Wimana Wasthu (විමානවත්ථු )

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
Wimana Wasthu (විමානවත්ථු )

1175364_384576205004749_1829270042_n.jpg

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පින්වත් දෙව්දුව, ඔබේ අශ්වරථය හරිම ලස්සනයි. ඒ අශ්වයන්වත් දිව්‍යමය ආභරණවලින් ලස්සනට සරසලා තියෙන්නේ. ඒ අශ්වයන් මුහුණ පහළට හරවාගෙනයි ඉන්නේ. අහසින් යන්නේ. හරි බලවන්තයි. වේගවත් ගමන් තියෙනවා. ඔබේ පිනෙන් නේද ඔය අශ්වරථ පන්සියයම පහළ වුණේ? රියැදුරෙක් හොඳින් මෙහෙයවන අශ්වයන් වගේ මේ අසුන් ඔබේ සිතැඟි අනුවයි යන්නේ.

ලස්සන දිව්‍ය ආභරණවලින් සැරසිලා උතුම් දිව්‍යරථයේ ඔබ වාඩිවී සිටිද්දී බබලන්නේ සුන්දර ගිනිසිළුවක් වගේ. මහා එළිය දෙන දෙයක් වගේ. අලාමක පෙනුම ඇති උතුම් දිව්‍ය කායක් දරා සිටින තැනැත්තී, බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට ඔබ ආවේ කවර නම් දිව්‍ය ලෝකයකින්ද?

ඒ දිව්‍යලෝකය කාම සැපයෙන් අග‍්‍ර තැනක්. අනුත්තර වූ දෙව්ලොවක්. එහි දෙවිවරුන් තමන් කැමති කැමති දිව්‍ය සැප මවා ගනිමින් එහි ඇලෙමින් සතුටු වෙනවා. මං දිව්‍ය අප්සරාවක්. මං ඉන්නෙත් මා කැමැති දිව්‍ය රූප මවාගෙනයි. මං ඒ ලෝකයේ ඉඳලයි බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න මෙහි පැමිණුනේ.

පින්වත් දෙව්දුව, ඔබ අතීතයේදී මොනවගේ සුචරිතයකද හැසිරුණේ? අප‍්‍රමාණ කීර්තිය ඇති සැපසේ ජීවත් වෙන ඔබ මේ සැප ලැබුවේ මොන වගේ පිනකින්ද? ඔබ ඉර්ධිමත්. ඔබ උතුම්. ඔබ අහසින් යනවා. ඔබේ ආලෝකයෙන් දසදිශාවම එළිය කරනවා.

පින්වත් දෙව්දුව, ඔබව දෙවිවරුන් පිරිවරාගෙන ඉන්නවා. සත්කාර කරනවා. ඔබ මේ සුගතියෙහි ඉපදුණේ කවර ලොවකින් චුත වෙලාද? ඔබ කවර ශාස්තෘවරයෙකුගේ ධර්මය අනුගමනය කරන කෙනෙක්ද? යම් හෙයකින් ඔබ බුද්ධශ‍්‍රාවිකාවක් නම් එය මා හට පවසනු මැනැව.

පංච පර්වතයන් අතරයි එ් උතුම් නගරය ලස්සනට මවලා තිබුණේ. ඒ ශ‍්‍රීමත් වූ බිම්සර රජාණන්ගේ මහේසිකාවක් වෙලා මං හිටියා. ඒ කාලේ මං ලස්සනට නටනවා. සිංදුත් කියනවා. රජගහනුවර කවුරුත් මාව දැනගෙන හිටියේ ‘සිරිමා’ කියලා.

බුදුරජාණන් වහන්සේ මහා ඉසිවරයෙක්. දෙව් මිනිසුන්ව නිවන් මගේ හික්මවන මහා මුනිවරයෙක්. උන්වහන්සේ තමයි මට මේ දුකේ හටගැනීමත්, මේ දුකත්, අනිත්‍යයි කියා වදාළේ. සනාතන වූ අසංඛත වූ දුක්ඛ නිරෝධය වන ඒ අමා නිවනත් මට වදාළා. සුන්දර වූත් ඇද නැති වූත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මට වදාළා.

මං ඒ අසංඛත වූ අමාමහ නිවන ගැන, එ් තථාගත වූ උතුම් බුදුරජුන්ගේ බුදු සසුන ගැන, හොඳින් අසාගත්තා. නරෝත්තම වූ ඒ බුදුරජාණන වහන්සේ විසින් වදාරණ ලද ධර්මයෙහි මං පිහිටියා. මාත් සිල්වත් වුණා. පුදුම විදිහට මං සංවර වුණා.

ඒ නිකෙලෙස් වූ අසංඛත වූ නිවන ගැනත් තථාගත වූ උතුම් බුදුරජුන්ගේ සසුන ගැනත් මං අවබෝධ කරගත්තා. ඒ නිවන් මගෙහි පිහිටලා සමථ භාවනාවෙන් මං සමාධිය ස්පර්ශ කළා. ඒ සමාධියමයි මගේ නිවන් මාර්ගයේ උතුම් නිවන් මග වුණේ.

මං ඒ අතිඋත්තම වූ අමාමහ නිවන අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍යය ධර්මයෙහි අවබෝධයට පැමිණුනා. සැක රහිත වුණා. බොහෝ දෙනෙක් මට පූජා සත්කාර කරනවා. මං අපමණ වූ සැපසම්පත් විඳිමින් දිව්‍ය ක‍්‍රීඩාවෙහි යෙදෙනවා.

මම ඒ උතුම් වූ තථාගත බුදුරජුන්ගේ ශ‍්‍රාවිකාවක්. ඒ වගේම ඒ අමා නිවන දකින දෙව්දුවක්. චතුරාර්ය සත්‍යය ධර්මය දැකගත්තු කෙනෙක්. ප‍්‍රථම ඵලය වන සෝවාන් ඵලයට පත් වූ කෙනෙක්. මට නම් දුගතියක් නෑ.

ඒ මම බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්නයි පැමිණුනේ. ඒ භික්ෂූන් වන්සේලාත් දුටුවන් පහදිනවා. කුසලයානය තුළයි ඉන්නේ. ශ‍්‍රීමත් වූ ධර්මරාජයන් වහන්සේගේ සොඳුරු ශ‍්‍රමණ සමාගම ගෞරවයෙන් නමස්කර කරන්නයි මං පැමිණුනේ.

නරෝත්තම වූ පුරිසදම්මසාරථී වූ තථාගත වූ මුනීන්ද්‍රයන් වහන්සේ දකින කොට නෙත් පිනා යනවා. සිතට හරිම ප‍්‍රීතියි. උන්වහන්සේ තණ්හාව මුලින්ම සිඳලයි ඉන්නේ. අමා නිවනටයි ඇලූම් කරන්නේ. ලෝකවිනායකයන් වහන්සේ පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මං ඒ තථාගතයන් වහන්සේ වන්දනා කරනවා.

ඛුද්දක නිකාය - විමානවත්ථු පාළි - පීඨ වර්ගය

සිරිමා විමානය
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
1240313_385051664957203_1472579509_n.jpg

දාසී විමානය
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පින්වත් දෙව්දුව, ඔබ ඉන්නෙ මේ සොඳුරු චිත‍්‍රලතා වනයේ. දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඉන්නවා. ඕසධී තාරුකාව වගෙයි. හැම දිශාවක්ම බබලවනවා. ඔබ දේවේන්ද්‍ර වූ ශක‍්‍රයා වගෙයි.

ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප‍්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද?

මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප‍්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුණේ කියන ප‍්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

මං අතීත ජීවිතයේ මිනිස් දුවක් වෙලා හිටියේ. මං ඒ කාලෙ දාසියක්. අනුන්ගේ ගෙවල්වල බැලමෙහෙවරකම් කළා. සදහම් ඇස් ඇති මහා යශෝරාවයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවිකාවක් බවට මං පත්වුණා. අටලෝ දහමින් කම්පා නොවන ඒ බුදුරජුන්ගේ ශාසනයෙහිම සසරෙන් නිදහස් වෙන්නයි මට ඕන වුණේ.

ඒකාන්තයෙන්ම මේ කය බිඳිල ගියාවේ. මේ ධර්මය අවබෝධ කරගන්න මං ගන්න උත්සාහය ලිහිල් කරගන්නේ නෑ. ලොව්තුරු සැප සලසන සුන්දර වූ නිවනට ඇති මාර්ගය මේ පන්සිල්වලින් යුක්තයි.

මේ මාර්ගයේ කෙලෙස් කටුකොහොල් නෑ. කෙලෙස් පඳුරු නෑ. ඍජුයි. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා විසිනුයි මේ නිවන් මග පෙන්වා දෙන්නේ. මං ස්ත‍්‍රියක්. නමුත් යම් මාර්ගයකින් මේ දහම් මාවතේ ගමන් කරනවාද, ඒ මගේ උත්සාහයේ ප‍්‍රතිඵල ඔබටත් දකින්න පුළුවනි.

සියල්ල මැඬලන සක්දෙව් රජිඳුන්ගේ මධුර අල්ලාප සල්ලාපයන්ට මාවත් කැඳවනවා. මාව සතුටින් පුබුදුවන්න හැට දහසක් තූර්ය භාණ්ඩ වාදනය වෙනවා.

ආලම්බ දිව්‍යපුත‍්‍රයා, ඒ වගේම ගග්ගර, භීම, සාධුවාදී, සංසය, පොක්ඛර, සුඵස්ස යන දිව්‍යපුත‍්‍රයන්ද, වීණාමොක්ඛා දිව්‍යාංගනාවද,

ඒ වගේම නන්දා, සුනන්දා, සෝණදින්නා, සුචිම්භිතා, අලම්බුසා, මිස්සකේසී, පුණ්ඩරීකා, අතිදාරුණී යන දිව්‍යාංගනාවන්ද,

ඒණිඵස්සා, සුඵස්සා, සුභද්දා, මුදුවාදිනී යන දිව්‍යාංගනාවන්ද, සංගීතයෙන් මාව සතුටු කරවන අය අතර ප‍්‍රශංසනීයයි.

එ දේවතාවෝ මා කැමැති වෙලාවට මා ඉදිරියට පැමිණෙනවා. අපි දැන් නටමු. අපි සිංදු කියමු. අපි ඔබව සතුටු කරනවා කියලා කියනවා.

පින් නොකළ උදවියට මේ වගේ දිව්‍ය විමාන ලැබෙන්නේ නෑ. පින් කරපු අයටමයි සෝක නැති තව්තිසා දෙවියන්ගේ මේ රම්‍ය වූ නන්දන මහ වනය ලැබෙන්නේ.

පින් නොකළ උදවියට මෙලොව සැපයකුත් නෑ. පරලොව සැපයකුත් නෑ. එනමුත් පින්කළ උදවියට නම් මෙලොව වගේම පරලොවත් සැප ලැබෙනවා.

තව්තිසා දෙව්ලොව දෙවියන් හා එක්වෙන්න කවුරු හරි කමැති නම් බොහෝ සෙයින්ම කුසල් රැුස්කරගන්න ඕන. පින්කළ උදවියමයි දෙව්ලොව ඉපදිලා සැප සම්පත් ලබලා සතුටු වෙන්නේ.

ඛුද්දක නිකාය - විමානවත්ථු පාළි - චිත‍්‍රලතා වර්ගය
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒත් වැඩක් තියේද?රහත් භාවය ලබන්න පින් මදි වෙලානෙ...:(:(:(
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
998481_385442688251434_1115783832_n.jpg


ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ස්වාමීනී, ඔබවහන්සේ පිණ්ඩපාතේ වැඩලා එක්තරා නිවසක් ළඟ නිශ්ශබ්දව වැඩසිටිද්දී ඒ ගෙදර ස්ත‍්‍රියක් හිටියා. හරිම දිළිඳුයි. දීනයි. අනුන්ගේ නිවෙස්වලිනුයි යැපෙන්නේ.

ඇය ඔබවහන්සේ ගැන සිත පහදවා ගත්තා. ඔබවහන්සේට ඇගේ අතින්ම දන්කුඩ බතක් පූජා කළා. දැන් ඇය මිනිස් සිරුර අත්හැර ගිහින්. ඇය ගියේ කොයි දිශාවටද?

සක්දෙව් රජුනි, මං පිණ්ඩපාතෙ වැඩලා ගෙයක් ඉදිරිපිට නිශ්ශබ්දව හිටියා තමයි. ඒ ගෙදර ස්ත‍්‍රියකුත් හිටියා තමයි. ඇය හරිම දිළිඳුයි. දීනයි. අනුන්ගේ නිවෙස්වලිනුයි යැපෙන්නේ.

ඇය මා කෙරෙහි සිත පහදවා ගත්තා. මා හට ඇගේ අතින්ම දන්කුඩ බතක් පූජා කළා. දැන් ඇය මිනිස් සිරුර අත්හැර ගිහින්. ඇය චුත වුණේ ඒ දුක්ඛිත මිනිස් ජීවිතයෙන් නිදහස් වෙලයි.

මහා ඉර්ධිමත් දෙවිවරු ඉන්න නිම්මාණරතී කියන දෙව්ලොවක් තියෙනවා. දන්කුඩ පූජා කළ ඒ ස්ත‍්‍රිය දැන් එහි ඉපදිලා සුවසේ සතුටින් ඉන්නවා.

ඇත්තෙන්ම හරිම අසිරිමත්! ඒ දුප්පත් කාන්තාව මහාකස්සප මහරහතන් වහන්සේ කෙරෙහි ඉතා හොඳින් දානය පිළිගන්වලා තියෙනවා. ඒ දානය පූජා කරගත්තෙත් අනුන්ගේ නිවෙස්වල හිඟමනේ ගිහින් සොයාගත්තු දෙයිනුයි. ඒ දානය සමෘද්ධිමත් වුණා. හරි පුදුමයි!

සියලූ අඟපසඟින් සුන්දර වූ ස්ත‍්‍රියක් ඉන්නවා. තමන්ගේ ස්වාමියාට ඇගේ දැක්මත් අලාමකයි. ඇය සක්විති රජුගේ අගමෙහෙසිය බවට පත්වෙනවා. ඒ වුණාට ඒ සම්පත් මේ දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ.

ලක්ෂයක් රන් කහවණු, ලක්ෂයක් අශ්වයන්, අශ්ව වෙළඹුන් යොදවපු ලක්ෂයක් අශ්වරථ, සුන්දර මිණිකොඬොල් ආභරණවලින් සැරසුණු ලක්ෂයක් කන්‍යාවන් කියන මේ කිසිදෙයක් දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ.

හේමවත කියන වටිනා ඇත්තු ජාතියක් ඉන්නවා. ඒ ඇත්තුන්ට උතුම් රථරෝදයේ හැඩයට කරකැවී ගිය ඇත් දළ තියෙනවා. රනින් කරපු ආභරණවලින් ඒ ඇතුන්ගේ බෙල්ල සරසලා තියෙනවා. එබඳු සෝභමාන වූ ඇතුන් සියයක් ලැබුණත් දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ.

මේ ලෝකයෙහි කවුරු හරි කෙනෙක් සිව්මහා දිවයිනට අධිපති වෙලා සක්විති රජපදවියට පත්වෙනවා නම් දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ.
ඛුද්දක නිකාය - විමානවත්ථු පාළි - චිත‍්‍රලතා වර්ගය

ආචාමදායිකා විමානය
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
1240042_386271144835255_1824369745_n.jpg


ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පින්වත් චණ්ඩාල ස්ත‍්‍රිය, මේ වැඩඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ මහා කීර්තිමත්. දැන් ඔබ උන්වහන්සේගේ සිරිපා යුග වැඳපුදා ගන්න. කල්ප සියයක් ඇතුළත පහළ වී වදාළ සත්වෙනි ඍෂිවරයාණන් වහන්සේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ වැඩඉන්නේ.

රහතන් වහන්සේ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන කෙනෙක්. සිත පහදවා ගන්න. ඉක්මනින්ම ඇඳිලි බැඳ වන්දනා කරගන්න. තව බොහෝම ටික වෙලාවයි ඔබට ජීවත් වෙන්න තියෙන්නේ.

දියුණු කරපු සිතක් ඇති අන්තිම සිරුරක් දරණ උත්තම මුනිඳාණන් වහන්සේ විසින් ඒ සැඬොල් ස්ත‍්‍රියව පිනට පෙළඹෙව්වා. ඉතින් එ් සැඬොලියත් මහා කීර්තිමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුග වන්දනා කරගත්තා.

මේ ලෝකය අවිද්‍යා අන්ධකාරයෙන් කළුවර වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය නැමැති හිරු එළියෙන් විතරයි ඒ ලෝකය එළිය වෙන්නේ. ඉතින් ඒ එළිය ලබාදෙන සම්බුදුරජාණන් වහන්සේට වන්දාන කරපු සැඬොලිය ඒ අයුරින්ම වැඳගෙන බුදුරජුන් වඩින මග බලාගෙන හිටගෙන හිටියා. එතකොට ගවදෙනක් ඇවිදින් ඒ ස්ත‍්‍රියව ඇනල මැරුවා.

මහානුභාව ඇති බුද්ධ වීරයන් වහන්ස, ඛීණාශ‍්‍රවයාණෙනි, නිකෙලෙස් මුනිඳුනි, තණ්හා නැති මුනිඳුනි, හුදෙකලාවේම වන මැද භාවනා කරන මුනිඳුනි, මං දෙව්ලොව ඉපදුණා. මං ඔබවහන්සේට වන්දනා කරනවා.

පින්වත් දෙව්දුව, ඔබ රන්වන් පාටයි. දිළිසෙනවා. මහා පිරිවර ඉන්නවා. නොයෙක් විසිතුරු දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. දිව්‍ය විමානයෙන් බැහැලා මට වන්දනා කරන ඔබ කොයි දිව්‍යාංගනාවද?

ස්වාමීනී, මම චණ්ඩාල ස්ත‍්‍රියක්. මහාවීර වූ ඔබවහන්සේ මාව පෙළඹෙව්වා. ඉතින් මමත් කීර්තිමත් ගෞතම නම් වූ අරහත් වූ බුදුරජුන්ගේ පාකමල් වන්දනා කරගත්තා.

ඒ මං බුදුරජුන්ගේ සිරිපා යුග වන්දනා කරගෙන සැඬොල් යෝනියෙන් චුත වුණා. නන්දන වනයෙහි දිව්‍යවිමනයක උපන්නා. මේ විමානය හැම අතින්ම ලස්සනයි.
දිව්‍ය අප්සරාවන් ලක්ෂයක පිරිවරක් මට ඉන්නවා. ඒ සියලූ දෙනා අතරින් ශරීර සෝභාවෙන්, යසසින්, ආයුෂයෙන් ඒ හැම දෙනාටම වඩා උතුම් කෙනෙක් වුණා.

යහපත් දේවල් ගොඩාක් මං රැුස්කළා. සිහිනුවණ පිහිටුවාගෙන සිටියා. ඉතින් ස්වාමීනී, ලෝකයෙහි මහා කාරුණික මුනින්ද්‍රයන් වහන්සේ බැහැදැකලා වැඳපුදා ගන්නටයි මං ආවේ.

ඒ චණ්ඩාලී දෙවඟන කෙලෙහි ගුණ දන්නවා. කෙලෙහි ගුණ සිහිකරනවා. ඉතින් ඇය ඔය විදිහට පවසලා අරහත් මුනින්ද්‍රයන් වහන්සේගේ පා කමල් වන්දනා කරලා එතැනම නොපෙනී ගියා.

ඛුද්දක නිකාය - විමානවත්ථු පාළි - චිත‍්‍රලතා වර්ගය

චණ්ඩාලී විමානය