මචන්, ජීවිතේ සමහර වේලාවල්වලදී අපිට අපි නොහිතන දේවල් කෑප කරන්න වෙනවා.. අනික ජීවත් වෙනවා කියන්නේ ඉර හද අල්ලන්න හදන එකත් නෙමෙයි.. උබට ඉන්න හිටින්න තෑනක් තියෙනවානම්.. තුන් වේල කන්න තියෙනවානම් සමාජයේ පිලිකුල් කරන්නේ නෑති චරිතයක්නම් උබ මේ ලෝකේ ඉන්න මිනිස්සු භාගයකටත් වඩා වාසනාවන්තයි.. සමහර වෙලාවල් වලදී අපිට දියුනුව පෙනි පෙනීත් ඒක මගහරින්න වෙනවා මගහෑර යා නොහෑකි කාරනා නිසා.
අපි මනුස්සකම් තියෙන සන්වේදී සින්හල බෞද්ද මිනිස්සු.. ඒ හින්දා කවදාවත් අම්මා තාත්තා අතාරින්න එපා.. උබ පිරිමියෙක් උබට කොලබ එන්නම ඕන නෑ දියුනු වෙන්න.. ඉන්න ගමේ මොනවාහරි කරන්න පටන් ගනින්.. කරන දේට ආසාව තියෙනවානම් දුක විදින්න පුරුදු නම් ඕන මනුස්සයෙක්ට ජීවිතෙ ගොඩ එන්න පුලුවන්, ඉර හද අල්ලන්න බෑරිවෙයි ඒත් ත්මන්ගේ වගකීම් ඉටු කරගෙන බඩගින්නේ ඉන්නේ නෑතිව ඉන්න පුලුවන් වෙයි. තමන්ට නෑති දේ ගෑන හිතලා දුක් වෙනවට වඩා ඈති දේ ගෑන හිතලා සන්තෝස වෙයන්.. කොලබ දෙමවුපියන්ගේ සල්ලි වලින් රජ සෑප විදින උන්ට වඩා උබ උබේ උත්සාඅහයෙන් දෙයක් කරගෙන කීයක් හරි හම්බකරගෙන වේලක් ඈර වේලක් හරි කනවා නේම් ඒක දහස් ගුනයක් වටිනවා.. අම්මව සන්තීසෙන් තියපන්. අම්මට උබ ගෑන ආඩම්බර වෙන්න දීපන්.. අම්ම නෑතිදාක පසුතෑවෙන්න වෙන දේවල් කරන්න එපා.. උබ ඒලෙවල් වෙනකන් ඉස්කෝලෙ ගිහින් තියෙනවානම් ඒ උගත්කම හොදටම ඈති හොද තෑනකට එන්න.. ලොකු දේවල් පස්සේ දුවල දුවලා අපිට කවදාහරි හති වෑටෙනවා ඒක ඉවරයක් නෑති දිවිල්ලක්.. වත්කමින් උගත්කමින් මිනිස්සු හෑමෝම එක වගේ වෙන්න ඔන නෑ ඒත් මනිස්සකමින් හෑදියාවෙන් අපි ඉහලට යන්න ඕන.
මේ හමහර දේවල් උබට අදාල නෑතිව ඈති.. කටට ආවට කිව්වේ.. උබේ ජීවිතේට හරියන තීරනයක් උබ ගනින්. බුදු සරනයි.
අම්මවනම් මොනම හේතුවකට ගෙදර තනියෙන් දාල යන්නෑ මචන්, මොන දේ නැති උනත්. එපා වෙනව මචං ජීවිතේ මෙහෙම හිර වෙනකොට. කොච්චර කොල්ලෝ කෙල්ලෝ තැන් තන් වල ඉගෙන ගන්නවද කිසි ගානක් නැතිව. මොකද ගෙදර ගොඩක් අය ඉන්නව. එයාලට ඒව හිතන්න දෙයක් නෑ. මේ කරුමෙ කියන්නේ මහ පුදුම එකක්. මොනව කරත් වෙනස් කරන්න බෑ



උබ කතාකරන විදියට දැනටමත් තීරනයක් අරන් තියෙන්නෙ ඒ අම්මව දල නොයන්න
