XXX චිත්‍රපටවලින් පටන්ගෙන ලොව දිනූ තරු

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    XXX චිත්‍රපටවලින් පටන්ගෙන ලොව දිනූ තරු

    නිල් චිත්‍රපටවලින් පටන්ගෙන ලොව දිනූ සුපිරි තරු 5ක්


    රංගන කෞෂල්‍යයෙන් ලෝකයම දිනාගත් ඇතැම් සුපිරි නළු නිළියන්ට වර්තමානයේ හිමිව ඇති ස්ථානය ලබා ගැනීම එතරම් ලෙහෙසි පහසු දෙයක් වූයේ නැහැ.

    එක රැයින් ජනප්‍රියත්වයට පත් නොවී, සුළු චරිත රඟපාමින් තමන්ට හිමි නිසි වේලාව එනතුරු ඉවසීමෙන් බලා හිඳ සාර්ථකත්වයේ හිණිපෙත්ත දක්වා ගමන් කළ නළු නිළියන් බොහොමයක් සිටින අතර අදවන විට ලොවක් හඳුණන ඇතැම් නළු නිළියන් තම රංගන ජීවිතය අරඹා ඇත්තේ “වැඩිහිටියන්ට පමණයි” ලේබලය ඔස්සේ නිමැවුණු නිල් චිත්‍රපට හරහා යැයි පැවසුවහොත් ඔබ විශ්වාස කරනවා ද?

    මෙම ලිපිය නිල් චිත්‍රපට හරහා රංගනයට පිවිස පසුකාලීනව අති සාර්ථක වූ එවන් නළු නිළියන් විශාල ගණනක් අතුරින් තෝරාගත් 5 දෙනෙකු පිළිබඳව යි.

    මොවුන්ගෙන් ඇතැමුන් ඔබ හොඳින් හඳුනන, ඔබ ආදරය කරන සුපිරි තාරකාවන් වන්නටත් පුළුවන්‍.

    ජැකී චෑන්


    jackie-chan.jpg

    සුපිරි සටන් නළුවෙකුවන ජැකී චෑන් පිළිබඳ නොදන්නා සිනමා රසිකයෙකු මෙරට තුළ සොයා ගැනීමට නොහැකි තරමට ඔහුගේ ජනප්‍රියත්වය ඉතා ඉහළ යි.

    අද වනවිට 62වැනි වියෙහි පසුවන චෑන් උපත ලැබුවේ 1954 වසරේ දී.

    150කට වඩා වැඩි සටන් චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ ඔහු අදට ලොව සිටින ජ්‍යෙෂ්ඨතම සටන් නළුවන් අතර ඉහළම ස්ථානයේ පසුවන්නෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.

    නමුත් ජැකී චෑන් තම රංගන ජීවිතය අරඹා ඇත්තේ කිසිදු සටන් ජවනිකාවක් නොමැති හොංකොංහි 1975 දී රූපගත කරන ලද වැඩිහිටි චිත්‍රපටයක් හරහා යි.

    ආනෝල්ඩ් ස්වාසනේගර්


    article-2122364-003FBF6E00000258-522_634x426.jpg

    සුපිරි නළු ආනෝල්ඩ් ස්වාසනේගර් ඕනෑම අයෙකුගේ මතකයේ රැඳී ඇත්තේ ඔහුටම ආවේණික වූ හැඩි දැඩි දේහයත් සමග යි.

    අදවන විට 68 වියැති ආනෝල්ඩ් නළුවෙකු පමණක් නොව දේශපාලනඥයෙකුගේ භූමිකාවට ද පණ පොවනවා.

    ලොවක් වසඟයට ගත් “ටර්මිනේටර්” සහ “ප්‍රෙඩේටර්” චිත්‍රපට, ආනෝල්ඩ්ගේ ජනප්‍රියතම රංගන පෞර්ෂයන් ලෙස හැඳින්විය හැකියි.

    ආරෝහ පරිණාහ දේහයෙන් හොලිවුඩය හෙල්ලූ ආනෝල්ඩ් ද පැමිණ ඇත්තේ කාමෝද්දීපන කර්මාන්තය හරහා යි.

    ප්‍රථමයෙන්ම සමලිංගික කාම සඟරාවක ඡායාරූපවලට පෙනී සිටිමින් ක්ෂේත්‍රයට පැමිණි ඔහු පසුකාලීනව ඒ පිළිබඳව පවසා ඇත්තේ කාමෝද්දීපන රංගනයත් කලාවක් වන බවට යි.


    සිල්වෙස්ටර් ස්ටැලෝන්


    worst-sex-scenes-the-specialist.jpeg



    ජාත්‍යන්තර වශයෙන් අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ “රොකී” සහ “රැම්බෝ” චිත්‍රපට හරහා ලොව සුප්‍රසිද්ධ වුණු ස්ටැලෝන්ගේ මුහුණ දුටු සැණින් ඔබ ඔහුව හඳුණනවා ඇති.

    1946 වසරේ උපත ලැබූ ඔහු අදවන විට සිටින්නේ 69වැනි විය පසු කරමින්.

    හොලිවුඩය තුළ අදටත් තම නම ඉහළින්ම තබා සිටින ස්ටැලෝන් රංගනය පටන්ගෙන ඇත්තේ පසුකාලීනව ඔහු විසින් රඟදැක්වූවාක් මෙන් සුපිරි චරිත හරහා නම් නොවේ.

    24 වැනි වියේ දී තම පළමු රංගනය ලෙස නිල් චිත්‍රපටයක රඟපා ඇති ස්ටැලෝන්ට ඒ සඳහා ලැබී ඇත්තේ ඩොලර් 200ක් වැනි මුදලක්.

    "The Party at Kitty and Stud's" නමැති එම චිත්‍රපටය, පසුකාලීනව ස්ටැලෝන් ලෝක ප්‍රසිද්ධවීමත් සමග “Italian Stallion” නමින් නැවත එළිදක්වා තිබෙනවා.



    ඩේවිඩ් ඩුකොව්නි



    Henry-James-%E2%80%9CHank%E2%80%9D-Moody-%E2%80%93-Californication-David-Duchovny.jpg


    ඩේවිඩ් ඩුකොව්නි නමින් බොහෝ දෙනා ඔහුව නොහැඳිනූවත් ෆොක්ස් මෝල්ඩර් නම කියූ සැණින් ඔබට ඔහු පිළිබඳව මතකයට එනු නිසැක යි.

    මෙරට තරුණ පරපුර අතර ද අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ “The X-Files” විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවේ දී FBI ඒජන්තවරයෙකු ලෙස එහි ප්‍රධාන චරිතයට පණ පෙවූ ඩේවිඩ් අදවන විට ගායන ක්ෂේත්‍රයටත් පා තබා අවසන්.

    55 වැනි වියේ සිටින ඔහු ද මුල් අවධියේ දී වැඩිහිටි චිත්‍රපට හා රූපවාහිනී නාට්‍ය බොහොමයකට රංගනයෙන් දායක වී තිබෙනවා.

    කෙසේ වෙතත් ඩේවිඩ් සැබෑ ජීවිතයේ දී ද ලිංගික කටයුතුවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු ලෙස පැවසෙන අතර මෙම ඇබ්බැහිතාව හේතුවෙන් 2008 වසරේ දී ඔහු විශේෂඥ උපදෙස් පවා ලබා ගැනීමට පෙළඹී ඇති බව සඳහන් වනවා.


    කැමරන් ඩයස්


    cameron-diaz-sexy-sex-tape.jpg

    ඔබ හොලිවුඩ් චිත්‍රපට ලෝලියෙකු නම් විවිධ සිනමා නිර්මාන අතර කැමරන්ව බොහෝ අවස්ථාවල දී ඔබට හමු වී ඇති.

    රංගනයට පැමිණීමට පෙර ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කළා.

    43 වැනි වියෙහි පසුවන කැමරන් අදවන විට හොලිවුඩයේ ප්‍රකට තාරකාවක් වුවත් වයස අවුරුදු 19ක් වෙද්දී ඇය නිල් චිත්‍රපටයකට රංගනයෙන් දායක වී තිබෙනවා.

    1994 වසරේ දී තිරගත වූ “The Mask” චිත්‍රපටයෙන් පසු ඇගේ ජනප්‍රියත්වය වේගවත් වීමෙන් හොලිවුඩය තුළ ලැබුණු ප්‍රතිරූපයත් සමග ඇය යොවුන් වියේ පෙනීසිටි ප්‍රසිද්ධ නොවූ නිල් චිත්‍රපටය සෑම තැනකින්ම ඉවත් කර අන්තර්ජාලයෙනුත් මකා දැමීම සඳහා කැමරන් බොහෝ උත්සහ දරා ඇති බව සඳහන් වනවා.

    නමුත් එම නිල් චිත්‍රපටය රූපගත කරන අතරතුර ලබාගත් ඇගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් අදාළ නිල් චිත්‍රපටයෙහි අධ්‍යක්ෂවරයා කැමරන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3.4ක මුදලක් ඉල්ලා තිබෙනවා.

    කෙසේ වෙතත් ඔහුට එම අරමුණ ඉටු කරගත නොහැකි වී ඇති අතර කැමරන් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

    කැමරන් කොපමණ වෙහෙස වී උත්සහ දැරුවත් ඇය පෙනී සිටි අදාළ නිල් චිත්‍රපටය තවමත් අන්තර්ජාලය තුළ පවතින බවයි සඳහන් වන්නේ.



    SOURCE:ASIAN MIRROR
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,342
    47,241
    113
    කැමරන් ගේ ලස්සන.හැබැයි කට පළල් වගේම අරකත් පළල ඇති.:P
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    "කැමරන් කොපමණ වෙහෙස වී උත්සහ දැරුවත් ඇය පෙනී සිටි අදාළ නිල් චිත්‍රපටය තවමත් අන්තර්ජාලය තුළ පවතින බවයි සඳහන් වන්නේ."

    link please :rolleyes: