World First OLED TV By SAMSUNG

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
මුලින්ම මෙ ටික බලලම ඉන්නකො.....

att00130.jpg


att00142.jpg


att00145.jpg


att00136.jpg


att00154.jpg


මොකක්ද මේ OLED තාක්ෂණය කියන්නෙ?

Organic Light Emitting Diode කියන එක තමා ඔය කෙටියෙන් OLED කියන්නේ. මේක පරිගණක, ජංගම දුරකථන, කැමරා, ගීත ධාවක (MP3 Players) ආදී බොහෝ උපකරන වල තිර (Display) සදහා බාවිතාකරන නවතම තාක්ෂණයක්. විදුලි ධාරාවක් ලබාදුන්නම ආලොකය විමෝචනය කිරීමේ හැකියාව තියන Organic නැත්නම් ඓන්ද්‍රීය (කාබන් මූලික) අමුද්‍රව්‍යය උපයෝගී කරගෙන තමයි මේ OLED නිර්මානය කරල තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා OLED තිරවල LCD තිරවලදි වගේ Back light එකක් බාවිතා වෙන්නේ නෑ. මේනිසා විශාල ලෙස විදුලිය ඉතිරිවෙනව විතරක් නෙවෙයි ඉතාමත්ම තුනී තිර නිශ්පාදනයට ඉඩ ලැබෙනව. කොයිතරම් තුනීද කියනවනම් මේ OLED නැනෝමීටර් 100ත් 500ත් අතර ගනකමක් ඇතිව තමා නිශ්පාදනය වෙන්නේ. ඒ කියන්නෙ කෙස් ගසකින් 200කින් පංගුවක් තරම් ගනකමට. කලින් බාවිතාකල තිර තාක්ෂණයෙදි සම්පූර්න තිරයට තනි Back light එකක් බාවිතා කරනව වෙනුවට මේ OLED තාක්ෂණයේදී තිරයේ එක් එක් පික්සලය සදහා වෙන වෙනම OLED බාවිතා කරනව. මේ හේතුව නිසා ඉතා විශාල විභෙදන බලයක් සහිත (High resolution) තිර සහ විශාල පුළුල් තිර නිශ්පාදනයට මග පෑදිලා තියනව. ඒ වගේම තවත් වාසියක් තමයි මේ OLED තිර මගින් ලබාදෙන ඉතාමත් සුපැහැදිලි වර්ණ.

කොහොමද මේ OLED වැඩකරන්නෙ?

මූලිකවම OLED එකක කැතොඩයක් (ඉලෙක්ට්‍රෝන ලබාදීමට), විමෝචක ස්ථරයක් (අනුක කාබනික ස්ථරය) සහ ඇනොඩයක් (ඉලෙක්ට්‍රෝන ලබාගැනීමට) අන්තර්ගත වෙනව. තිරයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සදහා අතැම් තිරවල මීට වඩා වැඩි ස්ථර ගනනක් බාවිතා උනත් මේක තමා OLED තිර වල මූලිකම ව්‍යුහය. මෙන්න මේ ඇනෝඩය සහ කැතොඩය අතර විභව අන්තරයක් ඇතිකලාම ඒ අතර තැම්පත් කරල තියන කාබනික ස්තරය හරහ ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන්කරද්දි තැම්පත් කරල තියන අනුක කාබනික ද්‍රව්‍යයට හා එහි ව්‍යුහයට අදාල වර්ණය විමෝචනය කරනව.

att00157.jpg



OLED තිර හදන්නෙ කොහොමද?


මේ OLED තිර නිශ්පාදනය පියවර කීපයක් ඔස්සේ සිදුවෙනව. උප ස්ථරය පිරිසිදුකර පරිපථ ස්ථරය සැකසීම, අනුක කාබනික ස්ථරය ඇතිරීම සහ ක්‍රමානුකූලව නියමිත රටාවට එය සැකසීමත් අවසාන වශයෙන් දූවිල්ලෙන්, වාතයෙන් සහ තෙතමනයෙන් ආරක්ෂාකරගැනීමට වායුරෝධක ලෙස ඇසුරුම මුද්‍රාතැබීමත් සිදුවෙනව. මෙහිදී කාබනික ස්ථරය ඇතිරීමට සහ එය නිසිලෙස සැකසීමට විවධ වූ ක්‍රම භාවතා තරනව.

තාම මේ ක්‍රමය ලංකාවටනන් ඇවිත් නැලු....:no::no::no:

හොඳයිනන් දන්නවනෙ rep එකක් හරි bump එකකින් සලකලා යන්න......
comment ඉටත් වඩා හොඳයි

repost නම් sry වෙන්න ඔනේ...
email එකෙන් ගත්ත එකකි..