Xperia 1 Display Technology

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,402
    1,209
    113
    Xperia 1 device එක තමයි මුල්ම වරට 21:9 තිර අනුපාතයක් සහිතව වෙළඳපොළට හඳුන්වා දුන්න ස්මාට්ෆෝන් එක. ඒ වගේ ම මේක තමයි ලෝකෙ පළවෙනි 4K HDR OLED තිරයකින් සමන්විත ස්මාට්ෆෝන් එක. සාමාන්‍ය 16:9 , 18:9 හෝ 19:9 වගේ අනුපාත තියන screen එකකින් ෆිල්ම් එකක් බලනකොට ගොඩක් වෙලාවට ස්ක්‍රීන් එකේ උඩ සහ යට තීරු දෙකක් හිස් ව තියන බව ඔයාලා දැකලා ඇති. ඒත් මේ 21:9 cinemawide ස්ක්‍රීන් එක නිසා අපිට ඒ අපහසුතාවය එන්නෙ නෑ. මොකද ෆිල්ම් එකේ Resolution අනුපාතයට සමානව ම ස්ක්‍රීන් එකේ අනුපාතයත් තියන නිසා. ඒ වගේම සෝනි සමාගම 2012 දි එයාලගෙ Xperia Z1 ෆ්ලැග්ෂිප් ස්මාට්ෆෝන් එකට හඳුන්වා දීපු X-Reality for mobile picture processing engine එක තමයි අවුරුදු 7ක් තිස්සෙ රිලීස් කරපු ෆ්ලැග්ෂිප් ෆෝන් එක්ක ආවෙ. ඒත් Xperia 1 ෆෝන් එකේ තියනව සෝනි Bravia TVs වල භාවිතා කරන X1 extreme,X1 ultimate කියන Picture processing engines දෙකේ තාක්ෂණය ආශ්‍රයෙන් නිපදවපු සුපිරි X1 for mobile picture processing engine එක සහ 10-bit equivalent display panel එකක්. ඒ වගේම මේ Display එකේ Colour calibration එක සෝනි Master Monitors වල Colour calibration එකමයි. මේ නිසා ස්මාට්ෆෝන් එකකදි අපි කවදාවත් නොදැකපු තරම් true-to-life colours බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම සෝනි සමාගමේ අති සාර්ථක වෘත්තිය මට්ටමේ වීඩියෝ කැමරා range එකක් වන SONY CineAlta™ මාදිලි වල තාක්ෂණයෙන් බලගැන්වුනු "Creator Mode" පහසුකම මඟින් මෙතෙක් කල් ඔබ ස්මාට්ෆෝන් තිරයකින් නොදුටු වර්ණ පරාසයක් දැකගන්නත් පුළුවන් වේවි.
    ©Thusitha Lakmal