බුදු දහම මේ ජීවිතයේ අපට හමුවුන පුදුම සහගතම තෑග්ගක්...
අර අපි පොඩිකාලේ... අලඩින්ගේ පුදුම පහන ගැන අහල තියෙනවනේ... ඒකෙන් අපිට හිතෙන ඔන දෙයක් මවන්න පුලුවන්.. ඒත් එහෙම දෙයක් ප්‍රයෝගික නැහැනෙ..
නමුත් අන්න ඒ වගේම, බුදු දහමත් අපිට සිතූ පතූ විදිහට අපේ ජීවිතවල ගමන් රටාව වෙනස්කරන්න පුලුවන් සැබෑ ප්‍රායෝගික මගපෙන්වීමක්....
ඉස්සර මම නවකතා කියවන්න හරිම ආසයි... කාලයත් එක්ක මම ඉස්කෝලෙ බෞධාගම පොත්වල තියෙන දේවල් එකින් එක ගලපන්න උත්සහ කරා.
ඒකට අපේ පන්සලෙන් පුස්තකාලයෙන් පොත් හොයාගෙන මම කියවන්න පුරුදු උනා. එහෙම කලය ගෙවෙනකොට මම මේ කියවන දේවල් එකින් එක ගැලපිලා බුදු දහමේ එන මූලික කරුනු, ඒ වගේම ඒවගෙ ප්‍රයෝගික ප්‍රයෝජන මට තේරෙන්න ගත්ත.
මම දැන් නවකතා කියවන්න ආස නැහැ...ඉට වඩා බුදු දහම ගැන පොත පත කියවන එක, ඒ ගැන හොයන එක මට රසවත්.
ඒක මට නෙමෙයි මේ ලොකයේ ඉන්න ඔනම කෙනෙකුට එහෙම රසවත් වෙන බව මට දැන් විශ්වාසයි...
"ධර්මය" .... එහෙම කිවුව සැනින් අපට දැනෙන්නේ බොහොම බරපතල අපෙන් ගොඩක් ඈත තියෙන දෙයක්..
එක සාධාරනයි.... ධර්මය බොහොම ගබුරුයි... නමුත් ධර්මය කියන්නේ සරලව හිතනවානම් මේ විශ්වයේ ඒ වගේම අපේ පැවැත්ම ගැන අවබොධයෙන් ඉදිරිපත් කරපු පැහැදිලි කිරිමක්.
ඉතින් ඒ ගැන බොහෝම ගැබුරින් හොයාබලන එක අපිට ගොඩක් අමාරු දෙයක්, ඒත් ඒ ධර්මය ගැන මූලික දැනුමක් අතිකරගන්න එක අපි හැමෝටම බොහොම ලොකු ආශිර්වාදයක්.
අපි මෙතෙක් කල් ආපු අපේ ජීවිත ගමන ආපහු හැරිල බැලුවම අපි බොහොම දෙනෙකුට හිතෙන දෙයක් තමයි, "අනේ මට මෙන්න මේ කාලෙදි අද වගේ තේරුමක් තිබුනනම්... ඒ කාලෙදි මට එහෙම අවබොදයක් තිබ්බනම් මම බොහෝම හොද තැනක"....
ඉතින් අන්න ඒ වගේ අපිට යම් දවසක හිතෙවි " අනේ මම බුදු දහම ගැන අවබොධයෙන් හිටිය නම්' කියල.. සමහර විට ඒ වෙනකොට අපි කවදාටත් වඩා බොහොම පරක්කු වැඩි වෙන්න පුලුවන්.
පන්සලට යන්න, බෝධි පූජා තියන්න, දානය දෙන්න........ ඒත් එයින් සැබෑ ප්‍රතිපල ලැබෙන්න නම් ඔබ හැමදෙනාම "ධර්මය" ගැන යම් හෝ "අවබෝධයක්" අතිකරගත යුතුයි.
"සදහම් සිසිළ"...........
අපිට අපැහැදිලි විශයක් පාඩම් කරනකොට බොහොම ඉක්මනින් කම්මැලි හිතෙනව.. අපිට ඒ හේතුවෙන් අපහසුතාවයක් දැනෙනව. ඒ වගේමයි මේ ජීවිතය, ඒ ගැන යම් අවබොදයක් තියෙන කෙනාට
මේ ජීවිත ගමන පවන් රැල්ලක පහස ගෙනදෙන එකක්.
ජීවිතය ගැන යතා අවබොදයක් අපිට දෙන්නෙ බුදු දහමයි. ඉතින් ඒ අවබොධය ලබාගන්න පොතපත කියවන්න, දැන උගත් අය අසුරු කරන්න. ඒ වගේම දාන-සීල-භාවනා වල යෙදෙන්න..එක අපේ හිත ධර්මාවබොදය වෙනුවෙන් සූදානම් කරනව.
කොටින්ම කියනවනම් පන්සිල් පද පහ ගැන, ආර්ය අෂ්ඨාන්ගික මාර්ගය ගැන, භාවනාව ගැන අපි හොයල ඒ අශිත කරුනුත් එක්ක දැනුම එකතු කරන්න පටන් ගත්තනම් "සදහම් සිසිළ" කියන දෙය අපේ ජිවිත වලට දැනෙන්න පටන් ගන්නව.
ඒ බුදු දහමේ අල්ප මාත්‍රයයි... ඉතින් එතනින් එහාට හිතල බලල කටයුතු කරන එක ඔයාලට බාරයි.
පිං කරන කෙනා වගේම "අවබෝධයෙන් පින් කරන කෙනා" අතර වෙනස වටහගන්න...
වතුර එකතුකරන්න පුලුවන් භාජනයක් ගැන හිතමුකො. මේකෙ කට තමයි අපි ධර්මය ගැන තියෙන අවබෝධය. ඉතින් අපි අහසින් වැටෙන වතුර අපි කරන පිං කියල සැලකුවොත්, අර භාජනයේ කට ( ඒ කියන්නේ ධර්මය ගැන තියෙන අවබෝධය) පුලුල් කෙනාට වැඩි වතුර (පිං) ප්‍රමානයක් ලෙහෙසියෙන් රැස් කරගන්න පුලුවන් වෙනව. ධර්මය ගැන පටු අවබොධයක් තියෙන කෙනාට පිං කරත් රැස් කරගන්න වෙන්නේ බොහොම අල්පයක් විතරයි.
ඉතින් පිං කරනවා වගේම මේ ධර්මය ගැන අවබෝධය ලබාගන්න එකත් වැදගත් වෙනව.
යම් දවසක ඔබටම පසුතැවෙන්න ඉතිරිකරන්න එපා...
"බුදු දහම" ගැන "අවබොධයක්" අතිකරගන්න අදිශ්ඨාන කරගන්න..
ඒක බොහෝම රසවත් මේ ජීවිතය වගේම ඉදිරි ජීවිත වලටත් "සිසිළ සෞභාග්‍ය ගෙනදෙන" ව්‍යායාමයක් වෙනව නියතයි..
අපි හැමෝටම තෙරුවන් සරණයි... !