What the media & other fu***** are telling

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
ඔලුව පහලට හිටලම ලිදේ වැටිල නේද.ලින්ක් එක දීපන්කො ආතල් එකක් ගන්න.

link please :P

aru lide neda.
link eka dapanko

මොකක්ද මේ සීන් එක??:P:rofl:

Search : rusiru kalpagee chitrasena rag

Link: https://www.facebook.com/rusiru.chitrasena/posts/10201749640538438
 

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,747
    6,322
    113
    ගග අද්දර
    Nisansa Dilushan de Silva Mahesh Bandara මම මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙක් [1]. මම Rusiru Kalpagee Chitrasena මෙතන රැග් එක ගැන කියපු හැම දේම අනුමත කරනවා.

    කථිකාචාර්යවරු පිටරට ගිහින් ඉගෙන ගන්නවාට විරුද්දව ලියපු comment එකෙන් ඔබගේ නොදැනුවත් කම පෙනෙන නිසා ඒකට පිලිතුරයි මේ.

    "එකම පවුලේ අය විවාහ වී දරුවන් හැදීමට කියන්නේ inbreeding [2]. මේක අනාගත පරපුර කෙරෙහි නරකට බලපාන බව සොයාගෙන තියෙනවා [3]. ඔය වගේම දෙයක් තියෙනවා Intellectual inbreeding [4] කියලා. ඒකියන්නේ යමෙක් එක්තරා විශ්විද්‍යාලයක (හෝ රටක) සිය උපාධියද (bachelor's degree) පශ්චාත් උපාධිද (Masters and/or Doctorate degrees) අරගෙන එම විශ්විද්‍යාලයේම (හෝ රටේම) ඉගැන්වීම. එහෙම කරනකොට අලුත් පුද්ගලයන් ඉගැන්වුවත් උගන්වන්නේ පරණ දේවල්මයි. අලුත් දැනුමක් අලුත් ක්‍රමයන් නව පරපුරට ලැබීමේ සම්භාවිතව අඩුයි. හරියට අර inbreeding වලදී නව ජාන ඒ පවුලට ලැබෙන්නේ නෑ වගේ. සියරට දේ සිරි සැපදේ කියා හිටපු චීනයේ ශින්ග්හුවා [5] විශ්වවිද්‍යාලය දැන් මේ ප්‍රශ්නයට මුහුන දෙමින් ඉන්නේ. මෙන්න මේ නිසයි ලංකාවේ විශ්වවිද්‍යාල තම නවක කථිකාචාර්යවරු පශ්චාත්උපාධියට පිටරට යන්න දිරිගන්න්නේ. මේක මේ ඔබතුමා කියන විදියට ආණ්ඩුවට කෑගහලා හදන ප්‍රශ්ණයක් නෙමෙයි."

    References
    [1] https://ix.cs.uoregon.edu/~nisansa/CurriculumVitae.php
    [2] http://www.dictionary.com/browse/inbreeding
    [3] https://en.wikipedia.org/wiki/Inbreeding
    [4] https://en.wikipedia.org/wiki/Intellectual_inbreeding
    [5] https://en.wikipedia.org/wiki/Tsinghua_University


    latest
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නවක වදය මානසික රෝගී තත්වයක්ද ?
    නවක වදය ඉතා බහුලවම සිදු වන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ සරසවිවලය. බටහිර රට වල විශ්ව විද්‍යාල තුල ලංකාවේ සහ ඉන්දියාවේ මෙන් බහුලව පැතිරී ගිය නවක වද නැත. යම් ලෙසකින් Bulling , Hazing වැනි තත්වයන් මතු වුවහොත් නීතිමය පියවර ගැනේ.
    උසස් අධ්‍යාපන අමාත්යාංශය පෙන්වා දෙන පරිදි මේ වන විට නවක වධය නිසා නවකයන් 20 ක් මරු දැක 27000 ක් සරසවි හැර ගොසිනි.
    සිසුන් නවක වදයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරනා තිබේ. මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්‍ෂණ කීපයක් තිබේ
    1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)
    2) පවුරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)
    3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම
    4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්‍ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)
    5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව
    6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය
    7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය
    8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking)
    9) අඩු සහනුභූතිය (lack of empathy)
    10) පරපීඩා කාමුකත්වය (sadism)
    නවක වදය ගැන චන්දිම ගෝමස් මෙසේ කියයි
    ........ ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි.



    from FB
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපෙ අක්කා බැඳලා ඉන්න අයියා(මාමගෙ දුව ) දිස්ත්‍රික්කෙ පලවෙනියා වෙලා මෙඩිසින් ගිහින් නවක වදේ හින්දා එපා වෙලා ආපහු ආපු කෙනෙක්.ඔය අසහන කාරයො මතක තියාගෙන ඉඳලා තනිකරලා සෙට් එකක් බැහැලා ගහන්න ඕනෙ අතක් පයක් කැඩෙන්න.ඔය කැම්පස් ඇතුලෙ දාන රැඟුම් ඔක්කොම එලියෙදි සුම්මා...,බීපු රන්කිරි කටින් එන්න එකෙක්ට දුන්නනම් අනිත් උන් හැදෙනවා බලන් ඉද්දි.කවුද කියලා නොකියා ගැහුවනම් රැග් එක කාපු එකාට අවුලකුත් නෑනෙ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අපෙ අක්කා බැඳලා ඉන්න අයියා(මාමගෙ දුව ) දිස්ත්‍රික්කෙ පලවෙනියා වෙලා මෙඩිසින් ගිහින් නවක වදේ හින්දා එපා වෙලා ආපහු ආපු කෙනෙක්.ඔය අසහන කාරයො මතක තියාගෙන ඉඳලා තනිකරලා සෙට් එකක් බැහැලා ගහන්න ඕනෙ අතක් පයක් කැඩෙන්න.ඔය කැම්පස් ඇතුලෙ දාන රැඟුම් ඔක්කොම එලියෙදි සුම්මා...,බීපු රන්කිරි කටින් එන්න එකෙක්ට දුන්නනම් අනිත් උන් හැදෙනවා බලන් ඉද්දි.කවුද කියලා නොකියා ගැහුවනම් රැග් එක කාපු එකාට අවුලකුත් නෑනෙ.

    ඔය යක්කු හුජ්ජ කරන්න යන්නවත් තනියෙන් එලියට බහින්නෙ නෑ බන්.නිවාඩුවට ගෙවල් වල යන්නෙත් මහ රෑට එලියට බහින්නෙ