ලංකාව කියන්නේ කොච්චර සුන්දර රටක් ද කියල මට හිතුනේ ඉන්දියා සංචාරෙන් පස්සෙ..කලිනුත් මං දන්නව..ඒක ඔප්පු උනා මට ඒ සංචාරෙන්..
මං කියන්න වගේ.. ලංකාවෙ මිනිහෙක් නං, සිංහල කතා කරන්න ඕන, සීගිරියට නැගල තියෙන්න ඕන, දුම්රියෙන් බදුල්ලට ගිහින් තියෙන්න ඕන...
ඉතිං මෙදා සැරේ අපි සූදානම් උනේ ඒ සුන්දර ලංකාවේ මං අන්තිමට කිව්ව ඒ කෝච්චි පාරේ පොඩ්ඩක් ඇවිදල..කොත්මලේ වේල්ල බලන්න යන්න..
ඉතිං අපේ සංචාර කඩිමුඩියේ නේ කරන්නේ..මෙන්න මෙහෙමයි මෙදා සැරේ අපේ සංචාරේ පටන් ගත්තේ..
................................
වෙලාව දවල් 12.20ට විතර ඇති..පෙරා කෝල් කලා..
JK 5ට කොටුවට එන්න පුලුවන්ද?
අඩේ මට තාම ශුවර් කරනන් බෑ..ඔෆිස් ඉවර වෙලා meeting එක ගොඩක් වෙලා තිබ්බොත් නම් ඉවරයි..
එල එල..බලපන් කෝ..මං චමීට එන්න කියන්නම්..
එල පොරට එන්න කියනන..මං කොහොම හරි එනව..
හවස 5.15යි..
Brother..මං off උනා..කට්ටිය කොහාටද සෙට් වෙන්නේ..?
පෙරා : උඹයි දිලුමයි මරදානට සෙට් වෙයන් ..මං චමීව අරන් කොටුවෙන් සෙට් වෙන්නම්...

ඔන්න ඔහොමයි අපි සෙට් උනේ..
මායි දිලුමයි මරදානෙන් කෝච්චියට නැගල කොටුවට ගියා , එතනින් අපිට චමි සහ පෙරේරා සෙට් උනා..මෙදා සැරේ අපේ සංචාරයට අපේ සහෝදරයා බෝල්ට් එකතු උනේ නෑ පෞද්ගලික හේතුවක් නිසා..ගම්පොලින් බංඩ සෙට් උනා...ඒ නිසා මෙදා සැරේ අපේ team එක 5යි
MR PERERA , Chamikawp, JaasBandara, BC_Dilum, Pathum87 ,
හා
මේ මම (jkadithay)
.........................
* අරමුන... / Mission
ඔහිය සිට ඉදල්ගස් හින්නට දුම්රිය මාර්ගය දිගේ යාම සහ කොත්මලේ ජ්ලාශය නැරඹීමත්, ලංකාවේ සුන්දරත්වට අත්වීදීමත්ය..
* යන්නේ කොහොමද? Transport
අපේ සාමන්‍යයෙන් ගමන් කරනේ කොච්චියෙන් සහ බස් එකෙන් තමා...
කොළඹ සිට ඔහිය දක්වා දුම්රියෙන්
ඔහිය සිට ඉදල් ගස් හින්නට පයින්..
ඉදල් ගස් හින්නේ සිට ගම්පොල දක්වා දුම්රියෙන්
ගම්පොල සිට කොත්මලේ දක්වා සහ නැවත කොළඹ දක්වා බසයෙන්..
* ගමන් මාර්ගය.. Route

* නවාතැන්...Accommodation
අපි මෙදා සැරේ සංචාරයේදී නැවතුනේ අපේ ගෙදර..ජාස් ගේ අම්මට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන අපිට රසම රස කෑම හදල දුන්නට..ඒ වගේම ජාස් ගේ පවුලේ ඔක්කොටම ගොඩක් ස්තූති වන්ත වෙනන් ඕන හැම දේකටම

* අරන් යන්න ඕන මොනාද? what should we bring with us
බිං ගෙවල් ඇතුලෙන් යද්දි කලුවරයි..ව්දුලි පන්දම් අරන් යන්න අමතක කරන්න එපා..

වැඩි දෙයක් නෑ.වතුර බෝතලයක්, මග් තොටදි කන්න දෙයක් අරන් යන්න..හරිම සැහැල්ලුයි, සරලයි..නිදහසයි..
* special notes
ගමනාන්තය දක්වා ටිකට් පත ළග තබා ගන්න..
මේ සංචාරය ඉතාමත් budget සංචාරයකි..
* ඔයාලට ඔහියේ ඉන්දන් ඉදල් ගස් හින්නට යන්න අවසරයක් ඕනේ රේල් පාර දිගේ යන්ව නම්...මේක ටිකක් අවදානම් වැඩක් ..
......................
එහෙනම් අපේ සංචාරය පටන් ගමු....
අපි රෑ 8ට කොටුවෙන් පිටත් උනේ...කනන් බොන්න දේවල් අපි කොටුවෙන් ගත්ත ඒ වෙලේ..


ඔෆිස් ඉවර වෙලා නිසා කට්ටිය හොද මහන්සියෙන් හිටියේ..අපිට මෙදා සැරේ නම් ඉදගන්න සීට් හම්බුනා..ඒ නිසා අපි හොද නින්දක් දාන් යන්න කියල තමා කතා උනේ..


අපි ඉන්දන් ඉද්දි මෙන්න එක පාරටම මනුස්සයෙක් ඇවිත් සීට් 2 මැද්දේ බිම නිදා ගත්ත..ඒ මනුස්සය නිකන් ගෙදර ඇදක නිදා ගන්නව වගේ නිදා ගත්තෙ කිසිම ගානක් නැතුව...

ගම්පොලින් බංඩ සෙට් උනා...

මගදි පොඩි බඩ ගින්නක් සෙට් උනා..පෙරා ගෙනත් තිබ්බ පොඩි කෑමක් ..ඔන්න ඉතිං චාමිකය මුල පිරුව ඒක කන්න..


අර නිදන් හිටපු මනුස්සය ඒ වෙද්දි ඇහැරිලා..ඉතිං අපි ඒ මනුස්සයටත් කන්න දුන්න අපි කාපු එකෙන්..
අපේ චාමික හිත හොද සංගීතයට ලැදි කොල්ලනේ..

චාමික නිකන් අර මනුස්සය එක්ක කතාවක් දාල සිංදුවක් කියමුද ඇහුව..බැලින්නම් මිනිහ විශාරද කෙනෙක් .

කොහොම හරි චාමිකට කෝව්වියක් ඇතුලෙදී ප්‍රථම වතාවට track එකක් release කරන්න පුලුවන් උනා..

Chamikawp Ft R.Sami...



කොහොමද හැකියාව..?? ඔතනදි මං කියපු ට්ක පෙරා ගෙන් අහ ගන්න පුලුවන්..

මහ රෑ 2ට විතර ඒ පෙට්ටියේ හොදට නිදාගෙන හිටපු මිනිස්සු උඩ ගිහින් ඇහැරුනේ..මාරම හැකියාවක්..

තව පොඩ්ඩේන් අපිටත් හොද ප්‍රේක්ශක ප්‍රතිචාර බලා ගන්න තිබුන..

ඒ අස්සේ එහා පැත්තේ තව මනුස්සයෙක් ට තැබිලි ගැන ප්‍රශ්නයක් වෙලා..ෆුල් ෆන් ..

කොහොම හරි උදේ පාන්දර 5ට විතර අපි ඔහිය දුම්රියපොලෙන් බැහැ ගත්ත..

එතනදි අපට හමුබුන මේ අන්කල් කෙනෙක් අපිට එයාලගෙ ගෙදර එන්න ආරාධනා කලා තේ එකක් බොන්න..බලන්න ලංකාවේ කොච්චර සුන්දර මිනිස්සු ඉන්නවද කියල.


වැලිමඩ එහෙම යනවන්ම් ඔන්න එතන බස් එකක් තියනව

කඩියා..

මේ තියෙන්නේ ඔහිය දුම්රිය ස්ථානය



මේ හෝටන් ප්ලේන්ස් අඩවියයි..ඔතනින් ඉස්සරහින් වමට ගියාමත් අපිට හෝටන් ප්ලේන්ස් යන්න පුලුවන්..

අපි කට්ටිය හොද බඩ ගින්නේ හිටියේ..එතන ඉස්සරහම කඩයක් තියනවා..

කියවීම මිනිසා සම්පුර්ණ කරයි

අපි සුපුරුදු පරිදි තේකක් බීල අපේ කලින් සංචාරයක වගේ රොටී කෑවා..
මෙන්න උණු උණු රොටී

කා බෑ.


අපි උදේ හොදට සප්පායම් වෙලා අපේ hike එක පටන් ගත්ත..
ඔයාලට ඔහියේ ඉන්දන් ඉදල් ගස් හින්නට යන්න අවසරයක් ඕනේ රේල් පාර දිගේ යන්ව නම්...මේක ටිකක් අවදානම් වැඩක් ..
කොච්චි එන වෙලාව ගැන අවබෝධයක් තියෙන්න ඕන..
කි.මී. 9ක් ඇවිදින්න පුලුවන් වෙන්න ඕන..
බය කියන දේ අදුනන් නැති වෙන්න ඕන...
උත්සහය සහ ආසාව කියන දේ තියෙනන් ඕන..


අපි උදේ 6ට තමා අපේ පා ගමන පටන් ගත්තේ..
8 වෙද්දි ඉදල්ගස් හින්නට කෝච්චිය එනව..ඊට කලින් අපි එතනට යනන් ඕන..



මෙන්න අපි hike එක පටන් ගත්ත..


මෙහි තියන විශේෂත්වය තමා...කි.මී. 9ක් අතුලත බිංගෙවල් 14ක් හමු වීම...ඉතා දිගු බිං ගෙවල් සහ පොඩි බිං ගෙවල් හම්බෙනව...

ඒ වගේම අපිට යන්න තියෙන්නේ කැලෑ මාර්ගයකින්...අපිට මෙ ගමන ගැන සම්පුර්ණ වගකීම ගමන යන කට්ටිය බාර ගන්න ඕන..

බිං ගෙවල් අතුලෙන් යද්දි එකටම යන්න..ඒ වගේමයි, මේක හරියට ගේම එකක් වගේ..අපි 8 වෙද්දි ඊළග දුම්රිය නැවතුමත් යන්න වෙනව,..

නැත්නම් ආයේ පැය 3කට කෝච්චියක් නෑ..

(මේ බිං ගෙවල් 14 ගැනම සම්ග මේ කොච්චි පාරේ විස්තරය..)
ඔන්න කෑලෑව අතුලට



මෙන්න මෙතන නම් හරිම ගුප්ත තැනක්..හරිම අමුතුයි...


බිංගෙයක් ඉදිරියෙනි..

අදුරෙන් එලියට..






කොච්චර නම් කෝච්චි ගිහින් ඇත්ද?

බිංගෙයක් තුලින් යමු...




බිං ගෙය ඇතුලේ වවුල් රාජධානියක්..

වවුල් බෙටිත් ඕන තරම්

හදිස්සියේ හරි කෝච්චියක් ආවොත් ඉන්න පුලුවන් ආරක්ශිත කුටි තමා මේ..

ඈතිං ආලොකයක්


බිං ගෙයින් එලියට



ගමන ඉවර නෑ...


සංචාරයයෝ ඉදිරියටම...



බිං ගෙයක් තුලින් තවත් බිං ගෙයකට

පාලමක් ඉදිරියෙන්..


සිහියෙන් ගියේ නැත්නම් අවසානය තමා..



වට පිට ලස්සන..










තවත් පාලමක්


Alions?




අපි සංචාරේ...




එකක් තුලින් එකක්..

ආ මග කෙටියි... යා යුතු මග දුරයි...

"සංසාරෙන් අපි සමුගන්නා දා...ඒ ගමනත් අපි එකට යමු.."



මේ මොනවද මේ?

new songster Chamikawp

enjoy of hiking...


උඩුවේරිය තේ වත්ත..

තාම කී දාහක් මේ පාරේ යනවද?



මෙතන ඉදන් හපුතලේ පේනව,,


අපි මෙතනට එද්දි හරියටම 8 වෙලා...අපිට් මගදි පොඩි මල්ලි කෙනෙක් හම්බ උනා..එයාගේ උදව්ව නිසා තමා අපිට කෝච්චිය අල්ල ගන්න පුලුවන් උනා..අපිත් එක්ක ස්ටේශන් එකටම දුවන් ආව.. ඒ මල්ලියාට ගොඩක් ස්තූති වන්ත වෙනන් ඕන අපි..එයාට අපිට උදව්වක් කරන්න බැරි උන එකට නම් ගොඩක් දුකයි..

දුවල් දුචල ගිහින් කෝච්චිය අල්ල ගත්ත නිසා අපිට ඉදල්ගස් හින්නේ ෆොටෝස් නම් ගන්න උනේ නෑ..ලංකාවේ තියන ලස්සම දුම්රිය ස්ථානයක් තමා ඉදල්ගස් හින්න කියන්නේ..