සුද්දා අපේ රට පාලනය කරන කාලේ වෙච්ච අලකලන්චියක් මේක. කට්ටිය ලංකාව අතෑරලා යන්ඩ ඔන්න මෙන්න කියලා වෙච්ච දෙයක් කියලා හිතමුකො.

ඔය අදිරාජ්ය වාදීන් බලහත් කාරයෙන් රටවල් අල්ලගන පාලනය කරනකොට ඉතින් නිකම්ම දෙගොල්ලන්ගේ ගති සිරිත්, නම් ගම් එහෙම එහෙට මෙහෙට මාරු වෙනවනේ.. වැඩියෙන්ම වෙන්නේ ඉතින් පාලනය කරන උන්ගේ දේවල් යටත්කරගත්තු රටවල් වල අයට කාන්දු වෙන එකනේ.

ඔයවගේ ඉතින් සුද්දන්ගේ නම් එහෙම අපේ අයට ඇවිත් තියනවානේ. ඒ සමහරු වරදාන වලට රට ජාතිය පාවලා දීලා අරගත්තු ඒවා. සමහරු ඉතින් ඔය ආදර පලහිලව් වලට ගිහින්, සුද්දන්ව කරකාර බැදගෙන ඒ ගොල්ලන්ගේ නම් අරගන. තවත් සමහරුන්ට ඉතින් මේ සිංහල නම් කැතයි කියලා හිතිලා ගිහින් බලෙන්ම ඉල්ලලා දාගත්තු නම් එහෙමත් තියනවානේ.

මේ කියන තැනත්තී හිටියේ දකුණු ප්රනදේශයේ මුහුදුබඩ පලාතක කියමුකෝ. නම Margaret Hill. මෙයාටත් ඉතින් ඔය මම උඩින් කියපු මොකක් හරි හේතුවක් හින්දා සුද්දන්ගේ වාස ගමක් එක්කම නමක් තියනවා. අනේ ඉතින් ඒ උනාට ගෑනිට ඉංග්රී සි නම් මෙලෝ මලදානයක් බෑ. දෙයියනේ කියලා දරු මල්ලෝ ටික බලාගන, ස්වාමි පුරුසයත් එක්ක දැහැමෙන් සෙමෙන් කල් ගෙවනවා.
මෙයා ඉතින් ගමේ කා එක්කත් හොඳින් ඉන්නවා. හැමෝගෙම දුකට සැපට පිහිට වෙනවා. කව්රු හරි උදව්වක් ඉල්ලුවොත් ඉතින් පුලුවන් කමක් තියනවානම් බෑ කියන්නෑ. බොක්කේ තියන දේ හරි අරගන දෙනවා. ඒ තමයි මාගරට් ගේ හැටි. ඒ වගේම ගෑනී එක එකාගේ සීනි කිරන්ඩ යන්නෙත් නෑ. එකී නොකී බොහොමයක් හේතු හින්දා මාගරට්ට ගමේ කා අතරත් පොඩි ගෞරවයක් තිබුනා. ඒක හින්දා ගමේ හැමෝම මෙයත් එක්ක හොඳයි. කව්රුත් කවදාවත් එයා ගැන වරදක් එහෙමනම් කියන්නෑ. ඒ වගේම ඉතින් ආගමට දහමට හරි ලැදියි. හැම ඉරිදාම පල්ලි යන එකනම් වරද්දන්නෑ.
ඔන්න ඔහොම ඉන්නකොට තමා මේ මරාලය මාගරට්ගේ ඔළුවට කඩන් වැටෙන්නේ. අනේ ඉතින් ඕක මේ ලෝකේ හැටියක්නේ. කව්රු හරි තමන්ගේ පාඩුවේ, කාටවත් කරදරයක් නැතුව ඉන්නවානම්, උන්ටම තමා කොහේ හරි යන හෙනයක් පාත් වෙන්නේ.

එදත් මාගරට් සුපුරුදු පරිදි පල්ලි ගිහින් එනවා. බොහෝ වෙලාවට මාගරට් පල්ලි ගිහින් එවෙන්නේ තනියම. ඒ කියන්නේ දරුවෝ ටික දහම් පාසල් යනවා, ස්වාමිපුරුසයා ඉතින් හුගක් වෙලාවට පල්ලි යැවෙන්නෑ. ජීවන බර අදිනවා.
අනිත් ගෑණු ඉතින් පල්ලි ගිහින් එන්නේ කදේ දාගන, අනුන්ගේ ඕපදූපයක් එහෙම කියෝගන. පල්ලි ගිහින් දෙයියන්ට කියපුවා, පොරොන්දු වෙච්චා, ඔක්කොම ඉවරයි.. ඒවා එහෙම්ම පල්ලිය ඇතුලෙම තියලා ඇවිල්ලා. හැබැයි මාගරට් තනියමම තමා එවෙන්නේ. එයාට ඕනා ඉක්මනට ගෙදර ඇවිල්ලා ස්වාමි පුරුෂයටයි, ළමයින්ටයි දවල් කෑම ටික හදන එක තමා.
පල්ලියේ ඉඳලා මාගරට්ලෑ ගෙදරට එන පාරේ හැතැම්ම බාගයක් විතර කොටසක් තියනවා, දෙපැත්තම කැලෑව. තාම කැලේ එලිවෙලා වැඩිය ගෙවල් දොරවල් එහෙම හැදිලා නැහැ. ඔය හරියේ දවල්ටත් කව්රුවත් තනියම යන්ඩ ටිකක් බයයි. හැබැයි මාගරට්ට ඔවයෙ එච්චර ගානක් නැහැ. හිත හයිය ගෑනී.

ඔය කැලේ ටිකක් ඇතුලට වෙන්ඩ තියනවා ලෑලි වලින් හදපු පොඩි ගෙයක්. ගමට අලුතෙන් ආපු කට්ටියක් ඉඩම් කෑල්ලක් අල්ලගන හදපු ගෙයක්. මාගරට් නම් ඔය ගෙදර ඉන්නේ කව්දෝ කියලවත් තාම දන්නේ නැහැ.
මාගරට් ඉතින් පල්ලියෙ ඉඳන් දැන් තනියම එනවා. අහල පහලක කව්රුවක්වත්ම නැහැ. අනිත් අය ඉතින් කදේ දාගන හිමීට ගාටනවා. අර ගෙදරට හැරෙන අඩි පාර ලඟ ඉන්නවා ගෑනු මනුස්සයෙක් හිටගන. බොහෝම හොඳ හිනාවක් එහෙම දාගන.

"නෝනට නේද මාගරට් කියන්නේ ? අපිනම් මේ ලඟදි මෙහාට ආවේ. නෝනා ගැනනම් ගමේ හැමෝම හොඳ කියනවා අහලා තියනවා, ඒකමයි මේ අඳුර ගත්තොත් හොඳයි කියලා, එනවා දැකලා පාරට ආවේ."

මාගරටුත් ඉතින් සුපුරුදු පරිදි බොහොම සුහදව කතා කරනවා, කාගෙවත් හිත් රිදවලා පුරුද්දක් නැති නිසා. කොහොමෙන් කොහොම හරි අර මනුස්සයා ආරාධනා කරනවා මාගරට්ට ගෙදරට ගොඩ වැදිලා යන්ඩ එන්න කියලා. බොහොම පෙරැත්තයකින් පස්සේ මාගරට් ඉක්මනට යන්ඩ ඕනා බව කියන ගමන් ඒ ගෙදරට යන්නේ අර මනුස්සයාගේ හිත රිදෙයි කියලා.

මාගරට් ඉතින් එහෙට ගොඩවැදිලා, ටික වෙලාවක් ඉඳලා, තේ එකක් එහෙම බීලා පිට වෙනවා ගෙදර යන්ඩ. මාගරට් පාරට එනකොටම ඉතින් පස්සෙන් ආපු කට්ටිය ඒ වෙලේ තමා එතනින් යන්නේ. එයත් ඉතින් ඒගොල්ලො එක්කම ඉතුරු ටික දුර ගෙවලා දානවා.

ඔන්න වැඩේ පත්තු වෙන්නේ එදා හවස. ගම පුරාම ලැව්ගින්නක් වගේ පැතිර යනවා අර ගෙදර මිනිහෙක්ව මරලා දාලා කියලා. වෙලා තියෙන්නේ උදේලු. ඔය මාගරට්ලා පල්ලි ගිහින් එන වෙලාවෙම වගේලු. අනේ ඉතින් අර අම්මණ්ඩිලා ටික කියනවා මාගරට් එදා උදේ ඒ පැත්තේ ඉඳන් එනවා දැක්කා කියලා.මාගරට්ව සැකපිට අත්අඩංගුවට ගන්නවා. කාට කියන්ඩද ? සුද්දගෙ නීතියනේ.

ඉතින් ඔය ඔක්කොම වැල්වටාරම් කිව්වේ, ඇයි දැන් මේ මාගරට් විත්ති කූඩුවේ හිටගන ඉන්නේ කියන එක පැහැදිලි වෙන්ඩයි. මට කියන්ඩ ඕනා කතාවට එන්නේ දැන් තමා.

ඔන්න දැන් නඩුව යනවා. විනිශ්චකාරතුමා සුද්දෙක්. සිංහල බෑ. ඉතින් තෝලකයෙකුත් ඉන්නවා සුපුරුදු පරිදි පරිවර්තනය කරන්ඩ.
මාගරට්ගේ නම කියලා කතාකලා විත්තිකූඩුවට. මෙන්න මෙතනදි තමා විනිශ්ච්කාරතුමා හොල්මන් වෙන්නේ.

"යකෝ මේ ගෑනිට කොහෙන්ද ඉංග්රීකසි නමක් ? " එතුමා හිතනවා. හිතන්නේ ඉංග්රීයසියෙන්. මම දන්නෑ එවා ඉංග්රීෝසියෙන් ලියන්ඩ.

දැන් එතුමා කල්පනා කරනවා, මෙයාට කොහොමද මේ නම එන්ඩ ඇත්තේ ? තාත්තගෙන්ද, ස්වාමිපුරුෂයාගෙන්ද ? ඉංග්රීකසිත් බැරි මේ ගමේ ගොඩේ ගෑනිට කොහෙන්ද මේ අපේ නමක්. එතුමාට ප්රෙශ්ණ වැලයි. ඉතින් කුතුහලය පාලනය කර ගන්ඩ බැරි උන විනිශ්චකාර තුමා නඩුව පැත්තකින් තියලා මෙන්න මෙහෙම අහනවා.

" You, become a HILL before married or after married ? "

අනේ ඒ ඔලමොට්ටල තෝල්කයා ඕක පරිවර්තනය කලේ මෙන්න මෙහෙමයි;

Ѝ
Ѝ
Ѝ
Ѝ
Ѝ
Ѝ
Ѝ
"යුශ්මතිය හිල් වූයේ විවාහයට පෙරද ? පසුද ? "

උසාවිය නිශ්ශබ්ධ වෙනු !

Reports nam sorry thama....

Last edited: