පිහිටා ඇති ප්‍රදේශය
බීජිං නගරයේ සිට කි. මී. 3000 පමණ ඈත නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ ලීසාන් නගරයේ මෙම විශ්ම කර්ම නිර්මාණය පිහිටා ඇත. ලීසාන් සහ ඒ ආශ්‍රිත එමිසෑන් මනරම් කඳුවැටිය කරුණු 4 ක් නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත. හිරු උදාව, අඳුරු මුහුද සහ බුදුරැස් කිරණ සහ මනීවරුන්ගේ දීපය සිචුවාන් පළාතේ ඉතාමත් ආකර්ශනීය සුන්දර භූමි ප්‍රදේශයක මෙම යෝධ පුදුම පිළිම වහන්සේ ඉතාමත් ප්‍රතාපවත් ලෙස මින් කුවින්යි සහ ඩාවු යන ගංගා තුන එකතුවන ස්‌ථානයේ ලීසාන් නගරයට මුහුණලා පිහිටා ඇත.
ප්‍රමාණය
ප්‍රමාණය
මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උස මීටර් 71 (අඩි 233) ක් වන අතර බුද්ධ ප්‍රතිමාවේ ඇඟිල්ලක් මීටර් 3 (අඩි 11) දිගය. වාඩිවී සිටින ආකාරයට නිර්මාණය කර ඇති මෙහි පාද යුග්මය අතර පරතරය මීටර් 8 කි. (අඩි 27). මේ පාද යුග්මය අතර මිනිසුන් 100 කට පහසුවෙන් වාඩිවිය හැක.
නිමිත්ත සහ එහි ඉතිහාසය
නිමිත්ත සහ එහි ඉතිහාසය
මින් සහ ක්‌වින්යි හා ඩාඩු යන ගංගා තුන එකට එකතුවන ස්‌ථානය අතීතයේදී දිනපතා අනතුරු සිදුවන ස්‌ථානයක් ලෙස පැවතිණි. මන්ද මෙම ගංගා තුනේ ජල පහර ඉතා සැඩ බැවිනි. ඔරු සහ පාරුවල පැමිණෙන මිනිසුන් මෙම ස්‌ථානයේදී මෙම ඔරු, පාරු, රුවල්, බෝට්‌ටු එකට එක හැපී මහා විනාශ සිදුවිය. දිනපතා සිදුවන මෙම විනාශය වැළැක්‌වීමට අදිටන් කළ හයිටොංග් නමැති බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කලපුව අද්දර බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීම සුදුසු බව සිතීය. එයට හේතුව බුද්ධ ප්‍රතිමාව ඈතට දැකීම නිසා මිනිසුන් තුළ හටගන්නා චිත්ත සමාධියත්, අනිකාට කලින් මෙම ස්‌ථානයට ළඟාවීමට සිතන තරගකාරී සිතුවිල්ල අඩුවීමත්, බුද්ධ ප්‍රතිමාව නෙළීමට මෙම යෝධ ගල් කන්ද කැඩීමට සිදුවන බැවින් එම විශාල ගල් කුට්‌ටි ගඟට වැටීම නිසා සැර පහර අඩුවීමත් යන කරුණු නිසා අනතුරු අඩුවෙතැයි උපකල්පනය කළ මෙම ඥනවන්ත භික්‍ෂූන් වහන්සේ සිය කාර්ය ආරම්භ කළහ. මෙම භික්‍ෂූන් වහන්සේ මෙම යෝධ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් සෙවීමට වසර 20 ක් චීනය පුරා ඇවිදමින් සම්මාදම් කළ මුදලින් මෙම කාර්යය දියත් කළහ.
මෙම අතරවාරයේ එම ප්‍රදේශයේ සමහර පළාත් පාලන නිලධාරීන් මෙම මුදල උපක්‍රමශීලීව සොරාගැනීමට ගිය අවස්‌ථාවේ හයිටොංග් භික්‍ෂූන් වහන්සේ ප්‍රකාශ කළේ තමාගේ ඇස උගුලා දුන්නත් බුදුහිමි වෙනුවෙන් එකතු කළ මෙම මුදල නොදෙන බවයි. එය තහවුරු කිරීමට සිතූ මෙම වීර භික්‍ෂූන් වහන්සේ තම ඇසචීන අධිරාජ්‍ය පාලන සමයේදී උන්වහන්සේ මෙම පිළිමය නෙළීමේ කටයුතු ආරම්භ කළහ. එසේම උන්වහන්සේට නිම කිරීමට ලැබුණේ පිළිමයේ අඩක් පමණකි. මන්ද උන්වහන්සේ අපවත්වූ බැවිනි. පසුව උන්වහන්සේගේ ගෝල භික්‍ෂූන් දෙපළක් විසින් ඉතිරි වැඩ නිමකර වසර 90 කට පසු එනම් ක්‍රි.ව. 803 දී මෙහි වැඩ නිම කළේය. මෙම කාලය තුළ දහස් සංඛ්‍යාත ජාතිකයන් තම ශ්‍රමය හා බුද්ධිය මෙම නිර්මාණය සඳහා වැය කර තිබිණි. ගලවා ඔවුන්ට පෙන්වීය. ක්‍රි. ව. 713 දී එනම් ටැංග් නම්
බුද්ධ ප්‍රතිමාවේ වටිනාකම
ලෝකයේ විශාලතම කැටයම් කරන ලද බුද්ධ ප්‍රතිමාව මෙය බව අදත් චීන ජනවහරේ එන කවි, සිංදු සහ කතා මගින් මෙය ප්‍රකාශ කර ඇත. මෙම බුද්ධ ප්‍රතිමාවේ වටිනාකම එහි ප්‍රමාණය මත පමණක් රැදී නොපවතින අතර එහි ඇති වාස්‌තු විද්‍යාත්මක නිර්මාණශීලී බවද, අගය කළ යුතුව ඇත. බුදුරජුන්ගේ කොණ්‌ඩයේ ඇති කැරලි ගණන පමණක් 1021 කි. මෙම කෙහෙ කැරලි ඉතාමත් සූක්‍ෂම සහ දක්‍ෂ ලෙස හිසට ඔබ්බවා ඇත. මෙම ප්‍රතිමා වහන්සේගේ එක් සවන් පතක් පමණක් මීටර් 7 ක් (අඩි 23) දිග වන අතර එය දැවයෙන් නිර්මාණය කර ඇත. දැව මතුපිට විශේෂ මැටි වර්ගයකින් ආවරණය කර ඇත. වසර දහස් ගණනකට පෙර ශෛලමය ප්‍රතිමාවකට මෙවන් දෑ සවි කිරීම සහ අදත් නිරුපද්‍රිතව පැවතීම විශ්මය දනවන සුළුය.
අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු
ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම පිළිම වහන්සේ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම සඳහා ලෝකයේම අවධානය යොමු වී ඇත. 1963 ට පෙර පාංශු ඛාදනය සුළඟ සහ වර්ෂාව නිසා මෙම ප්‍රතිමාව විනාශ වීමට පටන්ගෙන තිබූ අතර චීන රජය යුනෙස්‌කෝ සංවිධානය අධීක්‍ෂණය යටතේ මෙහි අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු කරගෙන යනු ලබයි.
ලෝක උරුමය
මෙම යෝධ බුද්ධ ප්‍රතිමාව ලෝක උරුමයක් මෙන්ම සැඟවුන ලෝක උරුමය ලෙසද සමහරු හඳුන්වති. බුදුහිමි වෙනුවෙන් එදා මෙවැනි යෝධ නිර්මාණය බිහිවූයේ චීනයේ පමණක් නොවේ. තලේයිබාන් බුදු පිළිම, ඉන්දුනීසියාවේ බොරෝ බුදූර් පිළිම වහන්සේ ඇතුළු තවත් නිර්මාණ ලෝකයේ විවිධ රටවල ඉදිකළහ. මෙයින් ගම්‍ය වන්නේ කුමක්‌ද? එදා උන්වහන්සේ ලෝක සත්වයන් වෙනුවෙන් සැබෑ අනුකම්පාවෙන් දේශනා කළ ධර්මය කොතෙක් දුරට ජනතාවගේ යහපත පිණිස හිතසුව පිණිස ගැලවීමේ මාර්ගය පිණිස හේතුවූවාද යන්නයි. එදා ඒ ලැබූ සත්කාර, සම්මාන, ගරු බුහුමන්, පුද පූජා අදත් උන්වහන්සේට ලැබෙන්නේ ඒ ධර්මය තුළ පැවැති සත්‍ය බව නිසා නොවේද? අදටත්, ඉදිරියටත් අසත්‍යවන, අසත්‍ය වූ කිසිවක් උන්වහන්සේ දේශනාකර නැත. ඒ සත්‍ය ධර්මය ලෝකවාසීන්ගේ හිතසුව සහ යහපත පිණිසම වන්නේය.
- Wiki

ස්තූතියි අපිත් එක්ක මේ විස්තර බෙදාගත්තට.