Weddin Mafia

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    තමා සන්තකව ඇති මුදල් නැති නාස්ති කරගනිමින් සිය අනාගතය උදෙසා ඉතිරි කර ගත යුතු වත්කම් කාබාසිනියා කරගනිමින් හතර අතේ ණය වෙමින් විවාහ මංගල උත්සව සැමරීමේ රැල්ලක් වත්මන් සමාජයේ නිර්මාණය වූයේ කෙසේද යන කරුණ පැහැදිළි කිරීමට මා හට දැනුමක් නැත.

    එහෙත් වර්තමානයේ නිර්මාණය වී ඇති මේ රැල්ල දිනෙන් දින කූට වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට පත් වී ඇති හෙයින්ද අහිංසක මධ්‍යම පාන්තිකයන් දැන හෝ නොදැන දිනපතා ඔවුන්ට ගොදුරු වෙමින් සිටින හෙයින්ද මේ ගැන සටහනක් තැබිය යුතුම යැයි සිතමි.

    මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළු වීම ඔවුන්ගේ ජීවිත වල ඉතාම අපහසුවෙන් පසුකරගත යුතු කඩයිමක් බවට පත්වී හමාරය. අපහසුවෙන් පසුකරගත යුතු කඩයිම වී ඇත්තේ විවාහ දිවියට එළඹීම හෝ ඉන්පසු ආරම්භ කිරීමට නියමිත අලුත් ජීවිතය නොවේ.

    විවාහ මංගල උත්සවයයි.

    තමා භාවිතා කරන ජංගම දුරකථනයෙන්, පදවන වාහනයෙන් පමණක් නොව තම නිවසේ සිටින සුනඛයාගෙන් පවා තම සමාජ තත්වය අන් අයට හඬ ගා කියන්නට උත්සාහ කරනා සමාජ ක්‍රමයක් තුළ විවාහ මංගල උත්සවයන් සඳහා මිනිසුන් මෙපමණ වැදගත්කමක් දීම අරුමයක් නොවේ.

    තමාට හිමි සමාජ තත්වය අන් අය ඉදිරියේ තහවුරු කර ගැනීමට සහ තමාට නැති සමාජ තත්වයක් අන් අය ඉදිරියේ මවා පෑමට විවාහ මංගල උත්සවය නැමති සාදය හැකි උපරිම වැර යොදා මහා ඉහළින් සංවිධානය කිරීමට මිනිසුන් නොකරන දෙයක් නැති තරම්ය. ඒ බව තේරුම් ගෙන ඇති කූට ව්‍යාපාරිකයන් මේ විවාහ මංගල උත්සව වටා රොක් වෙමින් දිනෙන් දින එයට තව තවත් විච්චූරන ඇතුළත් කරන්නේ ඉන් පැහැදිළි ලාභයක් සන්තක කරගත හැකි බැවිනි.

    විවාහ මංගල උත්සවය පවත්වන Hotel එක, මනාල යුවලගේ ඇඳුම් වල පෙනුම සහ වටිනාකම, ඔවුන්ට ඇන්දවීමේ කටයුතු කරන රූපලාවන්‍යශිල්පියා/ශිල්පිනිය, ඔවුන් පළඳින ආභරණ, දෙවන මනාල මනාලියන් ගණන, ඡායාරූපකරනය සහ වීඩියෝකරනය සඳහා භාරදී ඇති Studio එක, ඔවුන් රැගෙන එන වාහනය, විවාහ මංගල උත්සවය සංගීතවත් කරන Band එක, පිළිගැනීම සඳහා නැටුම් කණ්ඩායම්, අමුත්තන් සඳහා සංග්‍රහ කෙරෙන මධුවිත වර්ගයේ Brand එක, going away එකට අඳින ඇඳුම් සහ පළඳින ආභරණ, Honeymoon යන නගරය සහ ගත කරන දිනගණන..

    වැනි එකී මෙකී නොකී අංග සියල්ලෙන් සිදුවන්නේ විවාහ මංගල උත්සවය සහ අදාල දෙපාර්ශවයේ සමාජ තත්වය පිළිබඳ ඇගයීමකි. ඉහත සඳහන් කල අංග මෙන්ම තවත් බොහෝ දේ වලින් සමන්විත අංගසම්පූර්ණ විවාහ මංගල උත්සවයක් පැවැත්වීමට ලැබීම අද බොහෝ දෙනා සලකන්නේ තමාගේ ජීවිතයේ ලබන ජයග්‍රහණයක් ලෙසය.

    මා මෙහිදී මතු කරන්නට උත්සාහ කරන්නේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් සැමරීම නොකල යුතු වැරැද්දක්ය යන අදහසක් නොවේ.

    මීට වසර කිහිපයකට පෙර දෙවන මනමාල මනමාලියන් දෙසියයකින් සමන්විත වුන විවාහ මංගල උත්සවයක් ලාංකිකයෙක් සැමරූ අයුරු පුවත්පත්වල පවා පලවුන අන්දම මෙම සටහන කියවන ඔබටත් මතක ඇති. එහි කිසිම ගැටළුවක් නැත. තමා උපයන මුදල් නීත්‍යානුකූල ලෙස තමාට අවශ්‍ය අන්දමට වියදම් කිරීමේ නිදහස ඕනෑම කෙනෙකුට තිබිය යුතුය.

    ගැටළුව පැනනඟින්නේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් ගැනීමට වත්කමක් නොමැති සාමාන්‍ය මධ්‍යමපාන්තිකයන්ද තමාගේ වත්කමටත් වඩා වියදම් කොට සමාජය ඉදිරියේ ගරුත්වය ලබා ගැනීමේ අරමුණින් අධික වියදම් දරා විවාහ සාදයන් පැවැත්වීමට උත්සාහ කිරීමේදීය.

    මෙසේ විහින් අසරණ වන මධ්‍යමපාන්තිකයින් අධික වියදම් දරමින්, බංකු ණය පවා ලබා ගනිමින් මෙම සාදය සංවිධානය කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස කබලෙන් ලිපට වැටෙන අයුරු ගැන ලියන්නාට පුද්ගලික අත්දැකීම් ඇත.

    මාගේ ඈතින් නෑදෑයකු වන නැන්දා කෙනෙක් ඇයගේ සැමියාට සිය කාරය විකුණා ප්‍රධාන පෙළේ හෝටලයක සිය දියණියගේ විවාහ මංගල උත්සවය ගැනීමට බල කලේ වෙන කිසිම හේතුවක් නිසා නොව, ඇයගේ නැගනියගේ දියණියගේ විවාහ මංගල උත්සවයද රටේ ප්‍රධාන පෙළේ හෝටලයක සැමරීම නිසා ඒ තරඟය ජය ගැනීමටය.

    නොයෙකුත් අන්දමේ හීනමාන වලින් පෙළෙනා මෙවන් මිනිසුන් එක් දිනක පැය කිහිපයකට සීමා වන සාදයක් උදෙසා වසර ගණනක් මුළුල්ලේ ලක්ෂ ගණනින් ණය ගෙවීම වටහා ගැනීම සාමාන්‍ය මානසිකත්වයක් ඇති අයෙකුට පෙනෙන්නේ විසුළු සහගත හැසිරීමක් ලෙසය.

    ලක්ෂ ගණනින් වූ ණය තම මාස් පඩියෙන් අඩුවන සේ ගිවිසුම් අත්සන් කරන ඔවුන්ට විවාහයෙන් පසු ඔවුන්ගේ පින්තූර ඇල්බමවල ඉතිරි මුදල ගෙවා සම්පූර්ණ කිරීමට වසර ගණනක් ගතවන්නේ ඉන්පසු මුහුණ දෙන්නට සිදුවන ආර්ථික දුෂ්කරතා නිසාමය.

    මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව අලුතෙන් පටන් ගන්නා ජීවිතයේ පළමු මාසයේ සිටම අන් අයට කෑමට සහ බීමට වියදම් කල සහ අන් අයට පේන්න අඳින්න නටන්න වියදම් කල මුදල් වල ණය ගෙවීමට සිදුවීම කණගාටුවට කරුණකි. විවාහ දිවියට එළඹීමෙන් පසු ඔවුන්ගේ ජීවිත වල ගන්නා වැදගත්ම තීරණ වලට මෙම ආර්ථික අපහසුතා සෘජුවම බලපාන බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ.

    එක් දිනක් තුල ඔවුන්ට දරාගත නොහැකි ප්‍රමාණයෙන් මේ කරන වියදම නිසා ඔවුන්ගේ මුලු ජීවිතම වෙනත් මාර්ගයකට යොමු විය හැකිය. මේ නිසා මුහුණ දීමට සිදුවන ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තම පවුල් ජීවිතය, දරුවන්ගේ අනාගතය වැනි දේ වලදි ඔවුනට හිමිව තිබෙන්නට නියමිත වුනු හොඳම සහ සුදුසුම තීරණ ගැනීමට ඔවුන්ට හැකිවන්නේද නැත.

    ඒ තමාට හැකි සෑම සතයක්ම තම අනාගත සුබ සිද්ධිය කරා ඉතිරි කර බුද්ධිමත් ලෙස වියදම් කිරීම වෙනුවට තමාත් සමග තරග කරන, තමාට ඊර්ෂ්‍යා කරන, තමාගේ වැරදි සෙවීමට සැදී පැහැදී සිටින මිනිසුන්ට කන්න බොන්න ලබා දී ඔවුන්ගෙන් හොඳ අහගන්න මුදල් වියදම් කිරීම නිසාය. විසිකරන්නට තරම් මිල මුදලින් පොහොසත් අය කරනා දේ කරන්නට උත්සාහ කොට තවත් අසරණ තත්වයකට විහින් පත්වූ නිසාය.

    මේ සිහින සාදයන් සතියකට සැරයක් චැනල් දහයකින් දහපාරක් මාර්කට් කිරීම මඟින් කුමන ක්‍රමයකින් හෝ මඩිය තරකරගැනීමේ අරමුණින් ක්‍රියාකරන ව්‍යාපාරිකයින් වන රූපවාහිනී මාධ්‍යයන්ද මේ ආකල්පය සමාජගත වීමට විශාල වශයෙන් හේතු වී තිබෙන බව සඳහන් කල යුතුමය. මිනිසුන්ගේ මොල කෑම ආදායම් මාර්ගය කර ගත් මාධ්‍යන් විසින් දෙන ලණු සිතීමේ හැකියාවක් නැති මිනිසුන් විසින් රස කර කර කෑම පුදුමයකට කරුණක් නොවේ.

    අනුන්ගේ ගෞරවය සිඟමන් යදින්නට ගොස් ලක්ෂ ගනන් වියදම් කොට ප්‍රශ්න දාහක් මවාගෙන ජීවිතයම අවුල් ජාලයක් කරගන්න්නවට වඩා ණය බරින් තොරව, අනාගත අවශ්‍යතා වලදී මෙන්ම බලාපොරොත්තු නොවන හදිසි අවශ්‍යතා වලදී භාවිතා කරන්න යම් මුදලක් තමා ඉතිරි කොට ඇති බව දැනගෙන නින්දට යාමේ ඇති සැනසිල්ල වටිනවා නොවේද?

    යම් කෙනෙක් තමාගේ විවාහ මංගල උත්සවයක් සංවිධානය කිරීමට පෙර, වියදම්කරන සෑම සතයක් ගානේ, තමා වියදම් කරන්නේ තමාගේ උවමනාවටද නැත්නම් වෙන අයගේ සිත් සතුටු කරන්නද කියා වරක් දෙවරක් නොව, සියවතාවක් සිතා බැලිය යුතුය. තමා අන් අයගේ ඒ සිතුවිලිවල, අදහස් වල වහලෙක් වනවාද නැත්ද කියන කාරණය තමා තීරණය කල යුතුය. තමාගේ ආශාව නිසාම පමණක් වියදම් කලත් ඒ වියදම් කරන ප්‍රමාණය සත්‍ය වශයෙන්ම තර්කානුකූලද කියන එක සිතා බැලිය යුතුය.

    සිදුකල යුත්තේ මෙවන් බොලඳ සිහින ඉටුකර ගැනීමට තම අසරණ දෙමව්පියන්ටවත්, පෙම්වතාටවත් බල කිරීම නොව, බුද්ධිමත් තරුණයෙක්/තරුණියක් ලෙස අනාගතය ගැන සිතා වැඩ කිරීමය. ජීවිතයේ යථාර්තය තේරුම් ගැනීමය. හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් ලෙස වැඩ කටයුතු කලහොත් ඔබට සතුටින් සැනසිල්ලේ ජීවිතය ගෙවීමට හැකියාව ලැබෙනු ඇත.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    මම නම් කියන්නේ ලක්ෂ 15, 20 වියදම් නොකර ලගම හිතවතුන්ට පමණක් පොඩි උත්සවයක් පවත්වා wedding ෆොටෝස් ටික හරියට අරන් , වියදම් කරන්න හිතන් හිටපු සල්ලි Car එකකට හෝ අලුත් නිවසකට ආයෝජනය කල යුතු ය.:yes: නෑදෑයන් ට ඕන මගුලක් කියා ගන්න කියල පාඩුවේ ඉන්න තියෙන්නේ.:frown:
     
    • Like
    Reactions: snm1990

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මෙහෙමයි.. සල්ලි, බල පුළුවන්කාරකම තියෙන ඌ උගෙ සල්ලි වලින් බලපුළුවන්කාරකමෙන් රටට ලෝකෙට පෙනෙන්න වෙඩිං ගන්නවා. සල්ලි නැති අන්ත හිඟන උනුත් ඒව දැකලා "අපිත් ඒ වගේ මඟුල් කෑවෙ නැත්තං වස ලැජ්ජාවක්" කියල හිතාගන්නව. වටේ ඉන්න උනුත් ඒකටම උඩගෙඩි දෙනව. අනේ අර මෝඩ හැත්ත සේසතම සූරලා ණයත් වෙලා මඟුලක් කරගන්නවා. අන්තිමට හූල්ලනවා ලියුම් කවර ටික දිගාරිද්දි. ඔයාලෑ අහවලා තමා මෙහෙම මඟුලක් ගමු කිව්වෙ, දැන් සල්ලිත් නෑ. ඇයි ඔයාලගෙත් අහවල්ලු මෙහෙම කිව්ව නෙ. අන්තිමට බලපුවාම උන් දෙන්නටම ඕනකමක් තිබිල නෑ එහෙම වෙඩිම ගන්න.

    සල්ලි තියෙන ඌ අද නෙවෙයි ඉදිරියටත් මීටත් වඩා හොඳට වියදම් කරලා වෙඩිං ගන්නවා. නැති උන්ගෙන් කොටසක් ණයට කරන්න ගිහින් ඇනගන්නවා. තව කොටසක් බණ කියනව. තව කොටසක් ඇත්තටම තමන්ට තියෙන හැටියෙන් චාම්ව, ගැලපෙන විදියට වෙඩිම කරගන්නවා. කොච්චර කොහොම කලත් අවුරුදු 2ක් යද්දි යන්තම් මතකයක් විතරයි තියෙන්නෙ. ඊට වඩා ජයටම තව එකෙක් මඟුල් කෑවම අරූ සෙකන්ඩ් වෙනව ඒ වෙඩිමට.
     
    • Like
    Reactions: Sara531

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සල්ලි තියේ නං ඉතින් මක් වෙනවද කැමති විදිහකට වියදන් කරගත්තම. සල්ලි නැති උන් ණය වෙලා තියෙන ඒවා විකුණලා වෙඩින් ගන්න එකනං බොරු වැඩක් තමා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    14+:D
    මේකෙ හුගක් ම පොයින්ට්ස් කියලා තියෙ ඇයි මෙහෙම වෙන්නෙ කියලා...
    නැදැයන්ට පෙන්න වෙඩින් ගැනිම.
    ටිවි එකෙ වෙඩින් ශො වලින් එවා ඔලුවට ගැනිම.
    වෙඩින් එකට වියදම් කරන ගානෙන් ඔවුන්ගෙ තත්වය මැනිම වගෙ දෙවල්...
    මට නම් හිතෙන්නෙ මේවායින් අනිත් මිනිස්සු උත්සාහ කරන්නෙ එයාලා වැටුන වලෙ අපිවත් වට්ටවන්න..උදාහරනයකට වෙඩිමට ලක්ශ 20ක් වි‍යදම් කරන්න අවුරුදු 5ක් වත් එවා එකතු කරන්න ඔනි නැත්නම් ලොන් එකක් අරන් අවුරුදු ගානක් ගෙවන්න ඔනි...ඉතින් එයාලා හදන්නෙ එයාලා වැටුන වලෙ අපිවත් දාන්න...වෙඩින් එකෙ චාර්ත්‍ර ටික කරලා හවස් වරුවෙ හැමොටම හොද පාර්ටියක් දුන්නා නම් ලක්ශ 5ක් වත් යන්නෙ නැ වෙඩිමකට...අනික තමා සමහර අය නෑයො කියලා අපි දන්නෙත් වෙඩින් එක දවසට....:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    14+:D
    මෙහෙමයි.. සල්ලි, බල පුළුවන්කාරකම තියෙන ඌ උගෙ සල්ලි වලින් බලපුළුවන්කාරකමෙන් රටට ලෝකෙට පෙනෙන්න වෙඩිං ගන්නවා. සල්ලි නැති අන්ත හිඟන උනුත් ඒව දැකලා "අපිත් ඒ වගේ මඟුල් කෑවෙ නැත්තං වස ලැජ්ජාවක්" කියල හිතාගන්නව. වටේ ඉන්න උනුත් ඒකටම උඩගෙඩි දෙනව. අනේ අර මෝඩ හැත්ත සේසතම සූරලා ණයත් වෙලා මඟුලක් කරගන්නවා. අන්තිමට හූල්ලනවා ලියුම් කවර ටික දිගාරිද්දි. ඔයාලෑ අහවලා තමා මෙහෙම මඟුලක් ගමු කිව්වෙ, දැන් සල්ලිත් නෑ. ඇයි ඔයාලගෙත් අහවල්ලු මෙහෙම කිව්ව නෙ. අන්තිමට බලපුවාම උන් දෙන්නටම ඕනකමක් තිබිල නෑ එහෙම වෙඩිම ගන්න.

    සල්ලි තියෙන ඌ අද නෙවෙයි ඉදිරියටත් මීටත් වඩා හොඳට වියදම් කරලා වෙඩිං ගන්නවා. නැති උන්ගෙන් කොටසක් ණයට කරන්න ගිහින් ඇනගන්නවා. තව කොටසක් බණ කියනව. තව කොටසක් ඇත්තටම තමන්ට තියෙන හැටියෙන් චාම්ව, ගැලපෙන විදියට වෙඩිම කරගන්නවා. කොච්චර කොහොම කලත් අවුරුදු 2ක් යද්දි යන්තම් මතකයක් විතරයි තියෙන්නෙ. ඊට වඩා ජයටම තව එකෙක් මඟුල් කෑවම අරූ සෙකන්ඩ් වෙනව ඒ වෙඩිමට.

    සල්ලි තියේ නං ඉතින් මක් වෙනවද කැමති විදිහකට වියදන් කරගත්තම. සල්ලි නැති උන් ණය වෙලා තියෙන ඒවා විකුණලා වෙඩින් ගන්න එකනං බොරු වැඩක් තමා.

    මේ කතා දෙකම ඇත්ත....සල්ලි තියෙන උන් කොහොම ගත්තාත් උන්ට දැනෙන්නෙත් නැ.අනික අය දෙන්නෙත් සුලු ගනන් නෙමෙයි.එත් මිඩ්ල් ක්ලාස් අය හයි ක්ලාස් වෙඩින් අරන් එන මිනිස්සු හරි හමන් ගානක් දුන්නෙ නැ කියලා බොරුවට අඩනව....
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    චාම්ව වෙඩින් එක අරන් පාඩුවේ හිටියනම් හරි.
    එතකොට දෙන්නම සතුටින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    14+:D

    මේ කතා දෙකම ඇත්ත....සල්ලි තියෙන උන් කොහොම ගත්තාත් උන්ට දැනෙන්නෙත් නැ.අනික අය දෙන්නෙත් සුලු ගනන් නෙමෙයි.එත් මිඩ්ල් ක්ලාස් අය හයි ක්ලාස් වෙඩින් අරන් එන මිනිස්සු හරි හමන් ගානක් දුන්නෙ නැ කියලා බොරුවට අඩනව....
    වෙඩින් එකකට එන මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එකත් මහ කැත වැඩක් මමනං කියන්නේ. මනුස්සයෙක්ට කෑම වේලක් දීල ඒකට සල්ලි ගන්නවා වගේ නෙ. සල්ලි හම්බෙන බව දන්නා හින්ද ලියුම් කවර වලින් ෂේප් කරගමු කියල ටිකක් වැඩියෙන් වියදන් කරනව.

    දවසක් නිවාඩු දාගෙන, ළමයින්ගේ ඉස්කෝල පාඩු කරගෙන, ඇඳුම් වලට, වාහන වලට එහෙමත් වියදන් කරගෙන ඇවිත් තව සල්ලිත් දීපල්ලකෝ :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙඩින් එකකට එන මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එකත් මහ කැත වැඩක් මමනං කියන්නේ. මනුස්සයෙක්ට කෑම වේලක් දීල ඒකට සල්ලි ගන්නවා වගේ නෙ. සල්ලි හම්බෙන බව දන්නා හින්ද ලියුම් කවර වලින් ෂේප් කරගමු කියල ටිකක් වැඩියෙන් වියදන් කරනව.

    දවසක් නිවාඩු දාගෙන, ළමයින්ගේ ඉස්කෝල පාඩු කරගෙන, ඇඳුම් වලට, වාහන වලට එහෙමත් වියදන් කරගෙන ඇවිත් තව සල්ලිත් දීපල්ලකෝ :baffled:

    අනිවාර්යයෙන් ම....එයාලා කැමැත්තෙන් දෙන එක වෙනම කතාවක්..මොකද අපිත් හිතන්න ඔනි.එයාලගෙ අලුත් ජිවිතෙට සුබ පතන්න.දෙයක් දෙන එක..එත් එවායින් රොල ගහන්න බලාගෙන වෙඩින් ගන්න එක නම් මෝඩම වැඩක්...මම නම් කොච්චර හයි ක්ලාස් වෙඩිමක් කිවිවත් රුපියල් 5000ට එහා දෙන්නෙ නැ තනියම යන්න උනොත්:angry::angry::angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    14+:D

    මේ කතා දෙකම ඇත්ත....සල්ලි තියෙන උන් කොහොම ගත්තාත් උන්ට දැනෙන්නෙත් නැ.අනික අය දෙන්නෙත් සුලු ගනන් නෙමෙයි.එත් මිඩ්ල් ක්ලාස් අය හයි ක්ලාස් වෙඩින් අරන් එන මිනිස්සු හරි හමන් ගානක් දුන්නෙ නැ කියලා බොරුවට අඩනව....

    සල්ලි තියෙන මිනිස්සුන්ගෙ වෙඩිං වලට ඉන්වයිට් කරන්නෙම ප්ලේට් එක 4500න් උඩ වගේ යන හොටෙල් වලට, තෝරගත්ත ඒ වගේම සල්ලි තියෙන මිනිස්සු කොටසකට. ඒ අයගෙන් ගොඩාක්ම කාලා බීලා ලියුම් කවරෙට 1000ක් 2000ක් දාන හිඟන්නො නෙවෙයි. ප්ලේට් එකේ ගාණ කවර් කරල තව අඩුම රුපියල් 2000ක් 3000ක් වත් තියෙන්න දාන අය. හුඟක් අය 7500ක් 10000ක් වගේ දාන්නෙ. මොකද එහෙම නැති වුනොත් අර සමාජ තත්ත්වෙට හොඳ නෑ ඒ මිනිස්සුන්ගෙ. ආයෙ අර මනුස්සයට මූණදෙන්න බෑ. ලැජ්ජයි. ඉතින් වියදම ගොඩක් කවර් වෙනව.

    ණය වෙන සිංහලුන්ට ඉන්නෙ ඒ වගේම අනාත සෙට් එකක්. අතරින් පතර ඉන්නව දල කාරයො 10ක් 12ක්. ඉතින් අරුන්ට වෙඩිමක් කිව්වාම පවුලෙම අය එක්ක ඇවිල්ල කාලා බීලා දාන්නෙ 4000ක් විතර. ප්ලේට් වලටම 6000 - 7000ක් විතර කොස්ට් එක දෙන්නෙක් තුන්දෙනෙක්ට. අපේ වෙඩින් ගත්ත සමහර යාලුවො කියනව මචන් මේ අහවලා ගෑණි එක්කම ඇවිල්ලා කාල බීලා රුපියල් 3000යි දාල තියෙන්නෙ කියල. ඒ ඒ සමාජ මට්ටම් වලට සෙට් වෙන ඒ ඒ යාලු මිත්‍රයො නෑදෑයො. :P

    ඔය ලොකුවට වෙඩිං ගන්න හයි ක්ලාස් මිනිස්සු ගොඩක්ම ඔය යන වියදම් වලින් ගොඩක් ආපහු හොයනවා එන අයගෙන්ම. ඒ ඒ මට්ටම් වල ඉන්න මිනිස්සු දන්නව මේක බොරුද ඇත්තද කියලා. :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    චාම්ව වෙඩින් එක අරන් පාඩුවේ හිටියනම් හරි.
    එතකොට දෙන්නම සතුටින්

    එක බොරු කතාවක්...දෙන්නම කැමති ලොකෙ තියෙන හොදම විදිහට වෙඩිම ගන්න. ....මගෙ යාලුවෙක් ගෙ වෙඩිමක් තියෙනවා දෙසැම්බර් එකෙ...කෙල්ලගෙ පැත්තෙන් වෙඩිම ගන්නවා ලු.කොල්ලගෙ පැත්තෙන් හොම්කමින් එක ගන්නවා ලු...කෙල්ලට අන්දවන්න එන්නෙ ප්‍රේමසිරි ගෙ ගොලයෙක් ලු...වෙඩින් එකට විතරක් ලක්ශ 20ක්...ෆ්‍රී ශුට් එකෙ ඇදුම් වලට විතරක් 50000ක්..කෙල්ලගෙ තාත්තා බැන්ක් එකක වැඩ කරන්නෙ..එ නිසා ලොන් එකක් දාලා...:baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේවා කොහොමද ගෑනුන්ට තෙරුම් කරන්නේ කියලත් කියපන්කො :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සල්ලි තියෙන මිනිස්සුන්ගෙ වෙඩිං වලට ඉන්වයිට් කරන්නෙම ප්ලේට් එක 4500න් උඩ වගේ යන හොටෙල් වලට, තෝරගත්ත ඒ වගේම සල්ලි තියෙන මිනිස්සු කොටසකට. ඒ අයගෙන් ගොඩාක්ම කාලා බීලා ලියුම් කවරෙට 1000ක් 2000ක් දාන හිඟන්නො නෙවෙයි. ප්ලේට් එකේ ගාණ කවර් කරල තව අඩුම රුපියල් 2000ක් 3000ක් වත් තියෙන්න දාන අය. හුඟක් අය 7500ක් 10000ක් වගේ දාන්නෙ. මොකද එහෙම නැති වුනොත් අර සමාජ තත්ත්වෙට හොඳ නෑ ඒ මිනිස්සුන්ගෙ. ආයෙ අර මනුස්සයට මූණදෙන්න බෑ. ලැජ්ජයි. ඉතින් වියදම ගොඩක් කවර් වෙනව.

    ණය වෙන සිංහලුන්ට ඉන්නෙ ඒ වගේම අනාත සෙට් එකක්. අතරින් පතර ඉන්නව දල කාරයො 10ක් 12ක්. ඉතින් අරුන්ට වෙඩිමක් කිව්වාම පවුලෙම අය එක්ක ඇවිල්ල කාලා බීලා දාන්නෙ 4000ක් විතර. ප්ලේට් වලටම 6000 - 7000ක් විතර කොස්ට් එක දෙන්නෙක් තුන්දෙනෙක්ට. අපේ වෙඩින් ගත්ත සමහර යාලුවො කියනව මචන් මේ අහවලා ගෑණි එක්කම ඇවිල්ලා කාල බීලා රුපියල් 3000යි දාල තියෙන්නෙ කියල. ඒ ඒ සමාජ මට්ටම් වලට සෙට් වෙන ඒ ඒ යාලු මිත්‍රයො නෑදෑයො. :P

    ඔය ලොකුවට වෙඩිං ගන්න හයි ක්ලාස් මිනිස්සු ගොඩක්ම ඔය යන වියදම් වලින් ගොඩක් ආපහු හොයනවා එන අයගෙන්ම. ඒ ඒ මට්ටම් වල ඉන්න මිනිස්සු දන්නව මේක බොරුද ඇත්තද කියලා. :yes:

    අනිවාර්යයෙන් ම.අපෙ අක්කා කෙනෙක් ගෙ වෙඩිමක් තිබ්බා..වෙඩිම ගත්තෙ කොල්ලගෙ පැත්තෙන්...මොකද එයාලට සෙනග වැඩිලු..කෙල්ලගෙ පැත්තෙන් 75ක් වගෙ.එත් කොල්ලගෙ පැත්තෙන් 500ක් විතර ඉන්නවා කිවුවා.එ නිසා එයාලා ගන්නවා කිවුවා..වැඩිපුර ම කොල්ලගෙ තාත්තාට තමා ඔනි උනෙ...එයාගෙ හොදම බර කාරයෙක්ට පවුල් පිටින්ම එන්න කිවිවා වෙඩිමට අඩුම 50000ක් වත් ලැබෙයි කියලා...
    කියන්න දුකයි අප්පා...උන් 6 දෙනෙක් ඇවිත්.ආර්පිකො එකෙ තියෙන්නෙ 900 යෙ බෙඩ්ශිට් එකකුයි,1200යෙ කෙට්ල් එකකුයි දිලා ගිහින්...:rofl::rofl::rofl::P:Pකොහොමද ටොපිය.තාත්තාන්ඩි එ මනුස්සයාට කියලා වෙනමම ඩබල් බ්ලැක් එකකුත් පුතාට කියලා අරගෙන:lol::lol::lol:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    patta talk eka machan..man danna doctor akka kenek bande doctor kenek dennama wedding Na register Una mahulu niwasa lama niwasa pansal walata Dane dunna. Echcharai
    Mage asawa mehemai nikam register wela India wage gihin wedding ekak ganna podi ekak.lokuwata neme. Eth ekata ggodak aya kamathi une Na munge thiyena Ara maha loku puke sinhale kiyana concept eka nisa Sinhala wela eka ekage widhiyata badinne mkada ahanawa. Eth un home coming eka ganne e widiyata adala.:lol: Passe Man hithuwa register wela wena rataka Rome Italy wage awidinna yanna.