Y-12 ගුවන් යානයේ ඇත්ත කථාව

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Y-12 ගුවන් යානයේ ඇත්ත කථාව

    Y-12 ගුවන් යානයේ ඇත්ත කථාව

    sri-lankan-air-force-y-12-aircraft-crashed-on-a-surveillance-mission-killing-all-four-aboard.jpg

    “ගුවන් හමුදාවේ ප්ලේන් එකක් කඩන් වැටිලා ලු හපුතලේ”

    “විරවිලෙන් උස්සලා රත්මලානේ බාන්න ගිය එකක්ලු. අහවල් එකක් කරනවද හපුතලේ එහෙනම්.

    ඕකුන් ෆන් එකක් ගන්ඩ යන්න ඇති බන්.”

    “ඇයි දන්නේ නෑ කඩන් වැටිලා තියන්නේ? ඕවා හද්ද පරණ චයිනිස් බඩු නේ. 86 ලු ලංකාවට ගෙනත් තියන්නේ. දන්නැද්ද ඕවා CTB බස් වගේ බන් නඩත්තු කරන්නේ”

    ඒ පහුගිය 03 වෙනිදා සිදුවුණු ගුවන් අනතුර පිලිබඳ බුකියේ දැකපු සංවාදයන් කිහිපයකි
    පහතින් ගිය හින්දලු කඩන වැටිලා තියන්නේ? එහෙම කියන්නේ ප්‍රසිද්ධ රුපවාහිනී නාලිකාවක්.

    මේ බුකියෙන් උපුටා ගන්නා ලද පඬි වදන් පෙලකි.


    image_92257982c7.jpg


    දැන් බලමු කතාව

    “චීනයේ Harbin Aircraft Industry Group විසින් නිශ්පාදිත ද්විත්ව එන්ජින් සහිත මෙම අනතුරට පත් Herbin Y - 12 යානයේ වයස අවුරුදු ම 33ක්.

    තමන්ටත් වඩා ව‍යසින් වැඩි වාහනයක මහපොළොවෙ යන්නත් මිනිස්සු බය එකේ පුංචි කිරි සප්පයො ඉන්න, හෙට අනිද්දා කසාද බඳින්න ඉන්න කොල්ලොන්ට උන්ටත් වඩා වයසක බඩකඩිත්තුවක නැගලා අහසින් යන්න කියන්න තරම් අපේ රට දුප්පත්.

    විදේශ රටවල ගුවන් සෙබළු අපේ රටට විවිධ පුහුණු කටයුතු සඳහා ආවම පිස්සො වගේ අපේ යානා අතගානවා, සෙල්ෆී ගහනවා කියලා මම අහලා තියෙනවා.

    හෙලිකොප්ටරයක් යද්දිත් එළියට දුවන අපිට මේව මැජික් වුණාට උන්ට එහෙම වෙන්නෙ විදිහක් නැහැනෙ? හේතුව දුක්බරයි. මොකද ඒ රටවල මෙවැනි යානා සේරම භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නෙ. ඒව බලන්න යන්න ඕන ගුවන් හමුදා කඳවුරුවලට නෙමෙයි, කෞතුකාගාරවලට”

    හිටිහැටියේම මුළු බුකියේම Aircraft Expert ලා බිහිවන්නට විය. ඔවුන් Wikipedia එක නොමරා මරා ඇත. ශ්‍රී ලාංකික සමාජයේ තරම් බුකි ඔස්තාර් ලා කිසිම රටක දැක නැත. ජීවිතේට Y-12 යානය නොදැකපු උන් පවා එම යානයේ මහා ප්‍රාඥයන් වී තිබේ.
    චයිනිස් බඩු නේද?


    y-12_transport_aircraft.jpg


    ඔව් මේ ගුවන් යානයේ බඳ (Air Frame) හදල තියන්නේ Herbin කියන චයිනිස් සමාගමෙන්. තවමත් මේ සමාගමෙන් ගුවන් යානා නිෂ්පාදනය කරනවා වගේම මෙම ගුවන් යානය සඳහා FAA සහතිකියත් ලැබී තියෙනවා. බුකි ඔස්තාර් ලා FAA කියන්නේ මොකද්ද කියලා හොයලා දෙයි.

    මෙම යානයේ එංජින් හදන්නේ ඇමෙරිකාවේ බව දැනගෙන හිටියද ?

    මෙම ගුවන් යානයේ එංජින් නිර්මාණය කරන්නේ ලෝක ප්‍රසිද්ධ Pratt and Whitney යන ඇමෙරිකානු සමාගම මගින්. Pratt and Whitney සමාගම මොනවගේ එකක් ද කියලත් බුකි ඔස්තාර්ලම හොයලා කියල දෙයි.
    මෙම යානයේ එක එන්ජිමක් ක්‍රියා විරහිත උනත් අනෙක් එන්ජිම ගුවන් ගමනට ප්‍රමාණවත් බව දැනගෙන හිටියද?
    Y-12 යානය ගුවන් හමුදාවේ සේවයට එක්වන්නේ 1986 වර්ෂයේ සිටයි. එවකට පැවති යුධ සමයේ හෙලිකොප්ටර් වලට අමතරව ගුවන් හමුදාවේ Work Horse උනේ මෙම ගුවන් යානයයි. අදටත් ගුවන් හමුදාවේ පියාසර කටයුතු වලින් ¼ වඩා දායක වෙන්නේ හද්ද පරණ ගුවන් යානයයි.

    Y-12 යානය ඉතාම කෙටි දුරකින් ගුවන්ගත කරන්න පුළුවන් වගේම ගොඩ බාන්නත් පුළුවන්. Unpaved Surface එකකින් උනත් ගුවන්ගත කරන්න පුළුවන්. අනෙක් විශේෂත්වය තමයි මෙම ගුවන් යානය Basic Aircraft එකක්. ඒ නිසා නඩත්තු කටයුතු ඉතා පහසුයි. ශ්‍රී ලංකාවට මනාව ගැලපෙන ගුවන් යානයක්. එවකට ගුවන් හමදාවේ සිටි ඉහල නිලයන්ගේ ඉතාමත් හොද තේරීමක්.
    ත්‍රස්තවාදී කටයුතු වලින් ඇරෙන්න මිට ප්‍රථම Y-12 යානයක් ශ්‍රී ලංකාවේදී අනතුරට ලක්වෙලා තියන්නේ 1996 වසරේ පලාලි හිදී. එයින්ම පෙනෙනවා මෙම යානයට ඉතාමත් හොඳ Safety History එකක් ඇති බව.
    අපි විතරක් නෙවේ Y-12 පාවිච්චි කරන්නේ, රටවල් 25කට වැඩි ප්‍රමාණයක් අදටත් භාවිතා කරනවා.

    අවුරුදු 34 වගේ පරණයි නේ. දැන් කෞතුකාගාරයේ නේද තියෙන්න ඕනේ? මේ බුකි ඔස්තාර් ලගේ තව theory එකක්.


    Air Frame එකට නිශ්චිත පියාසර පැය ප්‍රමාණයක් සහ භාවිතා කරන්න පුළුවන් කාල සීමාවක් තියනවා. පියාසර පැය අවසන් නොවී භාවිතා කරන්න පුළුවන් උපරිම කාලය එළැඹි ඇතිනම් ගුවන් යානයේ Airframe එක නැවතත් නිෂප්දකයා ලව්වා පරික්ෂා කරන්න ඕනේ. එහිදී ඔවුන් සෑහීමකට පත් නොවේ නම් එම ගුවන් යානය භාවිතයෙන් ඉවත් කරනවා. ඒවගේම එංජින් overhaul කරන්න ඕනේ, Y-12 යානයේ එංජින් පියාසර පැය 3000 කට පසුව නැවතත් නිෂ්පාදකයා ලවා overhaul කරනවා. නැතිනම් Replace කරනවා. මිට අමතරව නිශ්චිත පියාසර පැය ප්‍රමාණ වලින් නිර්දේශිත සේවා හා නඩත්තු කටයුතු කලට වෙලාවට සිද්ධ වෙනවා (උදා: පැය 25 සේවා හා නඩත්තුව).

    මේක සෙල්ලමක් නෙවේ CTB බස් එකක් වගේ අද බෑ කියල හිතුනොත් හෙට කරන්න, නැතිනම් නොකර ඉන්න. ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරුවන් ඉන්නේ මේ සඳහා. ඕනෑම ගුවන් ගමනකට ප්‍රථම ගුවන් යානය පියාසැරිය සඳහා සුදානම් බවට ලිඛිත සහතිකයක් ඔවුන් ලබාදිය යුතුයි. කාටවත් වගකීමෙන් ගැලවෙන්න බැහැ.
    මේ ගුවන් යානාත් පරණයි කියලා කෞතුකාගාරයට යවනවා කියන්නේ..ගොබ්බ තියරි .

    C-130 ගුවන් යානය හදන්නේ 1956 දී. අදටත් ලෝකයේ වැඩිපුරම භාවිතාවන හමුදා ප්‍රවාහන ගුවන් යානය.

    B-52 Stratofortress ගුවන් යානය හදන්නේ 1952 සිට 1962 දක්වා, අදටත් ඇමෙරිකානු ගුවන් හමුදාවේ ප්‍රධානම බෝම්බ හෙලන ගුවන් යානය. ඒ විතරක් නෙවේ මෙම යානා වසර 2050 වන තෙක් භාවිත කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. අන්තිමටම හදපු B-52 ගුවන් යානයට අදට අවුරුදු 60කට කිට්ටුයි. වසර 2050 වෙද්දී අවුරුදු 100 කට කිට්ටුයි. බොරු කියලා හිතනවද ඔස්තාර් ලා.. චෙක් කරලා බලන්නකෝ තේරෙයි.

    C-5 Galaxy ලෝකයේ ලොකුම ප්‍රවාහන ගුවන් යානය හඳුන්වා දෙන්නේ 1970. අදටත් පියාසර කරනවා. වසර 2040 වෙනකම්ම භාවිත කරන්න ඔවුන් සැලසුම් කරලා තියන්නේ.
    KC-135 Stratotanker හඳුන්වා දෙන්නේ 1957, තවම පියාසර කරනවා.

    DC3, Avro, Cessna, F-16, මේ ලිස්ට් එක තව එකින් එකට පෙළගස්සන්න පුළුවන්. එත් නිෂ්පලයි. තර්කානුකුලව යමක් හිතන්න පුළුවන් මිනිස්සු තේරුම් ගනියි.

    වෙලාවට කලාවට නඩත්තු හා සේවා කටයුතු කරනවනම්, නිෂ්පාදකයාගේ උපදෙස් නිවැරදිව පිළිපදිනවනම් මෙම ගුවන් යානා භාවිත කරන්න පුළුවන්. ඒ සියලුම දේ සිදු කරන්නෙ නිශ්පාදකයා නිකුත් කරන Maintenance Manual, Service Manual, Structure Repair manual, Overhaul manual යනාදී පොත් පත් වල සදහන් ආකාරයට මිස අනතුරක් උන සැනින් අනේ අපොයි මේක පරණයි කියලා ගුවන් යානා ඉවත් කරන්නේ නැහැ.

    Y-12 ගුවන් යානයේ අදාළ කාල සිමාව අවසන් වූ පසු මෙම යානා භාවිතයෙන් ඉවත් කරයි. බුකි ඔස්තාර් ලා ඒ ගැන වදවෙන්න එපා. ගුවන් හමුදාව ඒ ගැන බලාගනී.
    විරවිලෙන් ගුවන් ගතවෙලා හපුතලේ මොකද කලේ කියන එක ප්‍රශ්නයක්ද?
    සාමාන්‍ය ජනතාව වශයෙන් අපි දැනගත යුතු සහ නොයුතු දේවල් තියනවා. නීතිගරුක පුද්ගලයෙක් නම් ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ. හපුතලේ ගිහින් කලේ මේ රටට අත්‍යාවශ්‍ය සේවාවක්. ඒ ටික දැනගත්තම ඇති.

    විදේශ රටවල ගුවන් සෙබළු පිස්සො වගේ අතගනවලු අපේ ප්ලේන්..අනේ.. එකත් අහල තියන කතාවක්ලු. ඇත්ත ද?

    වසර 2017 ඇමෙරිකානු ගුවන් හමුදාවේ ගුවන් යානා කිහිපියක් එනවා ලංකාවට විශේෂ අභ්‍යාසයකට. ඔවුන් එන්නේ C-130J ගුවන් යානා වලින්. C-130J යනු එම පවුලේ නවතම සාමාජිකයා. අප ගුවන් හමුදාවට තිබෙන යානය C-130H එය මුල් යුගයේ C-130 යානයක්. ගුවන් යානා දෙකේ හැඩය ඇරෙන්න අනික් සියලුම දේවල් එකිනෙකට වෙනස්.

    ඔවුන්ගේ යානා දෙකෙන් එකක දෝෂයක් ඇවිත් දවස් ගානක් තිස්සේ දඟලනවා මේක හදාගන්න. මුලින් අපේ අයට මේ ගැන බලන්න Clearance හම්බෙන්නේ නැහැ අමෙරිකාවෙන්. ලගම තියන ඇමෙරිකානු සැපයුම් ගුවන් කඳවුර වන ෂිෂෙල්ස් වලින් එන්න ඕනේ මේක හදාගන්න. එකට දවස් ගානක් යන නිසා, බැරිම තැන අපේ ගුවන් යානා කාර්මිකයන් ඉදිරිපත්වෙලා දෝෂය නිවැරදි කරලා දෙනවා. ඇමෙරිකානු ගුවන් හමුදාවේ සෙබළු අපේ කොල්ලන්ට කිව්වේ උඹලා යක්කු කියලා.
    ඔව් උන් යක්කු තමයි. උන්ගේ වැඩ පිළිවෙලයි. කාර්යක්ෂමයි.

    උන් අත ගෑවද..? අපේ එවුන් උන්ගේ අලුත් තාක්ෂණය එක්ක ගැටිලා..උන්ට කරන්න බැරි දේ කරලා දුන්නද?

    පසුගිය ජනවාරි 02 දින ඇමෙරිකාවේ නිෂ්පාදිත Black Hawk වර්ගයේ හෙලිකොප්ටරයක් තායිවානයේදී 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්කරමින් අනතුරට ලක්වෙනවා. එම ගුවන් යානය 2010 මිලදී ගත්තු එකක්.

    ගුවන් යානය පරණ ද අලුත් ද යන්න වැදගත් කමක් නැහැ අනතුරක් වෙන්න. මේවා යන්ත්‍ර, ඒවා වැඩ කරන්න ඕනා විදියට වැඩ නොකරන්න පුළුවන්,
    හසුරුවන්නේ මිනිසුන් විසින්, ඔවුන්ට අතපසුවීම් වෙන්න පුළුවන්.
    පියාසර කරලා තියන්නේ ඉහල උන්නතාංශයක, කඳු බෑවුම් සහිත ප්‍රදේශයක, කාලගුණය ගැන අපි දන්නේ නැහැ ඒ අවස්ථාවේ.

    පහතින් ගිය නිසා කඩන් වැටුනා කියන රුපවාහිනියම තමයි, පසුගිය දවසක විකාශනය වූ චිත්‍රපටියකදී, ගුවන් යානයක්හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමේදී භාවිතා වන May Day කෝල් එක, මැයි දිනය යනුවෙන් උපසිරැස පරිවර්තනය කලේ. එතනින් එහාට රුපවාහිනී ගැන කතා වැඩක් නැත.

    ඒ නිසා කරුණාකරලා ඉල්ලන්නේ මේ වෙනුවෙන් පරීක්ෂණයක් කරලා අනතුරට ලක්වීමට හේතු සාධක ඉදිරිපත් කරනකම්, අතලොස්සක් වූ දාර්ශනික කීබෝඩ් ඔස්තාර් වරුනි බොරු සමාජගත නොකර ඉන්න.
    ගුවන් යානයේ කාර්ය මණ්ඩලය වෙනත් කිසිම ජීවිතයකට හෝ දේපලකට හානි නොකර තමන්ගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම මෙහෙය කරලයි ජීවිතේට සමුදුන්නේ. ඔවුන්ට අපි සදා ණයගැතියි.

    1578155415-haputale-aircraft-crash-air-force-L.jpg


    PS: උඹලට වෙන ප්‍රශ්න තියෙනවනන් අහන්න පුළුවන්. ගුවන් යානා සම්බන්ද රැකියාවන් කරන ගුවන් නියමුවන්, ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවන්, ගුවන් මෙහෙයුම් පරිපාලකයන් වැනි අය ඉන්නවනං තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න සහ උදව් කරන්න කියලා මං ආරාධනා කරනවා.
     
    Last edited:

    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    niyamai mcn. uba aththama kathawa kiyla thiyanawa..Airforce eke Aero side eke kollo oya aircraft ekak fly karawanna kana katta dannawanam ohoma kiyanne kattiya. anika dan hama aircraft ekakma lankawema overhaul karanawa. a tharamata wada karayo lankawe innawa..
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    niyamai mcn. uba aththama kathawa kiyla thiyanawa..Airforce eke Aero side eke kollo oya aircraft ekak fly karawanna kana katta dannawanam ohoma kiyanne kattiya. anika dan hama aircraft ekakma lankawema overhaul karanawa. a tharamata wada karayo lankawe innawa..

    Correction- Hama ekama karanne na danata karanne PT-6, Y-12, F-7, Bell 206, Bell 212 wage seemitha guwan yaana warga kipayak pamanai
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මම නම් මේ ක්ෂේත්‍රයේ ප්‍රවිනයෙක් නෙවෙයි/ අඩුම ගානේ අතපත ගාලත් නැ. ඉගෙන ගෙන තියෙන්නේ වෛද්‍ය විද්‍යාවයි, අංශුමය භෞතික විද්‍යාවයි විතරයි. නමුත් ගුවන් යානා පිස්සෙක් විදිහට කියන්නම් එක දෙයක්.

    නග්ගන්න සුදුසුකම් සපුරා නැත්තම් කවදාවත් පයිලට් කෙනෙක් ඒ වැඩේ කරන්නැ. එයාලා හෙන දිග චෙක් ලිස්ට් එකක් ෆුල්ෆිල් කරලයි යානාව ට්‍රැෆික් කරන්නේ. අම්මා මුත්තාකිව්වත් ⁣එයාලා මේක වයලේට් කරන්නැ. කරන්නත් බැ. වෙන විපාකේ දන්න නිසා.

    ගුවන් යානා ලෝකයේ දැනට ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය වුනේ නිකම්ම නෙවෙයි. මේ දැඩි නිතිරිති හා නිවැරදිකිරිම් නිසා.

     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,061
    1
    28,528
    113
    Good post machan.

    You can never predict when an aviation disaster could happen. Few months ago, a F35 stealth Fighter of Japanese air Force was destroyed by falling into the ocean.

    Rep added
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අනිවාර්යයෙන්ම සහෝ. කොන්කෝඩ් අනතුර බලන්න. හිතාගන්න පුලුවන්ද කලින් ගිය dc එකේ වැරැද්දක් නිසා එච්චර දරුනු අනතුරක් වෙයි කියලා.


     

    Similar threads