WINDOWS PHONE මෙහෙයුම් පද්ධතිය
Source : readme.lk
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් යනුවෙන් හැමෝම දැනහඳුනාගත් මයික්‍රොසොෆ්ට් සමාගම පරිගණක සඳහා නිපැයූ මෙහෙයුම් පද්ධතිය ගැන හැම කෙනෙක්ම පාහේ දන්නවා විතරක් නොවෙයි, සංවර්ධනය වෙමින් පවතින රටක් විධියට රුපියල් තිස්දහසක් (වින්ඩෝස් 10, ගෘහස්ථ වෙළුම) පමණ දීලා මිලදීගෙන එය භාවිතා කරලාත් ඇති. ඔව්, ඔබ රුපියල් සියයකට පමණ අනවසර කොපියක් භාවිතා කළාට එහි නියම මිළ එතරම් අගයක් ගන්නවා. එහෙම කළා නම් ඔබට පුහුල් ගෙඩියක් නැතුව වුණත් හොරෙක් කියලා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්.
ආවෘත කේත හෙවත් කිසිදු කෙනෙකුට බලන්නට, වෙනස් කරන්නට හෝ නොමිලේ වුවත් බෙදාහරින්නට නොහැකි මෙම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය C, C++ සහ එසෙම්බ්ලි යන පරිගණක භාෂාවලින් රචනය කොට තිබෙනවා. පරිගණක සඳහා 1985 වර්ෂයේදී Windows 1.0 සිට මේ වන විට Windows 10 දක්වා නිකුත්වුණු චිත්‍රක අතුරුමුහුණතක් සහිත මෙහෙයුම් පද්ධතියක් වන වින්ඩෝස් කුඩාකළ වෙළුමක් ලෙස ප්‍රථම වරට නිකුත්වූයේ 2000 වසරේදී පොකට්පීසී හෙවත් අත්ලමත තැබිය හැකි පරිගණක උපාංගයක් සඳහා ‘වින්ඩෝස් මොබයිල්’ නමිනුයි. එහි පරිගණකයේ පරිදිම Start බොත්තමක් සහිතව Windows Me වෙළුමේ පෙනුම තිබුණු අතර එය සහාය දැක්වූ එකම තිරවිභේදනය 240 x 320ක් වූවා.
වින්ඩෝස් මොබයිල් 2007 වසර වනවිට උපරිම ජනප්‍රියත්වයක් දිනාගෙන සිටි නමුත් අවසාන වින්ඩෝස් විස්ටා පෙනුමැති වින්ඩෝස් මොබයිල් 6.5 සමග මයික්‍රොසොෆ්ට් සමාගම පැවසුවේ අපි “වින්ඩෝස් මොබයිල් සමග අපි සියල්ල අවුල් කරගත්තා” යනුවෙනුයි. මන්ද, 2009 පමණ වනවිට අලෙවිය දැවැන්ත ලෙස පහළ යනු ලැබුවා. කෙසේ නමුත් 2010 වසරේදී පරණ නම ඉවතලා වින්ඩෝස් ෆෝන් නමින් කරළියට පැමිණි එම සමාගම එහි වින්ඩෝස් 8 ආකාරයේ ටයිල් වලින්, හරියටම කිව්වොත් මෙට්‍රො විලාසය අනුගමනය කරමින් Windows Phone 7 Mango නම්වූ වෙළුමක් එළිදැක්වූවා. එහි Start බොත්තම ඉවත්කර තිබුණු අතර කොටු හැඩැති රැඳවුම්වල තොරතුරු සහ යෙදුම් අයිකන යොදා තිබුණා. 2011 වසරේදී Nokia සමාගම සමග ගිවිසුම් ගතවුණු ඔවුන් එම නැණවත් දුරකථන සඳහා මෙහෙයුම් පද්ධතිය ලෙස වින්ඩෝස් යොදන්නට සමත්වුණා. ඒ සමග ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් සහ වින්ඩෝස් අතර නැණවත් දුරකථන තරගය ඇරඹුණු අතර එය “ත්‍රිත්ව තුරඟ තරගය” නමින් අන්තර්ජාලයේ කතාබහට ලක්වෙනවා.
ඇඟිලි කිහිපයක් සඳහා එකවර සංවේදීතාව දක්වන වින්ඩෝස් ෆෝන් මෙහෙයුම් පද්ධතිය පෙරනිමි වශයෙන් අඳුරු පැහැයට හුරු වර්ණ භාවිතයට නැඹුරුවී ඇති නිසා OLED තිර ඇති දුරකථනවලදී බැටරි බලය ඉතා අවම වශයෙන් වැය වෙනවා. ඊට හේතුව එම තිරවල කළු පැහැය ඇති ස්ථානවලදී තිරය නිවීයාමයි. පෙරනිමි යතුරුපුවරුවෙහි හැඟීම් පවසන ඉමෝටිකෝන්, අක්ෂර වින්‍යාස පරික්ෂාව, වචන පුරෝකථනය සඳහා වෙනම යතුරක් තිබෙනවා. වින්ඩෝස් 8.1 සිට වචනයක යතුරු හරහා ඇඟිල්ල ගෙන යාමෙන් එම වචනය ටයිප් කිරීමේ පහසුකම අඩංගුයි. ප්‍රධාන වෙබ් ගවේෂකය වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මොබයිල් වෙළුම සමග එකවර ටැබ් 6ක් විවෘත කර තැබීමේ හැකියාව ලැබෙනවා.
2015 වර්ෂයේදී වින්ඩෝස් 10 මොබයිල් වෙළුම නිකුත්වූ අතර එහි මයික්‍රොසොෆ්ට්හි නවතම ‘එජ්’ වෙබ් ගවේෂකය අඩංගු වෙනවා. දැන් ඔවුන් වින්ඩෝස් බ්‍රිජ් නමින් මධ්යකාංගයක් නිපදවන අතර ඒ හරහා ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වින්ඩෝස් සඳහා පහසුවෙන් හැරවීමේ පහසුකම ලැබෙන බව පවසනවා.

+++++