Original post : ruff2000
http://elakiri.lk/forum/showthread.php?p=11831562#post11831562
බෞද්ධ ආගමික ස්ථාන
ලංකවේ ඉදිකරන අනවසර ආගමික ස්ථාන වලින් බහුතරය බෞද්ධ ඒවා බව මෙම ලියුම්කරුගේ අදහසයි. නමුත් අප රටේ අතිබහුතරයකට මෙය නොපෙනේ, නොතේරේ හෝ ඒ බව දැනගැනීමට අවශ්‍යතාවයක් නොමැත. ලංකාවේ තුල බෞද්ධ සමාජය තුල ඉදිකරන අනවසර ආගමික ස්ථානයන් මේවාය.
අසපු, ආශ්‍රම, භාවනා මධ්‍යස්ථාන, දේවාල, නොයෙක් ස්ථානයන්හි ස්ථාපනය කරන්නාවු ප්‍රථිමාවන්, බෝධී ප්‍රාකාරයන් සහ මෙකී නොකී නාමයන්ගෙන් කරන්නාවු ඉදිකිරීම්ය. මේ ඉදිකිරීම් කිරීම සඳහා බෞද්ධ සම්ප්‍රදායක් ඇත. නමුත් ඒ සම්ප්‍රදායන් සියල්ල බිඳිමින් මේ ඉදිකිරීම් කරගෙන යයි.

මුස්ලිම් ආගමික ස්ථාන
අද ලාංකීය මුස්ලිම් සමාජය දෙස බලන කල ඔවුන් කිසිදු ප්‍රථිමාස්ථාපනයක් නොකරති. නමුත් ඔවුන්ට තිබෙන්නාවු ජනගහනයට අනුව පල්ලි සංඛ්‍යාව නොසෑහේ. මෙය ඇත්තක් දැයි දැක බලාගන්නට සිකුරාදා දිනෙක දහවල මුස්ලිම් පල්ලියකට ගොස් බලන්න. ලංකාවේ පල්ලි වලින් ඉතාමත් බහුතරයකටම එම පල්ලි කරා ඇදෙන ජන සංයුතිය දරාගත නොහැකි තරම්ය. මේ වැඩිවන ජනගහනය උදෙසා අළුතින් පල්ලි ඉදිකිරීමට යන අවස්ථාවන්හිදී එම ස්ථාන අවට සිටින අන්‍යාගමික ජනතාවගෙන් බලපෑම් එල්ල වන්නේ නිරායාසයෙනි. එයට ප්‍රධාන හේතුව නම් යම් තැනක මුස්ලිම් පල්ලියක් තිබේ නම් එතැන මුස්ලිම් ගහනය වැඩිවන බවට වන ඔවුන්ගේ විශ්වාසයයි. නමුත් මෙලෙස මුස්ලිම් වරුන්ට පල්ලි ඉදිකිරීමට නොදීමෙන් සිදුවන්නේ කුමක්ද?
මධ්‍යම පලාතේ එක්තරා ස්ථානයක අළුතෙන් පල්ලියක් ඉදිකරන්නට ගිය විට එම ප්‍රදේශයේ යම් අන්තවාදීන් පිරිසක් ළඟ තිබෙන විහාරස්ථානයකට ගොස් මේ පිළිබඳව විහාරාධිපති හිමියන්ට පැමිණිලි කළ අවස්ථාවේ එතුමා පවසා ඇත්තේ. මේ මිනිසුන් කරන්න ගියේ කුමක්ද? ඔවුන් එතන බාර් එකක්වත්, ගණිකා නිවසක් වත්, සුදු පොලක් දාන්නවත් ගියේ නැහැ. ඔවුන් කළේ තමන්ට දෙයියන් වඳින්න පල්ලියක් හදා ගන්න එකයි. මිනිස්සු තමන්ගේ ආගමට නැඹුරු වන විට වෙන්නේ කුමක්ද? ඔවුන් යහපත් පුද්ගලයන් වෙනවා. ඉතින් මේ මුස්ලිම් අය පල්ලියක් හදාගෙන යහපත් මිනිසුන් වෙන්න හදනකොට ඔයාලා විරුද්ධ වෙන්නේ ඇයි? යැයි පවසා ඇත.
මේ හිමියන්ගේ බුද්ධිමත් බව නිසා එම ප්‍රදේශයේ මුස්ලිම් වරුන්ගේ අයිතීන් සුරැකුනි. නමුත් ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හි සිදුවන්නේ කුමක්ද? ගණිකා මඩම්, සම්බාහන මධ්‍යස්ථාන, කැසිනෝ ක්ලබ්, සමාජ ශාලා, කැරෝකේ, මත්පැන් හල්, සුදු පොලවල්, ගබ්සා මධ්‍යස්ථාන වැනි ජනතාවට හානි කරන තැන් බොහොමයක් තිබෙන නමුදු අන්තවාදීන් මේවාට විරුද්ධ නොවී විරුද්ධ වන්නේ මුස්ලිම් වරුන්ගේ පල්ලියටය.

http://www.dawahcorner.net/අනවසර-ආගමික-ස්ථාන/#more-206