Whiskey බොමු !!!!

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    දිගු කලක් ජීවත් වෙන්න ගන්න Whisky



    Whiskey-3.jpg



    මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක් බව අපි මීට කලිනුත් සඳහන් කළා. ඒ වගේම මත්පැන් පානය කිරීමෙන් යම් යම් සෞඛය ප්‍රතිලාභ රැසක් අත්වන බව අනාවරණය වී අවසන්. අපි අද කතා කරන්නෙ විස්කි ගැන.



    බර වැඩි වීමෙන් වළකින්න
    විස්කි කොක්ටේල්, බියර්, ඔබ සුපිරි වෙළඳ සැල් රාක්කවල සොයා ගත හැකි වයින් සසඳන කල්හි අඩු කැලරි සහිත මත්පැන් වේ… එහි අඩංගු අඩු සීනි ප්‍රතිශතයට ස්තූති වන්නට විස්කි වීදුරුවක් උවද පානය කිරීමේ ගැටළුවක් නැත.




    හදවත නිරෝගී වීමට
    විස්කි පානය කිරීමෙන් ඔබේ හදවත නිරෝගී කර ගැනීමට හැකි බව ඔබ දැන සිටියාද? එපමණක් නොව විස්කි ලේ කැටි සිරවීමේ අවදානම අවම කරනු ඇත, එමගින් ඔබගේ අංශභාග හා හෘදයාබාධ අවදානම අඩු කරයි. මෙම ධමනි ඇහිරීම වලකයි. කොලොස්ටරෝල් දහනය කර කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවද විස්කි සතුව ඇත.




    Whiskey-1.jpg



    පිළිකා වලට එරෙහිව සටන් කරන්න විස්කි වලට පුළුවන්
    පිළිකා කාරක අවදානම අවම කිරීම, පිළිකා ඇති කරන සංයෝග වලින් ඔබේ ශරීරය ආරක්ෂා කළ හැකිය.මොළය නිරෝගී කරයි.2003 දී කරන ලද අධ්‍යනයකින් විස්කි පානය කරන්නන්, ඩිමෙන්ශියා නම් නිදන්ගත මානසික රෝගයට ගොදුරු වීමට ඇති අවදානම් අඩුවන බව සොයා ගන්නා ලදී. ඔබ ඔබේ මොළය සහ ඉතා වැදගත් ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සඳහා විස්කි පානය ආරම්භ කිරීම සුදුසුය.

    ලේ කැටි හිරවීමේ අවදානම අවම කරයි
    විස්කි පානය මගින් ඔබගේ ධමනි තුළ පමණක් නොව රුධිරවාහිනී තුලද කොලෙස්ටරෝල් ඇතිවීම වළක්වයි. එමෙන්ම එමගින් ඔබගේ ලේ බාධාවක් නොමැතිව ගලායාමේ හැකියාවද ඇති වේ, ධමනි බිත්ති ලිහිල් කිරීමටද උපකාරී වනු ඇත.

    මානසික ආතතිය සමග සටන් කරන්න විස්කි පෙරට
    මිනිස් සිරුරේ ආතතිය සම්බන්ධ සෞඛය ගැටළු පුළුල් පරාසයක ඇති විය හැකිය. විස්කි ඔබගේ ස්නායු සංසුන් කර ඔබගේ ශරීරය ලිහිල් කිරීමට උපකාර කාරී වේ. කාංසාව හා ආතතිය අඩු කිරීමට උපකාරී වේ. නැවුම් ඔක්සිජන් ලේ සමඟ මුසුවී රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටද විස්කි කදිම ඔසුවක් වේ. එම නිසා ඔබට ආතතියෙන් මිදීමට විස්කි උදව් කරාවී.




    Whiskey-4.jpg



    මතකය වර්ධනය
    රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට විස්කි බලපානවා වගේම ඒ හේතුවෙන් ඔබේ මතකය වර්ධනය වනු ඇත.
    ආහාර ජීර්ණයට නම් විස්කිම තමයි
    බර ආහාරයක් අනුභවයෙන් පසු ආහාර දිරවීමට ඉවහල් වේ. ශරීරයට ඔරොත්තු දෙන පරිදි ආහාර ගැනීම සඳහා ආහාර රුචිය පාලනය කිරීමට විස්කි උපකාරී වේ. උවමනා ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීමෙන් පසු ඇතිවෙන බඩ කැක්කුම අවම කිරීමටද විස්කි උදව් වේ.

    දීර්ඝ ආයු කාලය
    ඔබේ ආයු කාලය වැඩි කිරීමට විස්කි උපකාරී වේ. රෝගවලට එරෙහිව ඔබේ ශරීරය ආරක්ෂා කරයි.ඔබට දිගු කල් ජීවත් වීමට අවශ්‍ය කෙරෙන ප්‍රධාන සෛල විනාශවීම මන්දගාමී කිරීමේ හැකියාවක් ඇත.




    Whiskey-2.jpg



    ගත්තේ

    avidimu.lk

    healthtips.lk
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    අමු බේබද්දෙක් ආර්ටිකල් එක ලියලා තියෙන්නේ..:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    අපේ පැත්තේ ලෝයර් කෙනෙක් මලා විස්කි බීලම.මිනිහගේ ලිවර් එක 80% දියවෙලා..
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපේ පැත්තේ ලෝයර් කෙනෙක් මලා විස්කි බීලම.මිනිහගේ ලිවර් එක 80% දියවෙලා..

    හැමදාම බිව්වොත්නම් sorry.com වෙයි :lol:. ඉඳල ඉඳල බොන එක හොඳයි කියල මාත් අහල තියෙනවා ගොඩක් තැන්වලින්:) . එකත් කරටි කැඩෙන්න ගහන එක නෙමේ:lol::lol: . එක shot එකක් වගේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    හැමදාම බිව්වොත්නම් sorry.com වෙයි :lol:. ඉඳල ඉඳල බොන එක හොඳයි කියල මාත් අහල තියෙනවා ගොඩක් තැන්වලින්:) . එකත් කරටි කැඩෙන්න ගහන එක නෙමේ:lol::lol: . එක shot එකක් වගේ

    ඔව් බං..මම ඇස් දෙකෙන් දැක්ක හින්දා කිව්වේ.මොකද ඌ මැරුණට පස්සේ ඒ ගේ විකුණන්න දැම්මා මිනිහගේ පවුලේ අය..ඒ ගෙදර මොකෙක්වත් නෑ..ගෙදර යතුරු දීලා තිබ්බේ අපේ මාමට මාමා එහා ගෙදර නිසා.මම යාළුවෙක් එක්කන් ගියා ගේ බලන්න.කාමරයක හිස් බ්ලැක් ලේබල් කේස් ගණන් ගොඩ ගහලා..මිනිහා බ්ලැක් ලේබල් විතරලු බොන්නේ..මැරෙනකොට අවුරුදු පනස් තුනක් වගේ.:sorry:
     
    • Wow
    Reactions: manjulabw