windscreen එක පරිස්සම් කරගමු

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    54
    Solihull, Warwickshire, England
    windscreen එක පරිස්සම් කරගමු

    වින්ඩ්ස්ක්‍රීන් එක කියන්නේ වාහනයේ තියෙන වටිනාම කොටසක්. සෑහෙන්න ගණනුත් වෙනවා මේක. රෙපෙයාර් කරන්න ගියොත් මුල් කොලිටියටම ගන්නත් අමරුයි. අනෙක බාල වින්ඩ්ස්ක්‍රීන් හැම තැනම වැහි වහල. ඒක නිසා තියෙන එකම ආරක්ෂා කරගන්න එක තරම් තවත් හොඳ දෙයක් නැහැ. අද මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ මේ වින්ඩ්ස්ක්‍රීන් එක කොහොමද හරියට පරිස්සම් කර ගෙන කල්පැවැත්ම වැඩි කර ගන්නේ කියලා.

     
    windscreen-copy.jpg

    1.  පරිස්සම් තැනක වාහනය පාර්ක් කරන්න.

    ගොඩක් දෙනෙකුට අමතක වෙන දෙයක් තමයි, විවෘත තැනක වාහනේ නැවත්තුවම වින්ඩ්ස්ක්‍රීන් එක මතට විවිධ දේ වැටෙන්න පුළුවන් හැකියාව වැඩියි කියල. විශේෂයෙන්ම පිට්ටනියක් ගාව නම් ලෙදර් බෝලයක් වගේ ඇවිත් වැදෙන්න පුළුවන්. උස ගොඩනැගිල්ලක් යට වගේ නම් ජනේලයකින් එලියට විසි කරන දෙයක් වැටෙන්න පුළුවන්. අනෙක පොල් ගෙඩියක්, කොස් අත්තක්, තාප්පයක් වගේ දෙයක් කඩාගෙන වැටෙන්නත් පුළුවන්. ඒ නිසා කොයි වෙලෙත් හොඳ ආරක්ෂාකාරී තැනක වාහනේ නවත්තල යන්න.

    2. ඉස්සරහ වාහනෙත් එක්ක යම් දුරක් තියාගන්න.

    ඉස්සරහින් යන වාහන වලින් පොඩි ගල් කෑලි, ලෝහ කොටස්, ලී කොටන් වගේ දේවල් වීසි වෙලා අපේ වාහනයට වැටෙන්න පුළුවන් අවස්ථා එමටයි.

    ඉස්සර නම් ගාලු පාරේ එහෙම ගල් ගෙනියන ලොකු ට්‍රක් එහෙම යනකොට පොඩි ගල් කෑලි හරියටවත් විසි වෙනවා. ඇතැම් අය බස් වලින් එලියට සල්ලි විසි කරනවා. ඒ වගේ දේවල් නිසා වීදුරුව යාන්තම් නොපෙනෙන ගානට තුවාල වෙන්න පුළුවන්. මගේ කාර් එකේ එහෙම යාන්තම් පලුදුවක් තිබිල අවුරුදු කිහිපයක් යනකොට එතනින් ඉරිතැලුව මතකයි. ඒ නිසා ඉස්සරහ වාහනේ ඒ වගේ බඩු ගෙනියන එකක් නම් සැලකිය යුතු දුරක් තියාගෙන යන්න.

    3. හොඳ නැති වයිපර් හොඳම නෑ..

    වයිපර් වල තියෙන රබර් එක අවුවට කර වුනාම හරි, ගෙවිල ලෝහ කොටස් එළියට ආවම හරි වීදුරුව හීරෙන්න පුළුවන්. ඒවගේම තමයි, වීදුරුව වියළි ව තියෙන කොයි වෙලාවකවත් වයිපර් එක දාන්න එපා. පොඩි පොඩි දූවිලිවලට වීදුරුව හීරෙන්න පුළුවන්. වයිපර් වොෂර් එක ඇතුලට නිකන් ඉන්න වෙලාවට ෂැම්පු පොඩි පැකට් එකක් අරන් දාල යාන්තම් කළවම් කරලා තියන්න. එතකොට වයිපර් දෙක  වීදුරුව උඩ හොඳට ලිස්සල යාවි හීරෙන්නේ නැතුව. ඒ වගේම හොඳට පිරිසිදුත් වේවි.

    4. පැල්ලමක් වැටිච්ච ගමන් පිහදලා දාන්න.

    හදිස්සියේ කුරුල්ලෙක් ජරා කරොත්, එහෙම නැත්නම් මඩ පැල්ලමක් ආවොත්, තීන්ත ටිකක් වැටුනොත් පුලුවන් ඉක්මණට වතුර ටිකක් හරි තිනර් ටිකක් හරි දාල පිහදලා අරින්න. පත්තර කොලෙකට වතුර ටිකක් දාල පිසදම්මොත් බලන් ඉන්දෙද්දී වීදුරුව දිලිසෙන්න ගන්නවා. සමහර අය නම් දැකල ඇති ඔය සර්විස් ස්ටේෂන් වල එහෙම වාහනේ හොඳ ඉවර උනාම පත්තර කොලයක් අරන් විදුරු පිසදමනවා. පත්තර කොලේ තමයි ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වීදුරු පිසදමන්න කියාපු බඩුව.

    5. දොරවල් සද්දෙට වහන්න එපා.

    දොර වේගෙන් හයියෙන් වාහන එක වාහනේ වීදුරුවලට එච්චරම හොඳ දෙයක් නෙමෙයි. ඒ කම්පනේට වීදුරු දෙදරල කාලයත් එක්ක ඉරි තලන්න පුළුවන්.

    6. වාහනේ අවුවේ නවත්වන්න එපා.

    ලංකාවේ අවුව හරිම රස්නෙයි. ඒ නිසා පුළුවන් හැම වෙලාවේම වාහනේ සෙවණක නවත්වන්න. සෙවනක් හොයා ගන්න බැරි නම් වාහන කවරයක් අරන් වහල තියල යන්න. නුගේගොඩ පැත්තේ නම් කවරයක් වෙන්නේ රු 2500 ක් වගේ. අනෙක තමයි, තද රස්නෙක වාහනේ නවත්වල යනවනම්, ඇතුලේ තියෙන රස්නේ එලියට පිට වෙන්න වීදුරු දශමෙකින් හරි පාත් කරලා යන්න. නැත්නම් වැඩි කල් නොගොස් වීදුරු ඉරි තැලෙන්න පුළුවන්.

    මෙන්න මේ දේවල් ටික තමයිඅද අපිට ඔයාල වෙනුවෙන් අද කියන්න ඕනේ උනේ. මතක තියාගන්න ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකක් සාමාන්‍යයෙන් රුපියල් 10,000 සිට ලක්ෂයක් වෙනකම්ම ගණන් වෙනවා. ඒවගේම හොඳ ඔරිජිනල් ඒව සොයාගන්න එක ලේසිත් නැහැ.


    උපුටා ගැනීමකි

    Full Article:-
    http://rodahathara.com/how-to-protect-windscreen/


     
    Last edited:

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    54
    Solihull, Warwickshire, England
    blog promoting

    ඕක මගෙ බම්බුවක් නෙවෙයි:angry:. copyright case එන නිසා link එක දැම්මේ. උඹලට ඉතින් ලොකු, තැන තැනින් උස්සපු ඒවා උන් ලියපු වගේ මේකෙ ගෙනත් පතබාන ඒවටනෙ. යකෝ වටින දෙයක් දැක්ක නිසයි share කලේ
     
    Last edited:

    Black Rider

    Active member
  • Aug 27, 2012
    560
    107
    43
    ඕක මගෙ බම්බුවක් නෙවෙයි:angry:. copyright case එන නිසා link එක දැම්මේ. උඹලට ඉතින් ලොකු, තැන තැනින් උස්සපු ඒවා උන් ලියපු වගේ මේකෙ ගෙනත් පතබාන ඒවටනෙ. යකෝ වටින දෙයක් දැක්ක නිසයි share කලේ

    ඇත්තම කියුවොත් මේ සයිට් එක මගේ මචං.. මේක මගේ දැනුමින් කරපු දෙයක් නෙමෙයි. එක නිසා මේක blog promoting කියල කියන්න එපා..

    උපුටා ගැනීමක් නිසා, සයිට් එකේ ලින්ක් එක අනිවාර්යෙන්ම දාන්න ඕන.. එහෙම "උපුටා ගැනීමක්" කියල දාපු කෙනාට මන් ඇත්තටම ගෞරව කරනවා..

    මොකද මේ ළඟදිත් මන් බැටරි ගැන ලියපු ලිපියක් සැප්තැම්බර් 14 ලංකාදීප පත්‍රයේ "නිර්මානි බීකොළඹගේ" කියල පරට්ට ගෑනියෙක් ඒ ගෑනි ලියුව වගේ ඒකිගේ නම දාල පබ්ලිෂ් කරලා තිබුන.. මන් ඒකිට නම් කේස් එක අදිනවා..

     
    • Like
    Reactions: Richard Hammond

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    54
    Solihull, Warwickshire, England


    ඇත්තම කියුවොත් මේ සයිට් එක මගේ මචං.. මේක මගේ දැනුමින් කරපු දෙයක් නෙමෙයි. එක නිසා මේක blog promoting කියල කියන්න එපා..

    උපුටා ගැනීමක් නිසා, සයිට් එකේ ලින්ක් එක අනිවාර්යෙන්ම දාන්න ඕන.. එහෙම "උපුටා ගැනීමක්" කියල දාපු කෙනාට මන් ඇත්තටම ගෞරව කරනවා..

    මොකද මේ ළඟදිත් මන් බැටරි ගැන ලියපු ලිපියක් සැප්තැම්බර් 14 ලංකාදීප පත්‍රයේ "නිර්මානි බීකොළඹගේ" කියල පරට්ට ගෑනියෙක් ඒ ගෑනි ලියුව වගේ ඒකිගේ නම දාල පබ්ලිෂ් කරලා තිබුන.. මන් ඒකිට නම් කේස් එක අදිනවා..


    එල මචන්. මන් කියවපු ලිපියක් මේක. ගොඩක් අය වැඩි අවධානයක් යොමු කරන්නෙ නැති side එකක් නිසයි share කලේ.