උඹලා ප්‍රශ්නෙ වැරදි කොනෙන් අල්ලගෙන තියෙන්නෙ
කොහෙන් හරි ආටිකල් එකක් හම්බ උනාම හිතනවා ඒක ඇත්ත කියලා
WiFi වලින් හානියක් වෙන්න සම්භාවිතාවක් තියනවා ඒත් මෙන්න මේවත් එක්ක ඒක හිතපන්
WiFi ඩිවයිස් එකකට ට්‍රාන්ස්මීටර් එකක පවර් එක 100mW වගේ තියෙන්න, සාමාන්‍ය ෆෝන් එකක ට්‍රාන්ස්මීටරයක් 1W(1000mW) වගේ 3G/4G වෙනකොට තවත් වැඩියි, ඒ වගේම ඔය ෆික්ස්ඩ 4G වල තවත් වැඩි වෙන්න පුලුවන්
එතකොට ඔය ඔලුව රිදෙනවා නම් වයිෆයි නිසා නෙමයි හේතුව රවුටරේ 4G ට්රාන්මීටරේ වෙන්න පුලුවන්. මොකද WiFi වලට වඩා 10ගුණයකටත් වඩා රේඩියේශන් ලෙවල් එකක් 4G ට්‍රාන්ස්මීටරේ තියනවා
ඒක නිසා උඹලා බයවෙන්න ,ඕන අපිට මීටර් ගානක් ඈතින් තියන වයිෆයි රවුටරේ ගැන නෙමයි, කනේ තියලා කතා කරන ෆෝන් එක, ලගටම වෙලා ඔපරේට් කරන මයික්‍රෝවේව් අවන් එක වගේ දේවල් වලට
4G ඔන් කරලා ෆෝන් එකෙන් නෙට් යනවා කියල හිතපන්, එතකොට ෆොන් එක අතේ තියෙන්නෙ, ඒක වයිෆයි රවුටරේට වඩා අඩුම තරමෙ 10 ගුණයක් පවර්ෆුල් අන්න ඒව හිතපන් හිතනවා නම්, වැඩක් නැති කොනෙන් අල්ලගන්නෙ නැතිව
සාමාන්‍ය මයික්‍රෝවේව් අවන් එකක් 1000W, එතකොට ඒක WiFi රවුටරේට වඩා 10000 ගුණයකින් පවර්ෆුල්
අනික ඔය කියලා තියන විදියට කේබල් එකක් ගැහුවා කියලා ඉන්ටනෙට් ස්පීඩ් අඩු වෙන්නෙ නැහැ, අඩු වෙනවා නම් කේබල් එකේ අවුලක්. අපි වැඩ කරන කම්පැනි වල 50m විතර දුරට ඇදපු LAN Cable වලින් නෙට් යනවා කිසිම අවුලක් ස්ලෝ වීමක් නැතුව