March 13, 2025 at 10:06 pm | lanka C news
වැලිවේරිය පොලිස් වසමේ ඇඹරළුව මාර්ගයේ අරලියගස්දෙක හන්දිය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවට වැලිවේරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇත.
March 13, 2025 at 6:20 pm | lanka C news
ගාල්ල, අක්මීමන තලගහ ප්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනයට ලක්ව ඇත.
පොලිසිය පවසන්නේ ඔහු නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.