දක්වා තිබෙන සේවා දත්ත රැස් කරන බව සාක්ෂි සහිතව හෝ සැලකිය යුතු තරමේ තොරතුරු රහිතව පසුගිය කාලයේ දී අහන්න ලැබිලා තියනවා.