sanathvas said:
මට මරු අදහසක් ආවා.
අපිට එතකොට මෙහෙම මෙත් වඩන්න පුලුවන්.
මගේ පිහානේ ඉන්නා මාලු කූරියා හැර, සියලු සත්වයෝ නිදුක් වෙත්වා… කියලා…
පින්වත් මිතුර,
බුදු දහමේ එකම අරමුණ අපගේ සිත්වල තිබෙන රාග ද්වේෂ මෝහ දුරු කර සසරින් නිදහස් වීමයි.
එය කරන්නේ සීල, සමාධි, පඤ්ඤා ලෙස දහම් මග වැඩීමෙන්.
එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරිමෙන්.
එය ගිහි පැවිදි දෙපිරිසටම කරන්න පුළුවන්;
පැවිදි අය උතුම් ශාසන බ්‍රහ්මචරියාවේ යෙදී එය කරන්නේ; ඔවුන්ගේ ගමන ඒ නිසා ඉක්මන්.
ගිහි අය පංච ශීලය (හෝ උසස්) සමාදන් වී දහම් මග වඩනවා.
අද බොහෝ බෞද්ධයෝ කරන්නේ; පන්සිල් ගැන කියමින්
(එය නොකඩා රකින අය කී දෙනා ද ඉන්නේ? ඔබත් එහෙම කෙනෙක් නම් ඉතා සතුටුයි... එහෙම වුණත් නැතත් EK වලට සාදරයෙන් පිළිගන්නවා

)... නිර්මාශ වීම හුවා දක්වමින් ඉන්න එක...
ඒත් ඒ බොහෝ අය අවංකවම ධර්මයේ හැසිරෙන්නේ නෑ...
මේ ධර්මය ඉතා දුර්ලභයි.. ඒ පිරිසිදු නිවන් මඟ එහි තියෙන නිසා..
නිර්මාංශ වෙන එක හොඳයි... ඒත් ඒක නිවන් මඟට අදාළ නෑ..
වැදගත් අප ප්‍රාණ ඝාතයෙන වැළකී අනෙක් අය වැළැක්වීම...
එසේ කිරීමෙනුයි සිතේ ද්වේෂය හට ගැනීම සදහටම නැති කර ගත හැක්කේ...
තුන් ආකාරයකින් පිරිසිදු මස් අහාරයට ගැනීම බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළා.
ඒ තුන දක්වා තියෙන්නේ එම ප්‍රාණ ඝාතවලට සිතිවිල්ලකින් වත් සම්බන්ධ නොවීම සඳහාමයි...
මොකද සිත පිරිසිදු කිරීම බුදුවරයන්ගේ අනුශාසනය නේ...
පිඟානේ ඉන්න මාලුකුරියා ගැන...
- ඌ මැරිච්ච සතෙක්; මරපු කෙනා ඒයට උදව් කළ අය ඒ ප්‍රාණඝාතයට හවුල්;
- ඔබ ඒ සඳහා වචනයකින වත් හවුල් වුණොත් ඒ පව ඔබටත් එනවා.. නැත්නම් නෑ..
අප කරන්න ඕනේ නිර්මාංශ වෙන්න කියමින් යාම නෙවේ..
බුදුරජාණන් වහන්සේ අපට කීවේ පිරිසිදු ධර්මය, දෙවි මිනිසුන්ගේ යහපත පිනිස, ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ ආකාරයන්ම පතුරවන්න..
එතකොට මස් මරන එකෙන් මිනිස්සු වැළකෙයි... (වඩා වැදගත්, ගොඩක් අය නිවන් මගට පිවිසෙයි...)
තමා නිර්මාංශ යැයි කියමින්, බුදු රජාණන් වහන්සේ ගේ අරමුණක් ලෙස vegetarian වීම හුවා දක්වමින් ධර්මය ඒ අයුරින් නොකීවොත්... චතුරාර්ය සත්ය්ය වැළලී යයි.. ඊට පස්සේ "බුදු දහම" කියා දෙයක් ඉතිරිවන්නේ නෑ...
මොකද ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍යයයි...
තෙරුවන් සරණයි!