tfs+++++++
BUMP
+5 rep
ela ela.. thanks.
TFS mcn..![]()
Bump
Good Post
Rep 5+
++++ thnqqq
ela tfs
Thanks bro
Patta
tfs+
කොහොමද මචංලා.. හෙන කාලෙකිං මේ ත්‍රෙඩ් එකක් ලියන්නේ.. කට්ටිය හොදින් ඇති කියලා හිතනවා..ඉතිං මචං අද මේ කියලා දෙන්න හදන වැඩ කෑල්ලත් වයි ෆයි වලින් කරන්න පුළුවන් ගොඩක් වටින වැඩ කෑල්ලක් තමයි.
ඔහොම කියවගෙන යමුකෝ..
මේ නූල අරින්නේ වයි ෆයි වලින් කල හැකි සුපිරි වැඩ ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදියට..
හරි කතා ඇති.. වැඩේට බහිමු.
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි storage අවුල. මොබයිල් device වල ලොකු capacity එකක් නැති හින්දා අපිට ඕන තරං ෆිල්ම්, සින්දු දාන් ඉන්න බෑනේඉතිං මේකට විසදුමක් විදියට wifi PC File Explorer ඇප් එක දාගන්න පුළුවන්
මෙතන ඉදං කියන්න හදන්නේ මේ සූටි ඇප් කෑල්ලෙන් ගන්න පුළුවන් වැඩ
ඉස්සෙල්ලාම මේක අපේ ප්‍රෝන් එකටඉන්ස්ටෝල් කරන් ඉමු
play store එකේ wifi pc file explorer කියලා key word එක දීල සර්ච් කරන්න..
![]()
හරි දැන් ඕක ඉන්ස්ටෝල් කරගන්න..
දැන් අපේ කොම්පූටරේ පොඩි සර්වර් කෑල්ලක් හදාගන්න ඕනඑකට මෙතින් ගිහින් සර්වර් එක ඉන්ස්ටෝල් කරගන්න 13MB ෆයිල් එකක් තියෙන්නේ..
හරි එක ඉන්ස්ටෝල් කරලා ඉන්න. දැන් ෆෝන් එකේ අර ඉන්ස්ටෝල් කරපු ඇප් එක ඕපන් කරගන්න
![]()
දැන් ඔය උඩ තියන Add Computer කියන එක උඩ ටැප් කරන්න. එතකොට පහල තියන එක ඒවි, එකේ Scan QR Code කියල තියන එක උඩ ටැප් කරන්න..
![]()
දැන් ෆෝන් එකේ ස්කෑනර් එක ඕපන් වෙලා ඇති. දැන් කොම්පූටරේ ඉන්ස්ටෝල් කරලා තියන සර්වර් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. ඕපන් කලාම ඔය පහළ තියන එක ඒවි..
![]()
රයිට් දැන් user agreement accept කලාට පස්සේ මෙහෙම එකක් ඒවි..
![]()
ඔකේ Start කියන එක දෙන්න..
රයිට්.. දැන් සර්වර් එක වැඩ මෙහෙම එකක් ඇවිල්ල ඇති.
![]()
දැන් මේකේ ඔය දකුණු පැත්තේ උඩ තියන QR code එක ෆෝන් එකේ ස්කෑනර් එකෙන් ස්කෑන් කරන්න.රයිට් දැන් ෆෝන් එකයි කොම්පූටරෙයි connect වෙලා ඇති ඔය පහල තියනවා වගේ පෙන්නාවි..
![]()
![]()
දැන් ඉතිං වැඩ ගන්න තමා තියෙන්නේඔය තියෙන්නේ පහල..
![]()
ගොඩ නේද..දැන් ඉතිං කැමති ඕඩියෝ වීඩියෝ ඉමේජ් බැරිනං ඕන කිරිකොස් මාළුවක්!
![]()
හෝව් හෝව් තාම මේකෙන් වැඩ අරන් ඉවර නෑ..
දැන් බලමු කොහොමද අපිට ඕන ෆයිල් එකක් සේව් කරගන්නේ කියලා..
අමාරු නෑ හරි ලේසියි සේව් කරගන්න ඕන ෆයිල් එක උඩ ටැප් කරන් ඉන්න. ඔය පහල තියන ඔප්ෂන් ඒවි. ඔය පෙන්නල තියන විදියට download කියන එක දෙන්න..
![]()
දැන් ඉතිං අහයි කොහොද සේව් කරන්නේ කියලා, එකත් සිලෙට් කරලා, select this folder දෙන්න..
![]()
දැන් ඩවුන්ලෝඩ් වෙයි..
![]()
හරි දැන් බලමු ඩිවයිස් දෙක තුනක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා..
ඇප් එකේ වම පැත්තේ ඉහල අයිකන් එක උඩ ටැප් කලාම ඔප්ෂන් ලිස්ට් එකක් ඒවි(1). දැන් ඒ ලිස්ට් එකේ තියන clone me දෙන්න(2)
![]()
දැන් කලින් වගේ වෙනම ඩිවයිස් එකක් එක්ක connect කරගන්න පුළුවන්.
සැ.යු. multiple device connect කිරීමේදී සියලුම ඩිවයිස් same network වියයුතුයි.
![]()
clone කරපු එක අයින් කරන්න අවශ්‍ය නම් ඔප්ෂන් මෙනු එකේ(1) close දෙන්න(2)
![]()
රයිට් කට්ටියටම වැඩක් උනා කියලා හිතනවා..මේවත් කියවන්නවෙනදා වගේම ගැටළු තියන ඒවා පහලින් දාන්න..
ඒ වගේම wifi ගැන අලුත් ත්‍රෙඩ් කිහිපයක්ම තියෙනවා දාන්න. බලමු ඉතිං මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒවා ඉදිරියේදී දාන්නම්..
ජයවේවා..!!
wifi වලින් කළහැකි සුපිරි වැඩ
wifi වලින් කළහැකි සුපිරි වැඩ 2
surround sound ගැන මුල සිට
surround sound ගැන මුල සිට2
අකුණු ගැන මුල සිට
![]()
![]()


