මගේ කාර් එක විකුනන්න දාල තියෙනකොට offer එකක් අවා. price එක ok. පොඩ්ඩක් හොයල බලනකොට offer එක දුන්න කෙනා Car Sale එකක් තියෙන කෙනෙක්. මෙහෙම කෙනෙක්ට වාහනේ විකුණන කොට, අපිට transfer කරන්න පුළුවන් ද. නැත්නම් sale එකකින් ගද්දි වෙනම transfer කරන විදිහක් තියෙනවද?
මීට කලින් sale එකකට වාහනේ විකුනපු අය ඉන්නවනම් පොඩ්ඩක් උදවු කරන්න
බය නැතිව විකුනපන් උබේ මිල එනවා නම්
නමුත් මතක ඇතිව, මොකාට විකුණුවත් RMV එකට දෙන කොලේ (form set eke part eka) උබ පුරෝලා submit කරපන්.... උබ ඒ කොලේ දානවා කියලත් කියපන්.
ලීසි එකක් යනවා නම් බය නැතිව (සල්ලි දුන්නට පස්සේ) වලට දීපන්. (ලිස් නම් කතාව පොඩ්ඩක් වෙනස් )
නැති නම් උන් ඕපන් පේපර්ස් අතින් අත ගිහින්, මොකක් හරි මරාලයක් උනාම උබ පලයන් උසාවි, රිමාන්ඩ්.
උබ VIP නොවන නිසා රෑ 10-11 වෙනකන් උසාවි ඇරලා නඩු අහන එකකුත් නෑ
අසනීප කිව්වත් ඇප දෙන එකකුත් නෑ
ඒ එක්කම වාහනේ මිලදී ගත්තා කියලා ලියුමකුත් ඉල්ලගනින් දිනේ දාලා.
මේ දවස් වල යන කෙස් එක්ක සල්ලි වලට කලත් ඌ ලව්වා බැංකුවට දාලා ගත්තොත් හොදයි. හේතුව ගත්ත එකා cash වලට උබෙන් ගත්තොත්, ඒවා බ්ලැක් මනි කේස් එකක් සෙට් උනොත් උබටත් යන්න වෙනවා. උබ සත්බාවයෙන් කල ගනදෙනුවක් කියලා ඔප්පු කරන කන්. බැංකුවක් හරහා ගියොත් එක පොඩ්ඩක් ලේසි(ගැලවෙන්න එකපාර පුළුවන් නෙමේ කිව්වේ. ලේසි වෙනවා කියල).
බැංකුවක් හරහා කලොත් කැපිටල් ගේන් ටැක්ස් වලට හරි නම් අහු වෙන්න ඕනා. නමුත් වාහන වලට ඇල්ලුවා කියලා අහලා නෑ.
නීතින්ඥ මහත්වරු මේකේ ලීගල් පැත්ත සනාථ කරයි මේක දැක්කොත්.