Wedding වසංගතය ගැන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එකිනෙකාගෙන් වෙනස් වූ ජීවන අරමුණු සහ වටිනාකම් වලින් යුත් මිනිසුන් එකම කෝවක දමා මැනීමට හෝ එකම ආකාරයකට හැඩගැස්වීමට උත්සාහ කිරීම ඵල රහිත දෙයක් වගේම සිදු නොවිය යුත්තක්. එහෙත් වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට දිනෙන් දින පත් වෙමින් තිබෙන අහිංසක මධ්‍යම පාන්තිකයින් දැන හෝ නොදැන ඔවුන්ගේ ගොදුරු බවට පත් වෙමින් තිබෙන සීග්‍ර ලෙස දැනටම පැතිර ඇති වසංගතයකට සමාජයෙන්ම ප්‍රතිරෝධයක් ඇති වීමට කාලය එලඹ ඇති බව සක්සුදක් සේ පැහැදිලි හෙයින් අදාල කාරණය ගැන මගේ සත දෙක මෙසේ ඉදිරිපත් කිරීමට තීරණය කලෙමි.

    අප රටේ වත්මන් සමාජය විසින් විවාහ මංගල උත්සවයන් සැමරීම පවතින මෙම ශෛලය දක්වා වූ පරිනාමය පැහැදිලි කිරීමට බ්ලොග්කරුට දැනුමක් නැත. නමුත් වර්තමානයේ විවාහ මංගල උත්සවයක් සංවිධානය කිරීම මනමාල පාර්ශවයට මෙන්ම මනමාලියගේ පාර්ශවයටද ඔවුන්ගේ ජීවිත වල මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානතම ගැටළුවක් බවට පත් වී ඇති බව රහසක් නොවේ. මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළු වීම සැමරීම උදෙසා සංවිධානය කෙරෙන මෙම විවාහ මංගල උත්සවය ඔවුන්ගේ ජීවිත වල ඉතාම අපහසුවෙන් පසුකරගත යුතු කඩයිමක් බවට පත්වී හමාරය. අපහසුවෙන් පසුකරගත යුතු කඩයිම වී ඇත්තේ විවාහ දිවියට එළඹීම හෝ ඉන්පසු ආරම්භ කිරීමට නියමිත අලුත් ජීවිතය නොවේ. විවාහ මංගල උත්සවයයි.
    තමාට හිමි සමාජ තත්වය අන් අය ඉදිරියේ තහවුරු කර ගැනීමේ සහ තමාට නැති සමාජ තත්වයක් අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් ලෙස මෙම විවාහ මංගල්‍යන් යොදාගන්නා තත්වයට පත්වී තිබේ. මෙම සාදය මඟින් තම වටිනාකම සහ තමාට සමාජයේ හිමි තැන අනෙක් මිනිසුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට මිනිසුන් නොකරන දෙයක් නැති තරම්ය. ඒ නිසාම දිනෙන් දින මෙම විවාහ මංගල සාදයන් වලට වෙළෙන්දන් විසින් තව තවත් අංග ඇතුලත් කරන්නේ පැහැදිලි ලාභයක් තමා සන්තක වන බව නිසැක වශයෙන් ඔවුන් දන්නා නිසයි.

    විවාහ මංගල උත්සවය පවත්වන Hotel එක, මනාල යුවලගේ ඇඳුම් වල පෙනුම සහ වටිනාකම, ඔවුන්ට ඇන්දවීමේ කටයුතු කරන රූපලාවන්‍යශිල්පියා/ශිල්පිනිය, ඔවුන් පළඳින ආභරණ, දෙවන මනාල මනාලියන් ගණන, ඡායාරූපකරනය සඳහා භාරදී ඇති Studio එක, ඔවුන් රැගෙන එන වාහනය, විවාහ මංගල උත්සවය සංගීතවත් කරන Band එක, අමුත්තන් සඳහා සංග්‍රහ කෙරෙන මධුවිත වර්ගයේ Brand එක, going away එකට අඳින ඇඳුම් සහ පළඳින ආභරණ, Honeymoon යන නගරය සහ ගත කරන දිනගණන වැනි එකී මෙකී නොකී සියලූම දේ වලින් කෙරෙන්නේ අදාල විවාහ මංගල උත්සවය සහ අදාල දෙපාර්ශවයේ සමාජ තත්වය පිළිබඳ ඇගයීමකි. සමාජය විසින් දෙපාර්ශවය මැනීමක් මෙන්ම උත්සවය සංවිධානය කරන දෙපාර්ශවය විසින් තම සමාජ තත්වය අන් අයට හඬගා කීමක් මෙහිදී සිදුවෙන්නේ. ඉහත සඳහන් කල අංග මෙන්ම තවත් බොහෝ දේ වලින් සමන්විත අංග සම්පූර්ණ විවාහ මංගල උත්සවයක් පැවැත්වීමට ලැබීම අද බොහෝ දෙනා සලකන්නේ තමාගේ ජීවිතයේ ලබන ජයග්‍රහණයක් ලෙසයි.

    බ්ලොග්කරු මතු කිරීමට උත්සාහ කරන ගැටළුව ඇත්තේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් සැමරීම නොවේ. මීට මාස කිහිපයකට ඉහත දෙවන මනමාල මනමාලියන් දෙසියයකින් සමන්විත වුන විවාහ මංගල උත්සවයක් ලාංකිකයෙක් සැමරූ අයුරු පුවත්පත්වල පවා පලවුන අන්දම මෙම සටහන කියවන ඔබටත් මතක ඇති. එහි කිසිම ගැටළුවක් නැත. තමා උපයන මුදල් තමාට අවශ්‍ය අන්දමට වියදම් කිරීමේ නිදහස ඕනෑම කෙනෙකුට තිබිය යුතුය. ගැටළුව පැනනඟින්නේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් ගැනීමට වත්කමක් නොමැති සාමාන්‍ය මධ්‍යමපාන්තික මිනිසුන්ද තමාගේ වත්කමටත් වඩා වියදම් කොට සමාජය ඉදිරියේ ගරුත්වය ලබා ගැනීමේ අරමුණින් අධික වියදම් දරා විවාහ සාදයන් පැවැත්වීමට උත්සාහ කිරීමේදීය.

    මෙසේ විහින් අසරණ වන මධ්‍යමපාන්තිකයින් අධික වියදම් දරමින් මෙම සාදය සංවිධානය කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස කබලෙන් ලිපට වැටෙන අයුරු ගැන බ්ලොග්කරුට පුද්ගලික අත්දැකීම් ඇත. බොහෝ විට ඔවුන් කරන්නේ උත්සවය සංවිධානය කිරීමට බැංකු ණය ලබා ගැනීමයි. බ්ලොග්කරුගේ ඈතින් නෑදෑයකු වන නැන්දා කෙනෙක් ඇයගේ සැමියාට සිය කාරය විකුණා ප්‍රධාන පෙළේ හෝටලයක සිය දියණියගේ විවාහ මංගල උත්සවය ගැනීමට බල කලේ වෙන කිසිම හේතුවක් නිසා නොව, ඇයගේ නැගනියගේ දියණියගේ විවාහ මංගල උත්සවයද රටේ ප්‍රධාන පෙළේ හෝටලයක සැමරීම නිසා ඒ තරඟය ජය ගැනීමටය. නොයෙකුත් අන්දමේ හීනමාන වලින් පෙළෙනා මෙවන් මිනිසුන් එක් දිනක පැය කිහිපයක් උදෙසා වසර ගණනක් මුළුල්ලේ ලක්ෂ ගණනක් ණය ගෙවීම ගැන දුක් විය යුතුද නැද්ද කියන එක තීරණය කිරීම පහසු කරුණක් නොවේ. එම ලක්ෂ ගණනින් වූ ණය තම මාස් පඩියෙන් අඩුවන සේ ගිවිසුම් අත්සන් කරන ඔවුන් විවාහයෙන් පසු ඔවුන්ගේ පින්තූර ඇල්බමවල ඉතිරි මුදල ගෙවීමටද වසර ගණනක් ගතවන්නේ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ආර්ථික දුෂ්කරතා නිසාමය.

    මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව අලුතෙන් පටන් ගන්නා ජීවිතයේ පළමු මාසයේ සිටම අන් අයට කන්න බොන්න වියදම් කල සහ අන් අයට පේන්න අඳින්න නටන්න වියදම් කල මුදල් වල ණය ගෙවීමට සිදුවීම කණගාටුවට කරුණකි. විවාහ දිවියට එළඹීමෙන් පසු ඔවුන්ගේ ජීවිත වල ගන්නා වැදගත්ම තීරණ වලට මෙම ආර්ථික අපහසුතා සෘජුවම බලපාන බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ නැත.

    එක් දිනක් තුල ඔවුන්ට දරාගත නොහැකි ප්‍රමාණයෙන් මේ කරන වියදම නිසා ඔවුන්ගේ මුලු ජීවිතම වෙනත් මාර්ගයකට යොමු විය හැකිය. මේ නිසා මුහුණ දීමට සිදුවන ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තම පවුල් ජීවිතය, දරුවන්ගේ අනාගතය වැනි දේ වලදි ඔවුනට හිමිව තිබෙන්නට නියමිත වුනු හොඳම සහ සුදුසුම තීරණ ගැනීමට ඔවුන්ට හැකිවන්නේ නැහැ. ඒ තමාට හැකි සෑම සතයක්ම තම අනාගත සුබ සිද්ධිය කරා ඉතිරි කර බුද්ධිමත් ලෙස වියදම් කිරීම වෙනුවට තමාත් සමග තරග කරන, තමාට ඊර්ෂ්‍යා කරන, තමාගේ වැරදි සෙවීමට සැදී පැහැදී සිටින මිනිසුන්ට කන්න බොන්න ලබා දී ඔවුන්ගෙන් හොඳ අහගන්න මුදල් වියදම් කිරීම නිසා නොවෙද? විසිකරන්නට තරම් මිල මුදලින් පොහොසත් අය කරනා දේ කරන්නට උත්සාහ කරලා තවත් අසරණ වීම පැහැදිලි අනුවණකමක් නොවෙද?

    මේ සිහින සාදයන් සතියකට සැරයක් චැනල් දහයකින් දහපාරක් මාර්කට් කිරීම මඟින් කුමන ක්‍රමයකින් හෝ මඩිය තරකරගැනීමේ අරමුණින් ක්‍රියාකරන ව්‍යාපාරිකයින් වන රූපවාහිනී මාධ්‍යයන්ද මේ ආකල්පය සමාජගත වීමට විශාල වශයෙන් හේතු වී තිබෙන බව සඳහන් කල යුතුමය. මිනිසුන්ගේ මොල කෑම ආදායම් මාර්ගය කර ගත් මාධ්‍යන් විසින් දෙන ලණු සිතීමේ හැකියාවක් නැති මිනිසුන් විසින් රස කර කර කෑම පුදුමයකට කරුණක් නොවේ.

    යම් කෙනෙක් තමාගේ විවාහ මංගල උත්සවයට වියදම්කරන සෑම සතයක් ගානේම එකවරක්, දෙවරක් නොව තුන්වරක්ම සිතිය යුත්තේ තමා වියදම් කරන්නේ තමාගේ උවමනාවටද නැත්නම් වෙන අයගේ සිත් සතුටු කරන්නද කියන එක ගැනයි. තමා අන් අයගේ ඒ සිතුවිලිවල, අදහස් වල වහලෙක් වනවාද නැත්ද කියන කාරණය තමා තීරණය කල යුතුයි. තමාගේ ආශාව නිසාම පමණක් වියදම් කලත් ඒ වියදම් කරන ප්‍රමාණය සත්‍ය වශයෙන්ම තර්කානුකූලද කියන එක සිතා බැලිය යුතුයි.

    මෙවන් බොලඳ සිහින ඉටුකර ගැනීමට තම අසරණ දෙමව්පියන්ටවත්, පෙම්වතාටවත් බල කිරීම නොවෙයි සිදුකල යුත්තේ. බුද්ධිමත් තරුණයෙක්/තරුණියක් ලෙස අනාගතය ගැන සිතා වැඩ කිරීමයි. ජීවිතයේ යථාර්තය තේරුම් ගැනීමයි. හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් ලෙස වැඩ කටයුතු කලොත් ඔබට සතුටින් සැනසිල්ලේ ජීවිතය ගෙවීමට හැකියාව ලැබේවි.

    අනුන්ගේ ගෞරවය සිඟමන් යදින්නට ගොස් ලක්ෂ ගනන් වියදම් කොට ප්‍රශ්න දාහක් මවාගෙන ජීවිතයම අවුල් ජාලයක් කරගන්න්නවට වඩා ණය බරින් තොරව, අනාගත අවශ්‍යතා වලදී මෙන්ම බලාපොරොත්තු නොවන හදිසි අවශ්‍යතා වලදී භාවිතා කරන්න යම් මුදලක් තමා ඉතිරි කොට ඇති බව දැනගෙන නින්දට යාමේ ඇති සැනසිල්ල වටිනවා නොවේද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් අර නතාශාගේ මගුල හැම හුට්ටෙම පෙන්වනවා උදේ දෙරණේ විවාහ එකේ පෙන්නුවා හවසට සිරසේ සුබාසිරි එකේ ඒව බලල අපේ ගෑණු අපිව කන්න හදන්නේ මට නම් අප්පිරියයි මගුල් ගෙවල්වල විසුක දස්සන දකින එකත් .
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් වෙඩින් ගන්නෙ නැහැ ලොකුවට. සල්ලිත් නැහැ උවමනව්කුත් නැහැ. මට ලෙත් මචින් එකකුයි බැන්ඩින් එකකුයි ගන්න හිතන් ඉන්න්ව. එවට වියඩම් කරන්න පොඩි ගානක් එතුරු කරන් ඉනන්නව නො වෙඩින්
     

    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    oya godak wiyadam karala lokuwata karanne godak welawata actress la wage aya thamai.ai ithin media walin wedding eka gana yanawane.lokuwata thibbe naththan lajjaine:Pnormal un ochchara wiyadam karanne naha ban.ara pre shoot kiyala magulakuth dan thiyenawane.eka nan hina yana magulak.couple eka nalu niliyo wenna ona,act karanna ona eka wikarayai.
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සිරසෙ කාලකන්නි රට කාල ඉවරයි
    රටේ හැමදේම දැන් වෙන්න ඕනෙ මේ සිරසෙ පරයන්ට ඕනෙ විදිහට
    මුන් හිතන්නේ මුන් තමයි රට කරවන්නේ කියල
    මුන්ට වඩා දේශපාලනේ දන්නෙ එකෙක් නෑ,,
    මුන්ට වඩා සිංහල බෞද්ධයො නෑ රටේ
    රටේ චන්ද තියන්න ඕනෙ,,ජනාධිපති වෙන්න ඕනෙ මුන් කැමති කෙනා

    වෙසක් එකත් මුන්ගෙ,,පොසොන් එකක් මුන්ගෙ,,අවුරුද්දත් මුන්ගේ
    මුන් තමයි රටේ සදාචාරය,සංස්කෘතියෙ පියවරු
    වෙඩින් එකට අදින්න ඕනෙ මුන් කියනවවගේ නැත්නම් බැදල වැඩක් නෑ

    රටේ වේසකම් පතුරවල මුන්ගෙ වල් චැනල් වලින් රටේ ගෑනුටික කෑව
    පොඩි එවුන්ගෙ ඔලු නරක් කලා,,රටේ අපචාර දූශන වැඩිකලා

    එදා colombo port city එක වැරදියි,,වහාම නවත්තන්න breaking news දුන්න
    අද මුන් coombo port city එකේ brand ambassador වෙලා
    මුන්ට විරුද්ධ fb පේජ් එකක්වත් නැද්ද බන්
     
    • Like
    Reactions: malaka78

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔව් බන් අර නතාශාගේ මගුල හැම හුට්ටෙම පෙන්වනවා උදේ දෙරණේ විවාහ එකේ පෙන්නුවා හවසට සිරසේ සුබාසිරි එකේ ඒව බලල අපේ ගෑණු අපිව කන්න හදන්නේ මට නම් අප්පිරියයි මගුල් ගෙවල්වල විසුක දස්සන දකින එකත් .

    apita mkoo ban untaa hoda nam. but owaa balala ewayee wada karanna yana gonnu nam innawaaa ithn :lol::lol:
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    සිරසෙ කාලකන්නි රට කාල ඉවරයි
    රටේ හැමදේම දැන් වෙන්න ඕනෙ මේ සිරසෙ පරයන්ට ඕනෙ විදිහට
    මුන් හිතන්නේ මුන් තමයි රට කරවන්නේ කියල
    මුන්ට වඩා දේශපාලනේ දන්නෙ එකෙක් නෑ,,
    මුන්ට වඩා සිංහල බෞද්ධයො නෑ රටේ
    රටේ චන්ද තියන්න ඕනෙ,,ජනාධිපති වෙන්න ඕනෙ මුන් කැමති කෙනා

    වෙසක් එකත් මුන්ගෙ,,පොසොන් එකක් මුන්ගෙ,,අවුරුද්දත් මුන්ගේ
    මුන් තමයි රටේ සදාචාරය,සංස්කෘතියෙ පියවරු
    වෙඩින් එකට අදින්න ඕනෙ මුන් කියනවවගේ නැත්නම් බැදල වැඩක් නෑ

    රටේ වේසකම් පතුරවල මුන්ගෙ වල් චැනල් වලින් රටේ ගෑනුටික කෑව
    පොඩි එවුන්ගෙ ඔලු නරක් කලා,,රටේ අපචාර දූශන වැඩිකලා

    එදා colombo port city එක වැරදියි,,වහාම නවත්තන්න breaking news දුන්න
    අද මුන් coombo port city එකේ brand ambassador වෙලා
    මුන්ට විරුද්ධ fb පේජ් එකක්වත් නැද්ද බන්


    100% agree with you !!