Web site එකක් හදන හැටි

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    Web site එකක් හදන හැටි

    Web site එකක් හදන හැටි දන්න අය ඉන්නවදෝ
    ඉන්නවනම් මට පොඩි විස්තරයක් දෙන්න.ලොකු උදව්වක්.
    :confused:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඔය වෙබ්සයිට් වැඩේට අලුත් කෙනෙක් නම්, පලවෙනි වතාවනම් මේ, ඔයාට හොදයි මුලින්ම බ්ලොග් එකක් හදන එක.
    එක හරිම සිම්පල් දෙයක්. ඉගෙනගන්නත් ලේසියි නේ ... ගුගල් සමාගමෙන් ඒ පහසුකම දෙනවා http://www.blogger.com/ යන්න.
    අවශ්‍ය වෙනවා ඔයාට ජි මේල් අකවුන්ට් එකක් ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ youth club එකක් ගැන web site එකක්

    සාමාන්‍යය සරල වෙබ් සයිට් එකක් හදන්න වුණත් HTML, CSS ගැන දැනගන්න වෙනව. එහෙම දැනුමක් නැතුව හදනවනම් ඉතින් ඔයාට පුළුවන් වෙබ් හොස්ටින් සයිට්වල දෙන Wizard එකක් පාව්ච්චි කරන්න. එහෙමත් නැත්තම් සරල සොෆ්ට්වෙයාර් තියනව ඒ වගේ පොඩි සයිට් හදල දෙන. ඒවල Microsoft Word වල කරනව වගේ කරන්න පුළුවන්.

    එහෙම වෙබ් සයිට් එකක් හදා ගත්තත් ඒක Publish කරන්න ඕන වෙන දේවල් වගයක් තියනව. Domain Name එකක් හා Web Hosting Server Space එකක් ඕන වෙනව. ඩොමේන් නේම් එකනම් සල්ලි දීලම තමයි ගන්න වෙන්නෙ. වෙබ් හොස්ටින් නම් නොමිලේ දෙන ඒව වුණත් තියනව. සල්ලි දීල ගන්න පුළුවන් ඕනනම්. හැබැයි ඒවට මාසයක් ගානෙ ගෙවන්න වෙනව.

    (ගොඩක් පැහැදිලි කරන්න ඕන දෙයක්. මූලික දේවල් ගැන කියුවෙ)