sari sellers, sari designers/makers, tailers, wedding suit rents, jewellary sellers, shoe makers, beauticians, hair dressers, wedding card printers, cake makers, photographers, photo studios, digital photo printing shops, videographers, graphic designers, music bands, caterers, hotels, wedding halls, wedding planners, wedding car hire companies, flower shops, lights, sounds, tents, ashtaka, jayamangala gatha, udarata nattuwo, berakarayo, dance groups, gift shops, cab service...
Oya wedding nisa me okkoma hambakaran kanawane![]()

minisun hithana vidiya thamyi machn. ekata apita dosahk kiyanna baha. upekshaven balanava arenna. hamadenkma kamathi samajaya issaraha hoda kapila penna, evage deval nisaa mehema venava


සල්ලි තියන උන් නම් වියදම් කෙරුවට කමක් නෑ , එහෙම ලොකුවට නැති අයත් මහ ලොකුවට ණය වෙලා ඕවා කරන එකනම් ඉතිං ...... මන් දන්න අයිය කෙනෙක් wedding එක ගන්න වාහනෙත් විකුණලා දැම්ම දැන් යස අගේට බස් එකේ යනවා![]()



Mamanam puluwanuparima wiyadam karala top ekata wedding eka gattha. aapu ayath sathutu una. aye bandinnaya![]()
'apo ovata vagakiyanna one tv channel vala un thamaa.... irida havas varuve aasavata balanna program ekak na.. eka channel ekakavath.hama ekema eka ekage weddings pennana eka thama karanne...
![]()

dan thanikara wedding Maffia ekak karanne tv walingood thread... mamath loku party naha.. charithra tika karanwa 4to tikak gahanawa echcharai...
achchara salli kaara Shihan Mihiranga ta Normal wedd ekak ganna puluwan nam apita ai bari...![]()


මගෙත් අදහස මේක තමයි. මේ ගැන ගොඩක් ඉස්සර පොඩි නුලකුත් දැම්ම. මේක කොල්ලොන්ට තෙරුනට හුගක් කෙල්ලොන්ට තේරෙන්නේ නැහැ
සමාජය කියන්නේ හෙන සෝබනයක් බන්. නැව ගිලුනත් බෑන් චුන්


den trend eka okane ban
nikan normal family ekak unath 2M wath wiyadam karala wedding ekak ganna thamai balanne

wedding eka iwara wela awurudu ganak naya gewanawaමම වෙඩින් ගන්න ආසා නෑ බං..

අනිත් එක wedding ෆොටෝස් ; ආලේපන හැට හුටමාර්ක් දමල කෘතීම ගන්න photo එකක් මෙලෝ රහක් නැහැ. පවුඩර් බබ්බු වගේ. සමහර වෙලාවට යකෙක් වගේ


කියෙව්වෙ නෑ බන්. දිග වැඩී..
බදින්න තව කල් තියෙනවනෙ.![]()
Wedding ekata oya wage lokuwata wiyadam karana eka nam boru wadak![]()


sari sellers, sari designers/makers, tailers, wedding suit rents, jewellary sellers, shoe makers, beauticians, hair dressers, wedding card printers, cake makers, photographers, photo studios, digital photo printing shops, videographers, graphic designers, music bands, caterers, hotels, wedding halls, wedding planners, wedding car hire companies, flower shops, lights, sounds, tents, ashtaka, jayamangala gatha, udarata nattuwo, berakarayo, dance groups, gift shops, cab service...
Oya wedding nisa me okkoma hambakaran kanawane![]()

eth ithin dan wedding plannerslane hamba karannesalli thiyanawanam kohoma viyadam karath ekai ne ban
salli thiyenawanam kisima prashnayak nane ,
eth dan kattiya naya wela hari lokuwata karala anagannawane
hoda dawaddajk ekka. naththm job ekak thiyana ganiyek. mata ekige salii oni naha. ekige viyadam eki balagaththma athi. mage vada karanna onith naha. uyanna onith naha, ahaval eka vithrak thibunam athi

මම වෙඩින් ගන්න ආසා නෑ බං..

![]()
එකිනෙකාගෙන් වෙනස් වූ ජීවන අරමුණු සහ වටිනාකම් වලින් යුත් මිනිසුන් එකම කෝවක දමා මැනීමට හෝ එකම ආකාරයකට හැඩගැස්වීමට උත්සාහ කිරීම ඵල රහිත දෙයක් වගේම සිදු නොවිය යුත්තක්. එහෙත් වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට දිනෙන් දින පත් වෙමින් තිබෙන අහිංසක මධ්‍යම පාන්තිකයින් දැන හෝ නොදැන ඔවුන්ගේ ගොදුරු බවට පත් වෙමින් තිබෙන සීග්‍ර ලෙස දැනටම පැතිර ඇති වසංගතයකට සමාජයෙන්ම ප්‍රතිරෝධයක් ඇති වීමට කාලය එලඹ ඇති බව සක්සුදක් සේ පැහැදිලි හෙයින් අදාල කාරණය ගැන මගේ සත දෙක මෙසේ ඉදිරිපත් කිරීමට තීරණය කලෙමි.
අප රටේ වත්මන් සමාජය විසින් විවාහ මංගල උත්සවයන් සැමරීම පවතින මෙම ශෛලය දක්වා වූ පරිනාමය පැහැදිලි කිරීමට බ්ලොග්කරුට දැනුමක් නැත. නමුත් වර්තමානයේ විවාහ මංගල උත්සවයක් සංවිධානය කිරීම මනමාල පාර්ශවයට මෙන්ම මනමාලියගේ පාර්ශවයටද ඔවුන්ගේ ජීවිත වල මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානතම ගැටළුවක් බවට පත් වී ඇති බව රහසක් නොවේ. මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළු වීම සැමරීම උදෙසා සංවිධානය කෙරෙන මෙම විවාහ මංගල උත්සවය ඔවුන්ගේ ජීවිත වල ඉතාම අපහසුවෙන් පසුකරගත යුතු කඩයිමක් බවට පත්වී හමාරය. අපහසුවෙන් පසුකරගත යුතු කඩයිම වී ඇත්තේ විවාහ දිවියට එළඹීම හෝ ඉන්පසු ආරම්භ කිරීමට නියමිත අලුත් ජීවිතය නොවේ. විවාහ මංගල උත්සවයයි.
තමාට හිමි සමාජ තත්වය අන් අය ඉදිරියේ තහවුරු කර ගැනීමේ සහ තමාට නැති සමාජ තත්වයක් අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් ලෙස මෙම විවාහ මංගල්‍යන් යොදාගන්නා තත්වයට පත්වී තිබේ. මෙම සාදය මඟින් තම වටිනාකම සහ තමාට සමාජයේ හිමි තැන අනෙක් මිනිසුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට මිනිසුන් නොකරන දෙයක් නැති තරම්ය. ඒ නිසාම දිනෙන් දින මෙම විවාහ මංගල සාදයන් වලට වෙළෙන්දන් විසින් තව තවත් අංග ඇතුලත් කරන්නේ පැහැදිලි ලාභයක් තමා සන්තක වන බව නිසැක වශයෙන් ඔවුන් දන්නා නිසයි.
විවාහ මංගල උත්සවය පවත්වන Hotel එක, මනාල යුවලගේ ඇඳුම් වල පෙනුම සහ වටිනාකම, ඔවුන්ට ඇන්දවීමේ කටයුතු කරන රූපලාවන්‍යශිල්පියා/ශිල්පිනිය, ඔවුන් පළඳින ආභරණ, දෙවන මනාල මනාලියන් ගණන, ඡායාරූපකරනය සඳහා භාරදී ඇති Studio එක, ඔවුන් රැගෙන එන වාහනය, විවාහ මංගල උත්සවය සංගීතවත් කරන Band එක, අමුත්තන් සඳහා සංග්‍රහ කෙරෙන මධුවිත වර්ගයේ Brand එක, going away එකට අඳින ඇඳුම් සහ පළඳින ආභරණ, Honeymoon යන නගරය සහ ගත කරන දිනගණන වැනි එකී මෙකී නොකී සියලූම දේ වලින් කෙරෙන්නේ අදාල විවාහ මංගල උත්සවය සහ අදාල දෙපාර්ශවයේ සමාජ තත්වය පිළිබඳ ඇගයීමකි. සමාජය විසින් දෙපාර්ශවය මැනීමක් මෙන්ම උත්සවය සංවිධානය කරන දෙපාර්ශවය විසින් තම සමාජ තත්වය අන් අයට හඬගා කීමක් මෙහිදී සිදුවෙන්නේ. ඉහත සඳහන් කල අංග මෙන්ම තවත් බොහෝ දේ වලින් සමන්විත අංග සම්පූර්ණ විවාහ මංගල උත්සවයක් පැවැත්වීමට ලැබීම අද බොහෝ දෙනා සලකන්නේ තමාගේ ජීවිතයේ ලබන ජයග්‍රහණයක් ලෙසයි.
බ්ලොග්කරු මතු කිරීමට උත්සාහ කරන ගැටළුව ඇත්තේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් සැමරීම නොවේ. මීට මාස කිහිපයකට ඉහත දෙවන මනමාල මනමාලියන් දෙසියයකින් සමන්විත වුන විවාහ මංගල උත්සවයක් ලාංකිකයෙක් සැමරූ අයුරු පුවත්පත්වල පවා පලවුන අන්දම මෙම සටහන කියවන ඔබටත් මතක ඇති. එහි කිසිම ගැටළුවක් නැත. තමා උපයන මුදල් තමාට අවශ්‍ය අන්දමට වියදම් කිරීමේ නිදහස ඕනෑම කෙනෙකුට තිබිය යුතුය. ගැටළුව පැනනඟින්නේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් ගැනීමට වත්කමක් නොමැති සාමාන්‍ය මධ්‍යමපාන්තික මිනිසුන්ද තමාගේ වත්කමටත් වඩා වියදම් කොට සමාජය ඉදිරියේ ගරුත්වය ලබා ගැනීමේ අරමුණින් අධික වියදම් දරා විවාහ සාදයන් පැවැත්වීමට උත්සාහ කිරීමේදීය.
මෙසේ විහින් අසරණ වන මධ්‍යමපාන්තිකයින් අධික වියදම් දරමින් මෙම සාදය සංවිධානය කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස කබලෙන් ලිපට වැටෙන අයුරු ගැන බ්ලොග්කරුට පුද්ගලික අත්දැකීම් ඇත. බොහෝ විට ඔවුන් කරන්නේ උත්සවය සංවිධානය කිරීමට බැංකු ණය ලබා ගැනීමයි. බ්ලොග්කරුගේ ඈතින් නෑදෑයකු වන නැන්දා කෙනෙක් ඇයගේ සැමියාට සිය කාරය විකුණා ප්‍රධාන පෙළේ හෝටලයක සිය දියණියගේ විවාහ මංගල උත්සවය ගැනීමට බල කලේ වෙන කිසිම හේතුවක් නිසා නොව, ඇයගේ නැගනියගේ දියණියගේ විවාහ මංගල උත්සවයද රටේ ප්‍රධාන පෙළේ හෝටලයක සැමරීම නිසා ඒ තරඟය ජය ගැනීමටය. නොයෙකුත් අන්දමේ හීනමාන වලින් පෙළෙනා මෙවන් මිනිසුන් එක් දිනක පැය කිහිපයක් උදෙසා වසර ගණනක් මුළුල්ලේ ලක්ෂ ගණනක් ණය ගෙවීම ගැන දුක් විය යුතුද නැද්ද කියන එක තීරණය කිරීම පහසු කරුණක් නොවේ. එම ලක්ෂ ගණනින් වූ ණය තම මාස් පඩියෙන් අඩුවන සේ ගිවිසුම් අත්සන් කරන ඔවුන් විවාහයෙන් පසු ඔවුන්ගේ පින්තූර ඇල්බමවල ඉතිරි මුදල ගෙවීමටද වසර ගණනක් ගතවන්නේ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ආර්ථික දුෂ්කරතා නිසාමය.
මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව අලුතෙන් පටන් ගන්නා ජීවිතයේ පළමු මාසයේ සිටම අන් අයට කන්න බොන්න වියදම් කල සහ අන් අයට පේන්න අඳින්න නටන්න වියදම් කල මුදල් වල ණය ගෙවීමට සිදුවීම කණගාටුවට කරුණකි. විවාහ දිවියට එළඹීමෙන් පසු ඔවුන්ගේ ජීවිත වල ගන්නා වැදගත්ම තීරණ වලට මෙම ආර්ථික අපහසුතා සෘජුවම බලපාන බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ නැත.
එක් දිනක් තුල ඔවුන්ට දරාගත නොහැකි ප්‍රමාණයෙන් මේ කරන වියදම නිසා ඔවුන්ගේ මුලු ජීවිතම වෙනත් මාර්ගයකට යොමු විය හැකිය. මේ නිසා මුහුණ දීමට සිදුවන ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තම පවුල් ජීවිතය, දරුවන්ගේ අනාගතය වැනි දේ වලදි ඔවුනට හිමිව තිබෙන්නට නියමිත වුනු හොඳම සහ සුදුසුම තීරණ ගැනීමට ඔවුන්ට හැකිවන්නේ නැහැ. ඒ තමාට හැකි සෑම සතයක්ම තම අනාගත සුබ සිද්ධිය කරා ඉතිරි කර බුද්ධිමත් ලෙස වියදම් කිරීම වෙනුවට තමාත් සමග තරග කරන, තමාට ඊර්ෂ්‍යා කරන, තමාගේ වැරදි සෙවීමට සැදී පැහැදී සිටින මිනිසුන්ට කන්න බොන්න ලබා දී ඔවුන්ගෙන් හොඳ අහගන්න මුදල් වියදම් කිරීම නිසා නොවෙද? විසිකරන්නට තරම් මිල මුදලින් පොහොසත් අය කරනා දේ කරන්නට උත්සාහ කරලා තවත් අසරණ වීම පැහැදිලි අනුවණකමක් නොවෙද?
මේ සිහින සාදයන් සතියකට සැරයක් චැනල් දහයකින් දහපාරක් මාර්කට් කිරීම මඟින් කුමන ක්‍රමයකින් හෝ මඩිය තරකරගැනීමේ අරමුණින් ක්‍රියාකරන ව්‍යාපාරිකයින් වන රූපවාහිනී මාධ්‍යයන්ද මේ ආකල්පය සමාජගත වීමට විශාල වශයෙන් හේතු වී තිබෙන බව සඳහන් කල යුතුමය. මිනිසුන්ගේ මොල කෑම ආදායම් මාර්ගය කර ගත් මාධ්‍යන් විසින් දෙන ලණු සිතීමේ හැකියාවක් නැති මිනිසුන් විසින් රස කර කර කෑම පුදුමයකට කරුණක් නොවේ.
යම් කෙනෙක් තමාගේ විවාහ මංගල උත්සවයට වියදම්කරන සෑම සතයක් ගානේම එකවරක්, දෙවරක් නොව තුන්වරක්ම සිතිය යුත්තේ තමා වියදම් කරන්නේ තමාගේ උවමනාවටද නැත්නම් වෙන අයගේ සිත් සතුටු කරන්නද කියන එක ගැනයි. තමා අන් අයගේ ඒ සිතුවිලිවල, අදහස් වල වහලෙක් වනවාද නැත්ද කියන කාරණය තමා තීරණය කල යුතුයි. තමාගේ ආශාව නිසාම පමණක් වියදම් කලත් ඒ වියදම් කරන ප්‍රමාණය සත්‍ය වශයෙන්ම තර්කානුකූලද කියන එක සිතා බැලිය යුතුයි.
මෙවන් බොලඳ සිහින ඉටුකර ගැනීමට තම අසරණ දෙමව්පියන්ටවත්, පෙම්වතාටවත් බල කිරීම නොවෙයි සිදුකල යුත්තේ. බුද්ධිමත් තරුණයෙක්/තරුණියක් ලෙස අනාගතය ගැන සිතා වැඩ කිරීමයි. ජීවිතයේ යථාර්තය තේරුම් ගැනීමයි. හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් ලෙස වැඩ කටයුතු කලොත් ඔබට සතුටින් සැනසිල්ලේ ජීවිතය ගෙවීමට හැකියාව ලැබේවි.
අනුන්ගේ ගෞරවය සිඟමන් යදින්නට ගොස් ලක්ෂ ගනන් වියදම් කොට ප්‍රශ්න දාහක් මවාගෙන ජීවිතයම අවුල් ජාලයක් කරගන්න්නවට වඩා ණය බරින් තොරව, අනාගත අවශ්‍යතා වලදී මෙන්ම බලාපොරොත්තු නොවන හදිසි අවශ්‍යතා වලදී භාවිතා කරන්න යම් මුදලක් තමා ඉතිරි කොට ඇති බව දැනගෙන නින්දට යාමේ ඇති සැනසිල්ල වටිනවා නොවේද?
https://asammathasatahan.wordpress.com/2015/05/23/wedding-%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1/
..............................................................................................
අමරුවේ නොවැටි බඳිමු
http://www.elakiri.com/forum/showthread.php?t=1668571