Watch eke katu 10:10ta thiyenne ai?

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඔරලෝසු ගන්න ගියාම, එහෙම නැත්නම් වෙළඳ දැන්වීම් වල පුවත්පත් දැන්වීම් වල ඔයාලා දැකලා ඇති ඔරලෝසුවේ කටු 10.10ට තමයි තියලා තියෙන්නේ. :yes:
ගොඩක් brands තමන්ගේ ඔරලෝසු ප්‍රචාරණය කරන්නේ ඒ විදියට තමයි. ඉතින් ඔයාලට හිතිලා තියෙනවද ඇයි ඒ කියලා? :confused:

ZOwybkU.jpg


ඔන්න ඒකට හේතු කීපයක්ම තියෙනවා...:D

✽ ඔරලෝසුවේ සඳහන් සන්නාමය සහ වෙළඳ සලකුණු විදිමත්ව ප්‍රදර්ශනයට බාධාවක් නොවන ලෙස ඔරලෝසුවේ කටු 10.10ට තියනවා.
වෙන විදියකට ඔරලෝසුවේ කටු තිබුනොත් සන්නාමය සහ වෙළඳ සලකුණු හරියට දිස් වෙන්නේ නැ. ඉතින් අපි ඔරලෝසුවක් මිලදී ගනිද්දී
ඒ දේවල් පරික්ෂා කරන්න සහ ප්‍රචාරණයක් විදියට තමයි ඔරලෝසුවේ කටු 10.10ට තියන්නේ.

✽ 10.10 පිහිටීම සමමිතික “v” නිසා ගණුදෙනුකරුවන්ට එය වඩාත් ආකර්ශනීය වන බව විශ්වාස කෙරෙනවා. එමෙන්ම ඔරලෝසුවේ
කටු V හැඩයට පැවතීමෙන් ඔරලෝසුවේ මුහුණත සිනාසෙන මුහුණක හැඩය ගන්නා බව ඇතැමුන්ගේ මතයක්ද පවතිනවා.

✽ සන්නාමය සහ වෙළඳ සලකුණු විදිමත්ව ප්‍රදර්ශනයට ඔරලෝසුවේ කටු 8.20ට තියන්නත් පුළුවන්. නමුත් එයින් ^ අසතුටු මුහුණතක් දිස්වන නිසා
ගණුදෙනුකරුවන්ට එය ප්‍රසන්න නොවන බවට අදහසක් තියෙනවා.

zZVS74E.jpg


✽ සමහර ඓතිහාසික සිද්ධින් නිසා මේ විදියට කරනවා කියන එක තවත් මතයක්. උදාහරණ විදියට ඇමරිකානු ජනාධිපති ලින්කන් සහ ඇමරිකානු ජනාධිපති කෙනඩි ඝාතනය වූ වෙලාව,
මාටින් ලුතර් කිංග් ඝාතනය වූ වෙලාව සහ ඇමරිකානුවන් ජපානයට පරමාණුක බෝම්බ දැමු වෙලාව වැනි දේවල්. නමුත් මේවයේ නම් සත්‍යතාවයක් නොමැති බව
හිතාගන්න පුළුවන්.


ws4JXgQ.jpg


HX3b2KZ.jpg


7IpbIGy.jpg


විස්තර අන්තර්ජාලයෙන්
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මෙතන බොරු දාලා මිනිස්සුන්ව නොමග යවන්න එපා. 10:10 කියන්නෙ සෙනසුරු නීච වෙලා සඳු සිකුරා උච්ච වෙන බලගතු නැකත් වෙලාවක්. මේ වෙලාව තුල ආකර්ශනිය ශක්තිය ඇතිකරවන වෙලාවක් නිසා ඔරලෝසු විකුන ගන්නත් මේක පාවිච්චි කරනවා.
     
    • Like
    Reactions: visalbro