අවිස්සාවේල්ල මොකක්දෝ අමුතු ෆීලින් එකක් තියෙනවා ඔය ටවුන් එකේ නම ඇහුවම, නිකම් ඩෙජා වූ වගේ, පොඩි කාලේ රත්නපුරේ යන්න ඇති ඔය පාරෙන්, එක නිසා ආපු මතකයක් වෙන්න ඇති. දැන් වැඩිය කැමති මාතර නගරයට. පොඩි ටවුමක්, එත් සැප පහසුවෙන් ඉන්න පුළුවන්. ඊළඟට කැමතියි පදියතලාවට. මොණරාගල පාරෙන් කැලෑ මැදින් යන්න තියෙනව. නැගෙනහිර පළාතේ වුනත් ශීත කාලෙට උඩරට වගේ සීතල වෙන නගරයක්. වියළිකලාපයේ වුනත් ලස්සණයි ගහකොළ තියෙනවා.