Wedding Budget Excel File

LKF

Active member
  • Jun 16, 2017
    453
    243
    43
    Wedding Budget

    ඔන්න මචන්ලා ටික කාලයකට පස්සේ Tread එකක් දාන්ඩ කියල හිතුව, හැබය් සුපුරුදු Topic එක නෙවේ වෙන එකක්.

    දැනට මාස කීපයකට කලින් නංගිගේ wedding එක එකම අය්යා විදිහට සියලු වියදන් මම දරල කරලා දුන්නා. :yes: එකෙදී ලබපු අත්දැකීම් ටිකක් උබලට කියල දෙන්න හිතුව කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙය් කියල හිතල. :yes:

    EK එකේ තිබ්බ Wedding ගැන Thread කියවලා තමා මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ.

    මේකෙදි මම මුලින්ම Budget එකක් හැදුවා, Format එක යාලුවෙක් ගෙන් ඉල්ලගෙන ටිකක් වෙනස් කරලා හදා ගත්තා.


    https://drive.google.com/open?id=16eNQDfpSpEjRT_k928pJwvfbCMQhtH3G

    ඔය ලින්ක් එකෙන් ඒක අරගනිල්ලා, මම Amounts Delete කලේ නෑ, කවුරු හරි ලගදි Wedding එකක් Plan කරනවා නම් වියදන් පිළිබද අදහසක් ගන්න පුළුවන්නේ කියලා.

    මේක බොරු සෝබන නැතිව චාමෙට කරපු wedding එකක්, මේකේ නැති උබලට ඕන අමතර දේවල් Add කර ගනිල්ලා.


    ** Wedding එකක් කරන්න Budget එකක් ඕන වෙන්නේ ඇය්.

    wedding කරපු අය දන්නවා Wedding එකේ වියදන් කරගෙන යනකොට අපි හිතපු නැති විදිහට සල්ලි වියදන් වෙන විදිහ, එතකොට අතේ කීයක් තිබ්බත් මදි. අතර මග සල්ලි නැති උනොත් wedding එක හෙට කියල හුටා තමා.

    අනික Venue එක Makeup package, Decoration Setup select කර ගන්නකොට තමන්ට afford කරන්න පුළුවන් limit එක තේරුම් ගන්න පුළුවන්.

    අපි නෑදෑයෝ කීයකට ආරාදනා කරනවද කියල decide කරනත් මේක වටිනවා.

    1. No of Pax

    Wedding එකට එන නෑදෑයෝ ගණන අනුව තම Venue එක select කරගන්න ඕනේ. අපි Book කරපු Hall එකේ Minimum 200 Pax.

    150 ක් ආවත් 200 කට ගෙවන්න ඕනේ. වැඩි උනොත් වැඩි plate වලට ගෙවන්න ඕනේ.

    සාමාන්යෙන් ආරාදනා කරන ගණන එන්නේ නැති නිසා අපි ආරාදනා කලා 230 කට විතර. කොහොම හරි ආවෙ 190 ක් විතර. :eek:

    මෙතන වැදගත් ම දේ තමා plate එකේ ගාන අහනකොට අහන්න ඕනේ Service charge එක්කද නැතිවද කියල.

    Hotel වල හැම මගුලටම Service charge එකක් Bill කරනවා කියල උබල දන්නවනේ.

    Bill Amount X 10%

    උබලට plate එකේ ගාන 2000 කිව්වොත් Service charge නැතිව. උබලත් ගාන හදන් ඉන්නවා ගෙවන්න 200 X 2,000 = 400,000

    හැබැය් බිල ගෙවන්න ගියාම කියය් 10% add කරලා 440,000. :oo:

    කොහොමද ආතල් එක. :baffled:

    අවුරුද්දකට කලින් වත් Venue එක Book කර ගන්න ඕනේ, මොකද හොද නැකත් තියන දවසක් නම් ලං වෙලා Wedding Hall හොයන්න අමාරුය් පුතී. Menu එක confirm කර ගන්න එක ලං වෙලා කරගන්න පුළුවන්.

    2. Decoration, Settee Back, පෝරුව, Dry Ice ඔක්කොම එක company එකකට දුන්නා උන් වැඩේ කලා ලස්සනට.

    3. Photo ෂූට් සහ Bride ගේ Makeup දෙපැත්තෙන්ම half half දරනවා සාමාන්යෙන්.
    දුන්නෙ නැත්තන් ඉතින් මතක් කරලා නොන්ඩි වෙන්න බෑනේ, ඒක අපි වියදන් කරලා සද්ද නැතිව ඉන්න තියෙන්නේ. අපිට නම් ඒවා ගානට හම්බ උනා ;)

    4. Gift Money Envelop කියල දාල තියෙන්නේ ජය මංගල කියන අයට දෙන්න

    5. Liquor + Bite වියදන් මෙතන නෑ, උබල ඒක Add කර ගනිල්ලා ඕන විදිහට

    Plan එක හදාගෙන Advance ටික ටික ගෙවල තිබ්බම වැඩේ confirm. Wedding එක ඉවර උනාම Balance එක pay කරන්න පුළුවන්

    Wedding එකක් කරනවා කියන්නේ එක්තරා විදිහක යුද්දයක් තමා. පෝරුවට ඕන බඩු , Gift Envelopes, Gift Parcel, උදේ තේ මේසේ බඩු අමතක නොකර උදේ අරන් යාම, Wedding එක ඉවර උනාම Advance දුන්න අයට Balance Pay කරන එක වගේ දේවල් වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් ට බාර දෙන්න පුළුවන් නම් තමා හොද. එකක් හරි අමතක උනොත් විනාසය් :eek:

    ඔන්න ඕකය් කතන්දරේ. වැඩිය දිගට කියන්න යන්නේ නෑ මම wedding එක කරන විදිහ EK එකේ තව Thread තියන නිසා.


    ප්‍රශ්න තියනවා නම් අහපල්ලා

    එහෙනම් කට්ටියට ජයවේවා කිව්වා

    65485.png
     
    Last edited:

    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    කොහොමද බන් වෙඩින් එකක් ලක්ශ 10න් ගොඩ දෑම්මේ? මගේ හෝම්කමින් එකටම 16ක් විතර යනව බන්.:shocked::shocked::shocked::shocked:
     

    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    කොහොමද බන් වෙඩින් එකක් ලක්ශ 10න් ගොඩ දෑම්මේ? මගේ හෝම්කමින් එකටම 16ක් විතර යනව බන්.:shocked::shocked::shocked::shocked:

    උබේ Pax ගාන අනුව තමා කොල්ලෝ. කොහොමත් මනමාලයාගේ පැත්තට වියදන් වැඩිය් නේද බන්
     

    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    උබේ Pax ගාන අනුව තමා කොල්ලෝ. කොහොමත් මනමාලයාගේ පැත්තට වියදන් වැඩිය් නේද බන්

    150 pax. plate price eka thama fuck wela thiyene
     

    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    උබේ Pax ගාන අනුව තමා කොල්ලෝ. කොහොමත් මනමාලයාගේ පැත්තට වියදන් වැඩිය් නේද බන්

    150 pax. plate price eka thama fuck wela thiyene

    අඩෝ ඒ කියන්නේ plate එකක් 7,000 - 8,000 ක් වත් වෙනවා ඇති.

    අව්ලක් නෑ ඉතින් සල්ලි තියනවා නම්