wifi වලින් බර හෑල්ලු කරගමු

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    wifi වලින් බර හෑල්ලු කරගමු

    කොහොමද මචංලා.. හෙන කාලෙකිං මේ ත්‍රෙඩ් එකක් ලියන්නේ.. කට්ටිය හොදින් ඇති කියලා හිතනවා..:Dඉතිං මචං අද මේ කියලා දෙන්න හදන වැඩ කෑල්ලත් වයි ෆයි වලින් කරන්න පුළුවන් ගොඩක් වටින වැඩ කෑල්ලක් තමයි.:yes: ඔහොම කියවගෙන යමුකෝ..:cool:

    මේ නූල අරින්නේ වයි ෆයි වලින් කල හැකි සුපිරි වැඩ ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදියට..:)

    හරි කතා ඇති.. වැඩේට බහිමු.:rofl:

    ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි storage අවුල. මොබයිල් device වල ලොකු capacity එකක් නැති හින්දා අපිට ඕන තරං ෆිල්ම්, සින්දු දාන් ඉන්න බෑනේ:no: ඉතිං මේකට විසදුමක් විදියට wifi PC File Explorer ඇප් එක දාගන්න පුළුවන්:cool: මෙතන ඉදං කියන්න හදන්නේ මේ සූටි ඇප් කෑල්ලෙන් ගන්න පුළුවන් වැඩ:rofl:

    ඉස්සෙල්ලාම මේක අපේ ප්‍රෝන් එකට:lol: ඉන්ස්ටෝල් කරන් ඉමු;) play store එකේ wifi pc file explorer කියලා key word එක දීල සර්ච් කරන්න..:nerd:

    v0BH6hu.png


    හරි දැන් ඕක ඉන්ස්ටෝල් කරගන්න..

    දැන් අපේ කොම්පූටරේ පොඩි සර්වර් කෑල්ලක් හදාගන්න ඕන;) එකට මෙතින් ගිහින් සර්වර් එක ඉන්ස්ටෝල් කරගන්න 13MB ෆයිල් එකක් තියෙන්නේ..

    හරි එක ඉන්ස්ටෝල් කරලා ඉන්න. දැන් ෆෝන් එකේ අර ඉන්ස්ටෝල් කරපු ඇප් එක ඕපන් කරගන්න:yes:

    Ps99uyk.png


    දැන් ඔය උඩ තියන Add Computer කියන එක උඩ ටැප් කරන්න. එතකොට පහල තියන එක ඒවි, එකේ Scan QR Code කියල තියන එක උඩ ටැප් කරන්න..

    m4giE79.png


    දැන් ෆෝන් එකේ ස්කෑනර් එක ඕපන් වෙලා ඇති. දැන් කොම්පූටරේ ඉන්ස්ටෝල් කරලා තියන සර්වර් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. ඕපන් කලාම ඔය පහළ තියන එක ඒවි..

    Uc7oEGt.png


    රයිට් දැන් user agreement accept කලාට පස්සේ මෙහෙම එකක් ඒවි..

    9J8BnDc.png


    ඔකේ Start කියන එක දෙන්න..
    රයිට්.. දැන් සර්වර් එක වැඩ මෙහෙම එකක් ඇවිල්ල ඇති.

    wDA8lAW.png


    දැන් මේකේ ඔය දකුණු පැත්තේ උඩ තියන QR code එක ෆෝන් එකේ ස්කෑනර් එකෙන් ස්කෑන් කරන්න.රයිට් දැන් ෆෝන් එකයි කොම්පූටරෙයි connect වෙලා ඇති ඔය පහල තියනවා වගේ පෙන්නාවි..

    TxrZnhh.png
    stbOuU8.png


    දැන් ඉතිං වැඩ ගන්න තමා තියෙන්නේ:P ඔය තියෙන්නේ පහල..

    pduLSSk.png


    ගොඩ නේද..දැන් ඉතිං කැමති ඕඩියෝ වීඩියෝ ඉමේජ් බැරිනං ඕන කිරිකොස් මාළුවක්!:lol::lol:

    7rBQ9I8.png


    හෝව් හෝව් තාම මේකෙන් වැඩ අරන් ඉවර නෑ..:shocked::shocked:

    දැන් බලමු කොහොමද අපිට ඕන ෆයිල් එකක් සේව් කරගන්නේ කියලා..:rofl:
    අමාරු නෑ හරි ලේසියි සේව් කරගන්න ඕන ෆයිල් එක උඩ ටැප් කරන් ඉන්න. ඔය පහල තියන ඔප්ෂන් ඒවි. ඔය පෙන්නල තියන විදියට download කියන එක දෙන්න..

    XamoJH8.png


    දැන් ඉතිං අහයි කොහොද සේව් කරන්නේ කියලා, එකත් සිලෙට් කරලා, select this folder දෙන්න..

    jwH3ptC.png


    දැන් ඩවුන්ලෝඩ් වෙයි..

    DzfyUJC.png


    හරි දැන් බලමු ඩිවයිස් දෙක තුනක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා..:shocked:

    ඇප් එකේ වම පැත්තේ ඉහල අයිකන් එක උඩ ටැප් කලාම ඔප්ෂන් ලිස්ට් එකක් ඒවි(1). දැන් ඒ ලිස්ට් එකේ තියන clone me දෙන්න(2)

    BU3jAyI.png


    දැන් කලින් වගේ වෙනම ඩිවයිස් එකක් එක්ක connect කරගන්න පුළුවන්.
    සැ.යු. multiple device connect කිරීමේදී සියලුම ඩිවයිස් same network වියයුතුයි.

    gEpr8To.png


    clone කරපු එක අයින් කරන්න අවශ්‍ය නම් ඔප්ෂන් මෙනු එකේ(1) close දෙන්න(2)

    HR3OhGv.png


    රයිට් කට්ටියටම වැඩක් උනා කියලා හිතනවා..:) වෙනදා වගේම ගැටළු තියන ඒවා පහලින් දාන්න..
    ඒ වගේම wifi ගැන අලුත් ත්‍රෙඩ් කිහිපයක්ම තියෙනවා දාන්න. බලමු ඉතිං මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒවා ඉදිරියේදී දාන්නම්..

    ජයවේවා..!!
    මේවත් කියවන්න
    wifi වලින් කළහැකි සුපිරි වැඩ
    wifi වලින් කළහැකි සුපිරි වැඩ 2
    surround sound ගැන මුල සිට
    surround sound ගැන මුල සිට2
    අකුණු ගැන මුල සිට

    c8JjdJ7.png

    VTfir5b.png


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    තෑන්ක්ස් මචන්.. පස්සේ වැඩේ කරලා බලන්නම් එතකල් රෙප්+

    ජයවේවා..!!
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Mekata data yanwada, PC to phone ekata eddi


    නෑ නෑ මචෝ ඩේටා යන්නේ නෑ.. අවශ්‍ය වන්නේ wifi hotspot එකක් විතරයි.. hotspot එකක්ර වුටරයක් නැත්නම් ෆෝන් එකෙන් උනත් හදාගන්න පුළුවන්නේ(දන්නැත්නම් කියන්න):)