සුනාමි 11 වන සැමරුම යෙදිලා තිබුනේ 2015 දෙසැම්බර් 26 වෙනිදට. මනිටොබා (M2A-591) ගැන ගොඩක් කතා උනා.නිකමටවත් හිතුනද එදා මනිටොබාව උස්සලා පෙරලලා දාන්න සුනාමියේ කොච්චර ජල කඳක ශක්තිය යෙදවෙන්න ඇතිද කියලා.මමත් දන්නේ නෑ.මමත් මේ ඒක හොයන්න තමයි හදන්නේ.
ආසන්නයෙන් හරි ගනනය කිරීමක් කරන්න M2 එන්ජිමේ දිග,උස,පලල,බර,ග්වේජ් එක දැනන ඉන්න වෙනවා.පලල ඕනෙත් නෑ.ග්වේජ් එක තිබුනම ඇති.
දිග 43feets (~13m)
උස 11feets (~3m)
බර 79ton
ග්වේජ් 5'6"feets (~1.7m)
M2 එන්ජිමකට ගොඩවෙලා ඒකේ කෑලී බෑලි තියන තැන් දැකල තියන නිසා එන්ජිමේ ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍යයෙන් පිහිටන්නේ උසින් හරි අඩකට වඩා පහලින් වෙන්න ඕන.එන්ජිම මීටර් 3ක් පමණ උස නිසා ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න ඕන බිම් මට්ටමෙන් මීටර 1.2 වගේ.ඒක අනුමානයක් විතරයි. ඒත් පලල හා දිග අතට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම නම් පලල අතට අඩකිනුත් දිග (0.85m) අතට අඩකිනුත් (6.5m) පිහිටනවා කියලා උපකල්පනය කරන්න වෙනවා.
එන්ජිමට සුනාමි රල පහර වදින්නේ දුම්රිය ගමන් කරන අතට ලබ්භකව(අංශක 90 කෝණයකින්).ඒ තැන දුම්රිය මාර්ගය පිහිටලා තියෙන්නේ සාගරයට සමාන්තරව නිසා තමයි එහෙම වෙන්නේ.
මුලින්ම හදන්නේ එන්ජිම පෙරලපු බලයේ විශාලත්වය හොයාගන්න.ජලපහර වැදීමෙන් හටගන්නා සම්ප්‍රයුක්ත බලය එන්ජිමේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ක්‍රියාත්මක වෙනවා කියලා උපකල්පනය කරලා හදන්න පුලුවන්.ඒත් පුලුවන් තරම් උපකල්පන නැතිව වැඩේ කරනවා.එන්ජිම සමාකාර එකක් කියලා හිතුවොත් සුනාමි ජලපහර වැදීමෙන් හටගන්නා සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ බිම් මට්ටමෙන් මීටර 1.5ක් උඩින් හා හූඩ් එකක ඉදන් මීටර 6.5 දුරින් ඇතුලට.
සුනාමි ජල පහරෙන් හටගත් බලය P උනොත් (පහල පින්තූරය බලන්න)
P x 1.5 = R2 x 0.85
P x 1.5 = 79 x1000 x 10 x 0.85
P = 447667N ~ (450000N)
ටොන් 79 එන්ජිමට ටොන් 45 ක බරකට සමාන බලයක් ලම්බකව එල්ල වෙලා තියනවා.Side kick වගේ.
පෙරලන්න ඕන බලය හොයල ඉවරයි ආසන්න ලෙස.එන්ජිම පෙරලන්න දායකවූ ජලස්කන්ධය හොයන්න තියෙන්නේ දැන්. ගම්‍යතා සංස්ථති නියමයන් දාලා හොයාගන්න පුලුවන්.ඒකට ප්‍රථම සුනාමි ජල පහර ගොඩබිමට ආ වේගය හොයල ඉමු.
V = h1/2g
h = ගැබුර,ගොඩබිම කිට්‍ටුව ගැබුර 0.5m සිට 2m වගෙ.
ජල පහරේ වේගය ආසන්න ලෙස 5mps(~20kmph) සිට 15mps(~55kmph) වගේ වෙනවා.
අතර මැදි අගයක් ලෙස 10mps ලෙසද දුම්රියේ ගැටුණු ජල පහර ආපසු පොලා නොපැන්න සේද ගැටුමට ගත්වූ කාලය 0.1s සේද සලකා දුම්රිය පෙරලා දැමූ ජල ස්කන්ධය M නම්
450000 = M x (10-0)/0.1
M = 4500kg
මනිටොබාගේ තහඩුවලට දැනුනු පීඩනය = 450000/(13x3) = 11538.46
11540Nm-2(Pa)
මනිටොබාගේ තහඩුවලට දැනුනු පීඩනය වර්ගමීටරයකට ටොන් 1.16 බරකකට සමාන බලයක්. මනිටොබා එදා හිටපු හැටි දැක්කනේ.පැයට කිලෝමීටර 20 පමණ වේගයෙන් ආපු 4500kg වූ ප්ලස්කන්ධයකට කාලය 0.1s තුල පුලුවන් වුනා 79000kg(79ton) බර මනිටොබාව අඹරලා පෙරලලා කුඩුකරලා,, පුඵුන් කෑල්ලක් වහේ පාකරලා යවන්න..
අතර මැදි අගයක් ලෙස 10mps ලෙසද දුම්රියේ ගැටුණු ජල පහර ආපසු පොලා නොපැන්න සේද ගැටුමට ගත්වූ කාලය 0.01s සේද සලකා දුම්රිය පෙරලා දැමූ ජල ස්කන්ධය M නම්
450000 = M x (10-0)/0.01
M = 450kg
කාලයේ තියන බලය කොච්චරද කියලා හිතාගන්න පුලුවනේ!!!!!
කාලය අනුව පොඩී දේකට ලොකූ දෙයක් කරන්න පුලුවන්..හිතන්න දෙයක්
g=10ms-2
ගනනය කිරීම් වල සම්පුර්ණ ක්‍රෙඩිට් එක ලොවිඳු ලක්මාල් සහෝදරයාට හිමි විය යුතුයි. සෑහෙන කාලයක් මම උපකල්පනය කරපු දේවල් ආයෙත් ලොවිඳු හරිම අපූරුවට අකුරු කරලා තියෙනවා.

Last edited:

hageem matha padanam wechcha thred ekak dapan mcn api up karala gannam 