Website එකකට Copyrights ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ.. ඒක ඔයාගෙම Codes වලින් නම් හදල තියෙන්නෙ ඉබේම Copyrights හම්බෙනව... ඒ කියන්නෙ මෙහෙමයි.
අද පටන් ගත්ත කියන්න සිරාම සයිට් එකක් හදන්න.. දවස් 5කින් විතර ඕක ටිකක් හදල ඉවරයි කියන්නකො.. ඔයාගෙ GMAIL එකකින් Source Code එක ZIP කරප File එකක් ඒ කිව්වෙ ඒ වෙද්දි හදල තියෙන ටික තමන්ගෙ තව වෙන GMAIL එකකට වයල තියන්න දිනයයි නමයි ගමයි NIC එකයි Body එකේ Type කරල. ඒ විදියට Source Code එකේ Versions 5k 6k හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක එක දවස් වල හදපුව ඒ විදියට යවල තියා ගන්න.. මොකෙක් හරි සයිට් එක ඉස්සුවොත් නඩුවක් දාල සාක්ෂි විදියට අර දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්.
Concept එකට Copyrights ගන්න බෑ. Source Code එකට විතරයි Copyrights හම්බෙන්නෙ... Software & Websites, Web Applications වලට මේ විදියට තමයි ඉබේම Copyrights හම්බෙන්නෙ.. Wordpress වගේ වලින් හදල නම් ඒවට හම්බෙන්නෙ නෑ මම දන්න විදියට...
මයික්‍රෝ කාර් කොම්පැනියෙ වැඩ කරන කාලෙ මම ආසාවට System එකක් හදල ඒක ඒකෙ ලොක්කො මංකොල්ල කන්න ගිහින් Copyrights කෑල්ල ඉස්සරහට දාල ගේම ඉල්ලල අහක් වෙලා ආව මම මීට අවුරුදු ගානකට කලින්.. Copyrights ලෝ එක කියන්නෙ පට්ට... සෙල්ලම් කරන්න බෑ හරියට සාක්ෂි තියෙනව නම් අපි ලඟ...