Who is කරුණාරත්න_පරණවිතාන

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Who is කරුණාරත්න_පරණවිතාන

    කරුණාරත්න පරණවිතාන

    කරුණාරත්න පරණවිතාන ශිෂ්‍ය දේශපාලනය පටන් ගන්නේ ජවිපෙන්. කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙනවා.

    ඊට පස්සේ මාක්ස්වාදය අතහැරලා නලින් ද සිල්වා ගේ ජාතිකත්වය පස්සේ යනවා....

    ජාතිකත්වය පස්සෙ යත්දී චම්පිකලා සෙට් වෙලා ඒ අය පස්සෙ ගීහින් ජනතා මිතුරෝ එකට සෙට් වෙනවා. ජනතා මිතුරෝ එක්ක චන්ද්‍රිකා බලයට ගේන්න වැඩ කරනවා.

    ඊට පස්සේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ෆෙඩරල්වාදී න්‍යාචාර්යවරයෙක් වෙන ජී.එල්. පීරිස් ගේ අමාත්‍යාංශයේ ලේකම් තැනක් ගන්නවා. මතක තියා ගන්න ඕන ඔහු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙලා ඉඳිත්දී ජී.එල්. පීරිස් කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති. විප්ලවවාදී ශිෂ්‍ය අරගලවලට නායකත්වය දෙන ගමන් ඒවා මර්ධනය කරපු ජී.එල්. පීරිස්ට කොක්ක දාගත්තේ එහෙමයි. (ජී.එල්. පීරිස් එක්ක හැප්පුන නලින් ද සිල්වා ඒ වෙනකොට රස්සාව නැතුව ගෙදර.)

    මේ කාලයේ ඔහුගේ දර්ශනය ෆෙඩරල්වාදය / බලය බෙදීම. චන්ද්‍රිකාගේ ඊනියා සාමය අලෙවි කරලා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල් වෙනවා.

    ඊට පස්සේ 2005 මහින්ද ආවම චන්ද්‍රිකා අත හැරලා, මහින්දට සෙට් වෙලා ලේක් හවුස් එකේ ලොකු පුටුවකට මාරු වෙනවා. යුද්ධය පවතින කාලයේ ඒවා අත ඇරලා රට යනවා.

    මහින්ද 2009 යුද්ධෙ දින්නම ආපහු ඇවිත් මහින්දට සෙට් වෙලා 2010 ඡන්දෙ ඉල්ලනවා. එතකොට දේශපාලන දර්ශනය ආපහු ජාතිකත්වයට මාරු වෙනවා. නමුත් ජාතිකත්වය මාකට් කරලා ඡන්දෙ දිනන්න බැරි වෙනවා.

    පැරදිලා ගෙදර ඉන්න මෙයාව මහින්ද ඊට පස්සේ ටොරොන්ටෝවෙ කොන්සල් ජෙනරාල් කරලා කැනඩාවට යවනවා.

    අවුරුදු තුනක් එහෙ සැප සම්පත් භුක්ති විඳලා ආපහු ලංකාවට එන මේ අවස්ථාවාදීයා ඊට පස්සේ මහින්දව පරද්දන්න යහපාලන නඩේය සෙට් වෙනවා. ජාතිකවාදයට ඔලු දෙකයිද මොකක්ද ලිපියක් ලියලා ආපහු ජාතිකත්වයත් අත හරිනවා.

    දැන් මෙයා යූඇන්පී එකෙන් රත්නපුරන් ඡන්දෙ ඉල්ලනවා.

    මේ වගේ අවස්ථාවාදින්ගෙ ඉතිහාසයමිනිස්සු හරියට දන්නෙ නෑ. මර්වින් සිල්වගෙයි මෙයාගෙයි තියෙන වෙනස මොකක්ද? මේ වගේ අයට හිමි වන්න ඕන ඉතිහාසයේ කුණුබක්කිය