Xiaomi mi 4:$322 (Rs.41,904.43) කට xiaomi සමාගමෙන් අපූරු android smartphone එකක්

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Xiaomi mi 4:$322 (Rs.41,904.43) කට xiaomi සමාගමෙන් අපූරු android smartphone එකක්

    xiaomi-mi-4-trickslanka.png


    චීනයේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Xiaomi විසින් ඔවුන්ගේ නවතම Smartphone එක “Mi 4″ නමින් අද වෙළදපලට හදුන්වාදෙනු ලැබුවා. 2.5GHz Qualcomm Snapdragon 801 quad-core processor එකකින් හා 3GB RAM එකකින් බලගැන්වෙන මෙම Xiaomi Mi 4 Smartphone එක ඔබ අතට පැමිණෙන්නේ අගල් 5ක Full HD Display screen එකක්, 16GB/ 64GB Storage එකක්, 3080mAh බැටරියක්, 13MP පසුපස කැමරාවක් හා 8MP ඉදිරිපස කැමරාවක් සමගයි.

    mi-4-trickslanka.png


    4G LTE සහය දක්වන Xiaomi සමාගමේ ප්‍රථම ස්මාර්ට්ෆෝනය මෙය වන අතර water resistance වැනි ටහ්වත් අමතර විශේෂාංග රැසකින් එය සමන්විතයි. ඒවගේම Xiaomi Mi 4 හි පසුපස කවරය පහසුවෙන් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමටත් Xiaomi සමාගම ඉඩකඩ සලසා දී තිබෙනවා. Xiaomi පවසන පරදී wooden, fabric, හා leather back cover ඔබට අවශ්‍යනම් වෙනමම මිලදීගත හැකියි.

    xiaomi-mi4-02.png


    xiaomi-mi4-01.png


    xiaomi-mi4-back.png


    xiaomi-mi4-trickslanka.png


    Android 4.4 KitKat මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වන මෙම නවතම Xiaomi Mi 4 Smartphone එකේ 16GB model එක Rs41,904.43 ට හා 64GB model එක Rs52,055.19 කට මිලදීගත හැකියි. මීට අමතරව Xiaomi සමාගම Xiaomi Mi 4 සදහා නවතම Mi Band එකකුත් හදුන්වාදී තිබෙනවා. එය Rs1,561.66 ක් වැනි මුදලකට ඔබට මිලදීගත හැකියි.

    Source: