why ISIS Hate Us

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
අයි එස් අයි එස් ත්‍රස්තයන් බටහිර ලෝකයට වෛර කරන්නේ ඇයි දැයි යන්න ජිහාඩ් සඟරාවක් විසින් හෙළිකරනු ලැබ තිබෙනවා.

මෙම ලිපිය නම්කර තිබුනේ අප ඔබට වෛර කරන්නේ ඇයි,ඔබට එරෙහිව සටන කරන්නේ ඇයි දැයි යනුවෙනි.

ප්‍රධාන කරුණු 6ක් ඔස්සේ ඔවුන් මේ පිළිබඳ කරුණු දක්වා තිබුණා.

01. අල්ලා දෙවියන් විශ්වාස නොකිරීම.
අප ඔබට වෛර කිරීමට ප්‍රධාන හේතුව නම් ඔබ අල්ලා දෙවියන් විශ්වාස නොකිරිමයි.අල්ලා දෙවියන් ප්‍රතික්ෂේප කිරිමයි.ඔහුට අවමන් කිරීමයි.ඔහු ගැන බොරු පැතිරවීමයි.

02. නිදහස් මතධාරීන් වීම
ඔබලාගේ පවතින්නේ නිදහස් මතධාරී සමාජයන් වීම නිසා අල්ලා දෙවියන් තහනම් කළ බොහෝ දේ ඔබ විසින් සිදුකිරිම,ඔහු විසින් අවසර දුන් බොහෝ දේ ඔබ ප්‍රතික්ෂේප කිරිම නිසා අප ඔබට වෛර කරනවා.

03. නිරාගමිකයන් වීම
ලොව නිර්මාණය කළ දෙවි කෙනෙකු සිටින නිසා ඔබගෙන් ඇතැම් අය නිරාගමික විම නිසා අප ඔබට වෛර කරනවා.

04. ඉස්ලාම් ධර්මයට කළ අපරාධ නිසා
ඔබලා ඉස්ලාමය එරෙහිව කළ අපරාධ නිසා අප ඔබට වෛර කරනවා.

05.මුස්ලිම්වරුන්ට කළ අපරාධ නිසා
මුස්ලිම්වරුන්ට කළ අපරාධ නිසා අප ඔබට වෛර කරනවා.මුස්ලිම්වරුන්ට එරෙහිව කළ යුද්ධ,මුස්ලිම්වරුන් ඝාතනය කිරිම නිසා අප ඔබට වෛර කරනවා

06. ඉඩම් පැහරගැනීම නිසා
අපගේ ඉඩම් පැහැර ගැනීම, අයිතිය උදුරා ගැනීම නිසා අප ඔබට වෛර කරනවා.අපගේ ඉඩම් වලින් ඔබලාව නෙරපා දමනතෙක් සටන් කරනවා. අපට එරෙහිව ත්‍රසත්වාදයක් පවතින තාක්කල් අප සටන් කරනවා.සෑම මුස්ලිම්වරයෙකු වෙනුවෙන් අප බැඳී සිටිනවා.
 
  • Like
Reactions: Chathuranga1