Vps එක SeedBox එකක් විදියට පාවිච්චි කරමු!

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
Vps එක SeedBox එකක් විදියට පාවිච්චි කරමු!

හුග දෙනෙක් දැන් වෙද්දි movie torrent download කරන්න පටන් අරන් තියෙනවා සහ download කරපු torrent seed කරන්න පටන් අරන් තියෙනවා.ඉතින් මේකට සමහරු තමන්ගේ පෞද්ගලික පරිගණකය පාවිච්චි කරනවා.මම හිතුවා අපි ගාව තියෙන vps එකෙන් මේ වැඩේ කරනවිදිය කියලා දෙන්න.

මම මේ සදහා භාවිතා කල vps එකේ විස්තර

1 GB RAM
25 GB SSD
UBUNTU 16.04
1 CORE
ඔය ටික තම මම හිතන විදියට වැදගත් ටික සහ දැන් අපි පටන් ගමු CONFIGURE කරන්න.

මුලින්ම ubuntu update කරගෙන ඉන්න.

HTML:
sudo apt-get update

HTML:
sudo apt-get upgrade
මතක් කරලා command එකෙන් එකට ගහන්න.

අවශ්‍ය library එක install කරගමූ


HTML:
sudo apt-get install libssl1.0.0 libssl-dev
දැන් ubuntu ඉන්ස්ටෝල් කර ගමු. මේ ubuntu 3 පොයින් තුන.32බිට් වර්සන් එක.


HTML:
wget http://download-new.utorrent.com/endpoint/utserver/os/linux-i386-ubuntu-13-04/track/beta/ -O utserver.tar.gz
අපි download කරපු file එක move කරන්න ඔනි


HTML:
sudo tar -zxvf utserver.tar.gz -C /opt/
දැන් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් විදියට permission දෙන්න ඕනි


HTML:
sudo chmod 777 /opt/utorrent-server-alpha-v3_3/
Utorrent server එක link කරන්න ඔනේ මේ path එකට


HTML:
sudo ln -s /opt/utorrent-server-alpha-v3_3/utserver /usr/bin/utserver
Almot ඩන්.දැන් utorrent එක start කරමු.


HTML:
utserver -settingspath /opt/utorrent-server-alpha-v3_3/
&
දැන් තියෙන්නේ ඔයාගෙ server එකට log වෙන එක.

ඔයාගේ server එකේ ip එකට පස්සෙ :8080/gui කියලා ගහන්න.

Eg-: 127.0.0.1:8080/gui

දැන් username එකට admin දීලා log වෙන්න.(pw එක හිස්)

දැන් එහෙනං ඔයගේ seedbox එක අත්විදින්න👊👊.ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන් comment එකක් දාන්න.
නොමිලේ vps ගන්න විදිය මෙතන කතා උනා

https://make.lk/නොමිලේ-vps-ලබා-ගමු/

Source -: https://make.lk/vps-එක-seedbox-එකක්-විදියට-පාවිච්චි/