@chami2015 අනිත් එක මෙයා ෆෝන් එක හදන්න දීල තියෙනව ෆෝන් කඩේකට මාස 3කට 4කට කළින් වගේ. ඊට පස්සෙ තමයි ඔය සීන් එක වෙන්න අරගෙනත් තියෙන්නෙ.
@chami2015 ඉස්සර ඩිලිවර් වෙලා තියෙනව මචං. ඒත් මම අර 2FA Enable කරයින් පස්සෙ ඒක වෙන්නෙ නෑ. දැන් පින් එකක් හැදුව නේ. ඒ පින් එක දන්නෙ එයා විතරයි.
මම දැන් ඇහුව ඒ සීන් එකත්. ඔව් මැසේජ් යනවලු, එයාගෙ ප්‍රොෆයිල් ෆොටෝ එකත් වෙනස් වෙලා තියේලු. එයාගෙ යාලුවො කියල තියෙනවලු මැසේජ් ඩිලිවර් වෙනව කියලත්. මම 2FA දැම්මයින් පස්සෙ ඒක වෙන්නෙ නැතිලු.
@chami2015
@chami2015 මම එදා ෆෝන් එකත් චෙක් කරා එහෙම Spy app මුකුත් දාල නෑ. හැබැයි වට්ස්ඇප් නම්බර් එක මාරු කරන එකත් අමාරුයිලු හැමෝම දන්න නිසා ඒ නම්බර් එක. ඔක්කොටම වැඩිය මට තියෙන ප්‍රශ්නෙ අර ෆෝන් එකට එන OTP එක කොහොමද තව කෙනෙක් දැනගන්නෙ කියල. මටත් 90%ක්ම හිතෙන්නෙ එහෙමයි. හැබැයි එදා මම චෙක් කරා එහෙම සැකකටයුතු ඇප් එකක්වත් ප්‍රොසෙස් එකක්වත් රන් උනේ නෑ බං. එහෙම යනව නම් OTP එක එද්දිම ස්ක්‍රීන්ෂොට් එකක් ඕන කඩේ එකාට හෝ වෙන එකෙක්ට යන්න. ඒත් එහෙම ඇප් තියේද බං?
@reddit Spy apps දාල නැහැ කියල කොහොමද confirm කරගත්තේ ? ගොඩක් ඒවා system එකෙන්ම hide වෙනවනේ, කොහෙවත් පෙන්නන්නේ නෑ. මුන්ගේ app එක එහෙම දැම්මොත් reset කලොත් මිසක් වෙන කිසිම විදියටකට පෙන්නන්නේ නැහැ, දැන් මුන් service එක දෙන්නේ නැහැ data leak එකෙන් පස්සේ. shop වල උන් මේ වැඩේ කරනවාමයි ලස්සන කෙල්ලෙක් එහෙම phone dunnoth
ගහන ගහන හැම photo එකමත් යනවා බන් එකෙන්. location, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update. sms command එකෙන් ඕනි වෙලාවට data on කරන්න පුළුවන්, sms එක instant remove වෙනවා process උනාම. තව selfie/back camera එකෙන් photos ගහන්න පුළුවන් ඕනි වෙලාවට user දන්නෙවත් නැතුව.
@Hyaenidae Android 12 ඉඳං ඕව ගොඩක් කරන්න බෑ
වෙන එකක් තියා කැමරා ඔන් වුණත් මයික්‍රොෆෝන් ඔන් වුණත් ඉන්ඩිකේට් කරනව
@reddit ඔයා මගුලක් කියනවා
ඒ රෙද්දවල් disable වෙනවා.
@chami2015 ආහ් මචං එදා මම Root checker එකකුත් දාල බැලුව රූට් කරලද කියල. මොකද රූට් කරල නේ ඔය තමයි සෙල්ලම් දාන්න පුලුවන්. ඒ ටූල් එකේ ආවෙත් රූට් කරල නෑ කියල.
@chami2015 එහෙම අවශ්‍යතාවක් නැහැ ඔය සෙල්ලම් ටික දාන්න. දුරකථනයේ තිරයටත් ප්‍රවේශය ඇතිව සරලව තමන් ළඟ තියන දුරකථනයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් කරන දේවල් වලට වඩා වැඩි යමක් සහ වැඩි ප්‍රයෝජනයක් දුරස්ථව පාලනය කරන කෙනාට ලබන්න පුළුවන් ඉතිං. මං ගාව අධ්‍යනයට හුවමාරු කරගත්ත ඔය මෘදුකාංග කිහිපයක්ම තියනවා.
රූට් නොකර ඒවා සැඟවෙන හා අයින් කරන්න (අන්ඉන්ස්ටෝල්) බැරිවෙන විදිහට දාන්න පුළුවන්. ඒ වගේම හැමවෙලාවෙම ක්‍රියාත්මකව තියෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඊට අමතරව සමහර පේන්නම තියන ගොඩක් අවසර (පර්මිෂන්) ඕන පද්ධති යෙදුම් (සිස්ටම් ඇප්) වුනත් ඇත්තම ඒවා නොවෙන්න පුළුවන් (උදා: ගූගල් ප්ලේ ස්ටෝර් යෙදුම, ඒවා අනිවාර්යෙන් වෙනදා වගේම හොඳට වැඩ කරනවා)
කඩේට දුන්නු නිසා ඒ පුද්ගලයාට රූට් කරලා ඕන දෙයක් දාලා අන්රූට් කරන්නත් පුළුවන්. ඔය පහසුකම් අඩංගු කරලා, එහෙම නැතිනම් සරලව අදාළ යෙදුමක් හෝ දෙකක් දාලා හදපු ස්ටොක් රොම් (දුරකථනයට එන නියම එක) එකක් ෆ්ලෑෂ් කරන්නත් පුළුවන්. එක්ස්ප්ලොයිට් හෝ හාඩ්වෙයාර් මට්ටමින් වැළලෙන්න හදන එවුන් නම් කඩවල නැතිව ඇති.
මේ දෙවල් කරලා බලන්න:
සමහරවිට ඒ පුද්ගලයා වට්ස්ඇප් සේවාවේ අපටත් හිතාගන්න පුළුවන් දුර්වලතාවයකින් ප්‍රයෝජන ගන්නවා වෙන්නත් පුළුවන්. නමුත්, දාගෙන තියන දුරකථන අංක පිටපත් කරලා, අනෙක් දත්ත ඔක්කොමත් එක්ක SD කාඩ් එකකට දාලා ඒ ගෑණු ළමයාට දෙන්න.
@Hyaenidae කීව්වා වගේ හාඩ් රිසෙට් කරලා; අළුතින් වට්ස්ඇප් දාලා බලන්න. නියම ස්ටොක් රොම්/ෆර්ම්වෙයාර් ද තියෙන්නේ බලන්න. (වයිරස්ගාඩ් නම් තේරුමක් නැහැ)
(මම වට්ස්ඇප් පාවිච්චි කරලා නැහැ. වට්ස්ඇප් යෙදුමේ මුරපද වෙනස් කරන්න පුළුවන් නම් කරන්න)
ටෙක් පොරක් කිව්ව නිසා

,
විෂයට ආසයි නම්, මුලින්ම ටික දවසක් දුරකථනය වයිෆයි වලට සම්බන්ධ කරලා, සම්බන්ධතා නිරීක්‍ෂණය කරලා බලන්න. ඒවා බලන්න මේ වගේ මෘදුකාංග සාමාන්‍ය දැනුමකින් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය traffic සහ DNS traffic දෙකම නිරීක්‍ෂණය කරන්න ඕන.
https://www.ntop.org/products/traffic-analysis/ntop/ (High-Speed Traffic Analysis and Flow Collection)
https://www.ntop.org/products/deep-packet-inspection/ndpi/ https://www.ntop.org/products/packet-capture/pf_ring/
https://pi-hole.net/ (Normal DNS server)
සමහර යෙදුම්වල (ඇප්) සැකසුම් වලට අනුව වයි-ෆයි වලට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා සිම් එක හරහා යන සම්බන්ධතා නිරීක්‍ෂණය කරන්න පුළුවන් නම් හොඳයි. ඒකට තව පොඩ්ඩක් විෂය දැනුම ඕන.
හොඳ විෂය දැනුමක් තියනවා නම්, ඇප් ඔක්කෝම නියම ඒවා ද බලන්න. ඊළඟට මෙහෙයුම් පද්ධතියේ සහ යෙදුම්වල (ඇප්) හැසිරීම විශ්ලේෂණය කරලා බලන්න.
එහෙම දේවල් අහුවුනත් නැතත්, ඔයාට ඔය දුරකථනයේ නියම ස්ටොක් රොම් එක හොයාගෙන ෆ්ලෑෂ් කරන්න පුළුවන්. නැතිනම්, ඔය වර්ගයට පෝර්ට් කරපු හෝ පෝර්ට් කරලා රොම් එකක් ෆ්ලෑෂ් කරන්නත් පුළුවන්.
ඕනනම්, සිම් දෙකම නැතිවුනා කියලා ඒ අංකම මොබිටෙල් එකෙන් එයාට ගන්න කියන්න. ඔයා සැක කරන එක් දෙයකට විසඳුමක් වේවි. අන්තිමට ඉතිං තියෙන වට්ස්ඇප් ගිණුම මකලා, අළුතින් එකක් ඒ අංකයට හදන්න බලන්න.
ඔන්න හැමදෙයක්ම කියලා තියෙන්නේ. කලින් කරලා නැත්නම් ලොකු වැඩ කරන්න ගිහින් අනාගන්නේ නැතිව පොඩි වැඩ කරලා බලන්න.

උදව්වක් ඕන නම් අහන්න.
