ස්වාධීන වන මන්ත්‍රීන් ඉවත් කිරීමට එජාපය තීරණය කරයි.
එක්සත් ජාතික පක්ෂයෙන් ස්වාධීනව කටයුතු කිරිමට බලාපොරොත්තු වන මන්තී‍්‍රවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමට නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ විපක්ෂ නායක නිල නිවසේදී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පෙන්වාදී ඇත්තේ ස්වාධීනව කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවක් බවයි. පක්ෂයේ බලය බෙදාහැරීම සඳහා විශේෂ කමිටු තුනක් පත් කිරීමටද කටයුතු යොදා ඇත. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක් කමිටුවක් පිහිටුවිමට නියමිතයි. ජ්‍යෙෂ්ඨ නායකයන් සහ පක්ෂ නායකත්වය අතර පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරු අද ප‍්‍රකාශයට පත් කිරීමටයි වික‍්‍රමසිංහ සූදනම් වේ. පක්ෂ අර්බුදයට මැදිහත් වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් තිදෙනෙකු පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ ලබන 17 වනදා සිරිකොත මන්දිරය ඉදිරිපිට පැවැත්වීමට නියමිත උපවාසයක් බව සදහන් වේ. පළාත් සභා මන්තී‍්‍රවරුන් පිරිසක් එම උපවාසය පැවැත්වීමට නියමිතය. උපවාසයට සියලූ කටයුතු සූදානම් කරමින් ඇති බව දකුණු පළාත් සභා මන්තී‍්‍ර මෛතී‍්‍ර ගුණරත්න පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය. එම උපවාසය නතර කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් තිදෙනෙක් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.