)amila_90210 said:රාවන පෙළපත
පියාගේ පියා - පුලස්ති ඉසිවරයා(පුලතිසි පුරවරය කියන නම ආවේ මෙතනින්..පුලතිසි පිළිමය)
පියා - සුමාලි රජ
මව - කෙකසි
පියා- වෛශ්‍රව ඉසිවරයා(විස්වස්)
සොයුරන් - කුම්භකර්ණ සහ විභීෂණ
වෙසමුනි හෙවත් කුවේරයන්(දේවධර්මය ප්‍රගුණ නොකළ)>> නල කුඹිර
සොයුරිය - අපර්ණක(සුපර්ණකී)
බිරිය- මන්දෝදරීය(මන්දෝතාරා,මදෝරා,මදෝරාවන)
පුතා- ඉන්ද්‍රජිත්,
හදිස්සියේ ලිව්වේ..මේක අසංපූර්ණයි කවුරුහරි සම්පූර්ණ කරන්න..
amila_90210 said:නෑ මිත්‍රයා මුලින්ම කියන්නම් ඔය කෝනාගම බුදුන් කියපු කතාව මම් උපුටා ගත්තේ බුදුසරණ පත්‍රයෙන්..මම අහලා තිබුනේ කාශ්‍යප බුදුන් කියලා..මේ (භද්‍ර) කල්පයේ බුදුවරුන් හතර දෙනෙක් බිහි වෙලා තියනවා වගේම ඒ බුදුවරු 4 දෙනාම ලංකාවට වැඩම කර තිබෙනවා..කල්ප විනාශයක් වෙන්න ඕනම නෑ
1. කකුසඳ බුදුන්
2. කෝනාගම බුදුන්
3. කාශ්‍යප බුදුන්
4. ගෝතම බුදුන්
Amalka101 said:සීගිරිය මුදුනට යන්න තනි රනින් කරපු ලිෆ්ට් එකක් (විදුලු සෝපානයක් කියන්න බෑනෙ... ලීවර ක්‍රමයකින් ක්‍රියා කරපු සෝපානයක් ) තිබුණ කියනවා. ඕක බ්‍රිතාන්‍ය ආණ්ඩුව කාලෙ හිටපු සුද්දො දැනගෙන හිටියා. එක්කෙනෙක් නැවක් අරන් ආවලු ලිෆ්ට් එක ගලවල රත්තරන් ටික පටවන් යන්න.... ඒත් ඒ නැව ගිලුනලු. (මමත් මේ කතාව ඇහුවෙ පත්තරේක පලවුන ලිපියකින්ද කොහෙද.....හරියටම මතක නෑ )
sEE_dA_trUth said:ම්.. මම අහල තියෙන විදියට කල්පය විනාශ වෙන්නෙ මෛත්රී බුදු හාමුදුරුවොත් පහල
වුනාට පස්සෙ..
කොහොම හරි මට මතක විදියට හරප්පා ශිෂ්ඨාචාරයෙ කැනීම් කරනකොට හමුවෙලා තියෙන
මැටි පුවරුවකත් බුද්ධ රූපයක් සටහන් වෙලා තිබුණලු. ඒකෙ කාල නිර්ණයන් කලාම
දැනගන්න ලැබිල තියෙන්නෙ ගෞතම බුදු හාමුදුරුවන්ගෙ කාලයට වඩා පැරණි එකක් කියලා.
ඊට පස්සෙ තීරණය කරල තියෙන්නෙ ඒ කාෂ්‍යප බුදුන් කියල..
කොහොම කොහොම හරි මේකෙන් කියවෙන්නෙ අපි හිතාගෙන ඉන්නවට වඩා ඉක්මණින්
බුදුවරු පහළ වෙනව කියන එකද??
Amalka101 said:මේ භද්‍ර කල්පයේ ලොව්තුරා බුදුවරු 5 දෙනෙක් බිහිවෙනවය කියල කියනවා. අයියා කියපු විදිහට කකුසද, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම කියන බුදුවරු පහල උනා. මෛත්‍රී බුදුහාමුදුරුවො අනාගතයෙ පහල වෙනව. කල්ප විනාශය සිද්ද වෙන්නෙ ඊටත් පස්සෙ...... එහෙමයි අහල තියෙන්නෙ. ඒ වගේම කල්පයකට බුදුවරු කිහිපදෙනෙක් පහල වෙනවලු.... සමහර කල්ප වලට පහල වෙන්නෙම නැහැලු. කතාවක් තියෙනවා මේ භද්‍ර කල්පයෙන් පස්සෙ ආයෙම කල්ප 49 යනකම් ලොව්තුරා බුදු කෙනෙක් පහල වෙන්න නෑ කියල.
YasasSudaraka said:ඔව් ඒක ඇත්ත අමල්කා, හැබැයි ඔය ඉන්දියාවෙ අය තාමත් විශ්වාස කරනවනෙ බුදුහාමුදුරැවො කියන්නෙ රාමගෙ අවතාර වලින් එකක් කියල. මොන තරම් විහිලුවක්ද?
අනෙක් අතට මට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා. රාවණාව පරද්දන්න රාමට පුලුවන් උනා නම් ඒ එයාගෙ තනි දක්ෂතාව නිසා නෙමෙයි මම නං හිතන්නෙ. විභීෂණ රාවනව පාවා දීපු නිසා නෙමයිද?
විභීෂණ රාවනගෙ සේරම යුධ රහස් රාම එක්ක කිව්ව කියල කියනව නේද?
ඒ කියන්නෙ අද වගේම එදත් යුද්ධයක් යනකොට පාවා දෙන්නො රටේ ඉදල තියෙනව.
හැබැයි වැඩේ කියන්නෙ රාමායනයෙ බොරැවට මුලා වෙච්ච අපේ අය අදටත් විභීෂණට දෙවියෙක් වගේ සළකනව ලංකාව නිදහස් කරන්න රාමට සහය දුන්න හින්ද.
මේ ගැන මම වැරදි නම් කියන්න. විභීෂණ ගැන ඔයාලගෙ මතය මොකක්ද????![]()
මේක මෙ ගෑනු ප්‍රශ්ණයක් නෙමේ. රාම ට උවමනා වෙන්න ඇති තමන්ට දකුණින් තියන බලවත් රට පෙරළන්න. ඒක ආවෙ ගෑනියෙක් පිට දාගෙන. පසු කාලෙක සීතව ගිනි පරීක්ෂණ කරල වාත කරන්නත් ඇත්තෙ රාම ට ගෑනි ඒ තරම් වැදගත් නැති නිසා වෙන්නැති. කොහොම නමුත් මේක දේශපාලන පෙරළියක්. පවුල් ප්‍රශ්ණයක් නෙමේsEE_dA_trUth said:
ම්...
විභීෂණ පුදන්න ලංකාවෙ දේවලත් තියෙනව නේද??
කාලයක් තමන්ට හිටපු අසහාය නායකයව පාවල දුන්න මිනිහෙක් දේවත්වෙට පත්කරලා
පුදන්න තරම් තැනකට පසු කාලෙකදි ලංකාව පත් කරලා තියෙනව කියන්නෙ රාම රාවණා
යුද්ධය රාම ඇවිත් සීතාව උසස්න් ගිය එකට ලඝු කරන්න බෑ කියන එක නේද??
මෙතන නිකං පවුල් ප්රස්ණයකට ගහ මරා ගැනිල්ලක්ද වෙලා තියෙන්නෙ, එහෙමත්
නැත්තං ඊට වඩා පුළුල් ආක්රමණයක්ද වෙලා තියෙන්නෙ කියන එකත් හොයා ගන්න ඕනි
මම හිතන විදියට...
amila_90210 said:
මම හිතන්නේ ඕකට උත්තරේ දීලා තිවුන අපෙ නඟා...අනෙක මචන් සාහිත්‍යට එනකොට ඇත්ත පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්(රස එකතුවෙලා එහෙම එනකොට..මහායානයේ කියන්නේ විශ්වයේ අනන්ත බුදුවරු වැඩ හිටින කතාවක්..ඒවා අපට අදාළ නෑ ) ...
tdevinda said:මේක මෙ ගෑනු ප්‍රශ්ණයක් නෙමේ. රාම ට උවමනා වෙන්න ඇති තමන්ට දකුණින් තියන බලවත් රට පෙරළන්න. ඒක ආවෙ ගෑනියෙක් පිට දාගෙන. පසු කාලෙක සීතව ගිනි පරීක්ෂණ කරල වාත කරන්නත් ඇත්තෙ රාම ට ගෑනි ඒ තරම් වැදගත් නැති නිසා වෙන්නැති. කොහොම නමුත් මේක දේශපාලන පෙරළියක්. පවුල් ප්‍රශ්ණයක් නෙමේ
sEE_dA_trUth said:
හ්ම්... ඔව් මචං.
තව පොඩි ප්රස්ණයක් තියෙනවා.. පොඩ්ඩක් මේකත් පැහැදිළි කරල දියං පුළුවන්නම්..
මම දැකලා තියෙනවා රාවන පුවතත් එකක්ම මහාවංසය වැඩකට නැති මිත්යාවක් කියලා ගොඩ දෙනෙක් අදහස් කරනව..
මේ ගැන උඹලගේ අදහස මොකක්ද??
මහාවංසය ලියවීම නිසා අපේ රටේ ථෙරවාදය සුරැකුනා නේද?
බුදුන් උපන් ඉන්දියාවෙන් බුදුදහම මැකිල යනකොට, ලංකාවෙ බුදු සසුන ආරක්ෂා වුනේ මහාවිහාරික භික්ෂූන්
වහන්සේලා අනුගමනය කරපු ආරක්ෂණවාදී ක්රියාමාර්ග නිසා නෙමෙයිද??
හැබැයි පිළිගන්න ඕනි දෙයක් තමයි මහාවංසයේ බරපතල විදියේ පරස්පරතා තියෙනවයි කියල ඓතිහාසික වශයෙන්
ගත්තාම..
නමුත්.. මහාවංසයෙන් උත්සාහ කලේ විජයවත් ඈඳලා සිංහලයන් බුදුන්ට නෑකම් කියන පිරිසක් බවට පත්කරන්න
විනා එය ඉන්දියාව කියන භූමි ඒකකය සමග සම්බන්ධ කරන්න නෙමෙයි නේද?? ඒ කියන්නෙ මහාවංසයෙ අරමුණ
වුනේ සිංහලයා සහ බුදු දහම අතර නෑකමක් හදලා ඒ තුලින් සිංහලයගේ පළවෙනි කාර්යය හැටියට බුදු සසුන සුරැකීම
පත් කිරීම නෙමෙයිද?
සිංහල රජු ඇතුළු සිංහලයා බුදු සසුන රැක ගැනීම අංක 1 හැටියට හිතා ගත්තා.. ලෝකෙ අනික් රජවරු බල කාමයෙන්
මත්වෙලා රටවල් යටත් කර ගන්නකොට අපේ ගැමුණූ කුමාරයා බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් යුද වැදුනා..
කොහොම නමුත් සොළී ආක්රමණ, බටහිර අක්රමණ, මහායානික බලපෑම් ආදියෙන් මිදිලා ථෙරවාදය මේ රටතුල
සුරැකුනේ නැතිනං අද අපි මේ විදියටවත් ඉතිහාසෙ ගැන කතා කරන්න පෙළඹෙයිද??
කොහොම වුනත් දැන් අපි දන්නව මේ කතා ඔක්කොම. තවදුරටත් රාවන ඉතිහාසය හංගල තියාගෙන ඉන්න බෑ කාටවත්.
ඒක හොයාගන්න ඒ අපේ අයිතියක්.. වෙන එකෙකුටවත් අපේ ඉතිහාසය හොයාගන්න අපට තියෙන අයිතිය නැති
කරන්න බැහැ.. නමුත් ඒ අතරම අපට මහාවංසය වගේ අපේ තියෙන වැදගත් ඓතිහාසික සාධක පාගගෙන යන්නත් බැහැ
නේද??..
මොකද කියනවනම්...
දෙමළ ඊළමේ මුලින්ම කියන්නෙ සිංහලයා මහාවංස මිත්යාවක හිරවී ඇත කියලනෙ..
අපිත් ඉතිං ඒකම වෙන විදිහකට කියන්න ඕන නැහැනෙ..
tdevinda said:මහාවංසය මිත්‍යාවක් නෙමේ. ඒක අපි කොහොමත් පිළි ගන්නවා.

sEE_dA_trUth said:
මම දැකලා තියෙනවා රාවන පුවතත් එකක්ම මහාවංසය වැඩකට නැති මිත්යාවක් කියලා ගොඩ දෙනෙක් අදහස් කරනව..
මේ ගැන උඹලගේ අදහස මොකක්ද??
මහාවංසය ලියවීම නිසා අපේ රටේ ථෙරවාදය සුරැකුනා නේද?
බුදුන් උපන් ඉන්දියාවෙන් බුදුදහම මැකිල යනකොට, ලංකාවෙ බුදු සසුන ආරක්ෂා වුනේ මහාවිහාරික භික්ෂූන්
වහන්සේලා අනුගමනය කරපු ආරක්ෂණවාදී ක්රියාමාර්ග නිසා නෙමෙයිද??
හැබැයි පිළිගන්න ඕනි දෙයක් තමයි මහාවංසයේ බරපතල විදියේ පරස්පරතා තියෙනවයි කියල ඓතිහාසික වශයෙන්
ගත්තාම..
නමුත්.. මහාවංසයෙන් උත්සාහ කලේ විජයවත් ඈඳලා සිංහලයන් බුදුන්ට නෑකම් කියන පිරිසක් බවට පත්කරන්න
විනා එය ඉන්දියාව කියන භූමි ඒකකය සමග සම්බන්ධ කරන්න නෙමෙයි නේද?? ඒ කියන්නෙ මහාවංසයෙ අරමුණ
වුනේ සිංහලයා සහ බුදු දහම අතර නෑකමක් හදලා ඒ තුලින් සිංහලයගේ පළවෙනි කාර්යය හැටියට බුදු සසුන සුරැකීම
පත් කිරීම නෙමෙයිද?
සිහල රජු ඇතුළු සිංහලයා බුදු සසුන රැක ගැනීම අංක 1 හැටියට හිතා ගත්තා.. ලෝකෙ අනික් රජවරු බල කාමයෙන්
මත්වෙලා රටවල් යටත් කර ගන්නකොට අපේ ගැමුණූ කුමාරයා බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් යුද වැදුනා..
කොහොම නමුත් සොළී ආක්රමණ, බටහිර අක්රමණ, මහායානික බලපෑම් ආදියෙන් මිදිලා ථෙරවාදය මේ රටතුල
සුරැකුනේ නැතිනං අද අපි මේ විදියටවත් ඉතිහාසෙ ගැන කතා කරන්න පෙළඹෙයිද??
දෙමළ ඊලම පිඹුරු පත් ගහලා නෙවේ ඔවුන් අපට වඩා සංවිධානාත්මකව හා කපටි ලෙස අපේ ඔතෑනි කමෙන් ප්‍රයෝජන අරන් ගොඩක් දුරක් ගිහින් ඉවරයි..ඒකට උදවු කරන්නෙත් අපේම අය කියලා රහසක් නෑ..අපි මෙහෙම අපේ අතීතය යට ගැහීමෙන් තමයි ඇත්තටම ඔවුන් ගේ අරමූණු ඉශ්ට වෙන්නේනමුත් ඒ අතරම අපට මහාවංසය වගේ අපේ තියෙන වැදගත් ඓතිහාසික සාධක පාගගෙන යන්නත් බැහැ
නේද??..
මොකද කියනවනම්...
දෙමළ ඊළමේ මුලින්ම කියන්නෙ සිංහලයා මහාවංස මිත්යාවක හිරවී ඇත කියලනෙ..
අපිත් ඉතිං ඒකම වෙන විදිහකට කියන්න ඕන නැහැනෙ..
YasasSudaraka said:ඔව් ඒක ඇත්ත අමල්කා, හැබැයි ඔය ඉන්දියාවෙ අය තාමත් විශ්වාස කරනවනෙ බුදුහාමුදුරැවො කියන්නෙ රාමගෙ අවතාර වලින් එකක් කියල. මොන තරම් විහිලුවක්ද?
අනෙක් අතට මට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා. රාවණාව පරද්දන්න රාමට පුලුවන් උනා නම් ඒ එයාගෙ තනි දක්ෂතාව නිසා නෙමෙයි මම නං හිතන්නෙ. විභීෂණ රාවනව පාවා දීපු නිසා නෙමයිද?
විභීෂණ රාවනගෙ සේරම යුධ රහස් රාම එක්ක කිව්ව කියල කියනව නේද?
ඒ කියන්නෙ අද වගේම එදත් යුද්ධයක් යනකොට පාවා දෙන්නො රටේ ඉදල තියෙනව.
හැබැයි වැඩේ කියන්නෙ රාමායනයෙ බොරැවට මුලා වෙච්ච අපේ අය අදටත් විභීෂණට දෙවියෙක් වගේ සළකනව ලංකාව නිදහස් කරන්න රාමට සහය දුන්න හින්ද.
මේ ගැන මම වැරදි නම් කියන්න. විභීෂණ ගැන ඔයාලගෙ මතය මොකක්ද????![]()
අම්මොAmalka101 said:දස අවතාර සන්කල්පය අපැහැදිලි වෙන්නෙ ඔතනින්. මොකද විශ්ණුගෙ 9 වෙනි අවතාරය ගෞතම බුදුන් නම් කල්කි (10 වෙනි එක )අවතාරය අනාගතේ පහල වෙන්නෙ කොහොමද කියන ගැටලුව මටත් තියෙනවා. හැබැයි එකක් අපේ වන්ශකතා වලට අනුව බුදු හාමුදුරුවොත් යක්කුන්ව පෙළහර පාලා ලක්ගලිනුත් එහා ගිරි දිවඉනට පැන්නුවය කියනවනෙ. ඒක නිසා ඔය බමුණො ගොතපු කතාන්දර 100% මට නම් විශවාස කරන්න අමාරුයි.
මටනම් විභීශණ තවත් එක පාවාදෙන්නෙක් විතරයි. ලන්කා ඉතිහාසය පුරාම ඔය වගේ පාවාදෙන්නො දකින්න පුලුවන්....වර්තමානයෙත්.
යසය් කියන කතාව හරි. රාමට යුද්දෙ දිනන්න පුලුවන් උනේ රානවගෙ යුධ රහස් වගේම බලගතු ආයුධ විභීශණ හරහා රාමට ලැබුණු නිසයි. අනික තමා, රාවන වගේම විභීශණත් හෙළයෙක්, නාග ගෝත්‍රිකයෙක් (විභීශණගෙ අම්මා මාලනී දේවිය නාග නිසා විභීශණත් නාග ගෝත්‍රිකයෙක් විදිහ්ට නැදින්වෙනව ). ඉතින් රාවන තරම්ම බලවත් නොවුනත් විභීශණ කියන්නෙත් රජ පවුලෙ බලවත් කෙනෙක්. කෙටියෙන් කියනව නම් රාවන ව පරාජය කලේ රාම නෙමෙයි විභීශණ.
geethq said:පූරා විද්‍යා එකෙන් ආව නම් මුන් ඔක්කොම සුදු වෑන් එකක දාගෙන යයි
ගීත් රෝන්ග් ත්‍රෙඩ්YasasSudaraka said:
ඔව් මෙතනදි අපට මහාවංසය කියන මහාර්ඝ ඉතිහාස මූලාශ්‍රය ගෙඩිය පිටින් අමතක කරන්න බැහැ. අප කළ යුත්තෙ ඒකෙ තියෙන අඩු ලුහුඩු තැන් හොයාගෙන නිවැරදි කරන එකනෙ. මොකද මහාවංසෙ ලියද්දි විජය රජ්ජුරැවන්ට කලින් ඉදල ලියන්න ගත්ත නම් වටිනාකම කියල නිම කරන්න බැහැ. ඒත් අපේ අවාසනාවට ඒක එහෙම උනේ නැහැනෙ.
අන්න එතනදියි අපි මහා වංසය එක්ක විරැද්ධ වෙන්නෙ. අපේ ඉතිහාසයෙ ස්වර්ණමය යුගයක් ගෙඩිය පිටින් අමතක කළාට.
geethq said:පූරා විද්‍යා එකෙන් ආව නම් මුන් ඔක්කොම සුදු වෑන් එකක දාගෙන යයි