►►දෙවිවරු නොමැරෙත්◄◄
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ WWV, RWP, RSP (වීර වික්ර ම විභූශණය,රණ වික්රසම පදක්කම,රණ ශූර පදක්කම,) යනු ශ්රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ (Special Forces Regiment of the Sri Lanka Army ) සේවය කල නිළධාරියෙකු වන අතර ඔහු නිර්භීතකම සදහා ශ්රී ලංකා යුද හමුදාව තුල පිදෙන දෙවන ඉහලම පදක්කම වන වීර වික්ර ම විභූශණයෙන් දෙවරක්ම පිදුම් ලද අභීත ශ්රීද ලංකා පුත්රකයෙකි.
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අධ්යාුපනය ලැබුවේ අවිස්සාවේල්ල ජනධිපති විද්යාකලයේ සහ කොළඹ දකුන ලුම්බිනි විද්යා්ලයේය.පාසල් සමයේ දක්ෂන රගර් ක්රී්ඩකයෙකු වූ මොහු 2008 ජනවාරි මසදී කෞෂල්යා රොඩ්රිඇගූ මෙනෙවිය සමග විවාපත් විය.
1997 ජනවාරි 22 දෙවන ලුතිනන් වරයෙක්(Second Lieutenant) ලෙස ශ්රී ලංකා යුද හමුදා 6 වන ගැමුණු හේවා බලඇණියට එක් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ පසුව ස්ව කැමැත්තෙන් ශ්රීක ලංකා යුද හමුදා විශේෂ බලකායට එක් වීමට යුද හමුදා විශේෂ බලකා පුහුනු පාඨමාලාව හැදෑරීය. පුහුනුව සාර්ථකව නිමා කල ඔහු 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවට (3rd Special Forces Regiment) අනුයුක්ත විය.මූලික පුහුනුවට අමතරව තවත් දෙස් විදෙස් පුහුනු පාඨමාලා රැසකට සහභාගී වූ ඔහු ඉන්දියාව,චීනය,ඇමරිකාව සහ බංග්ලාදේශය යන රටවල විදේශ පාඨමාලා සදහා සහභාගී වී ඇත.යුධ බිමේ ඔහු දැක්වූ සුවිශේෂ වූ හැකියාව නිසාම වසර දහයක් වැනි කෙටි කාලයකින් කපිතාන් සහ මේජර් තනතුරු වලට පත් වීමට ඔහුට හැකි විය.
ශ්රීශ ලංකා යුධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබලුන් ගෙන් සමන්විත වන ශ්රීු ලංකා යුධ හමුදා විශේෂ බලකා දිගු දුර විහිදුම් බලකායේ(SF-LRRP : Special Forces Long Range Reconnaissance Patrol) කැපී පෙනෙන සාමාජිකයෙකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගු දුර මෙහෙයුම් වල විශේෂඥයෙකු විය. ත්රaස්තවාදීන් බියෙන් සලිත කල මෙම දිගු දුර විහිදුම් බලකායේ සෙබලුන් කිලෝමීටර් 25-30ක් පමන කොටි පාලන ප්රතදේශ තුලට වැදී කොටි මර්මස්ථාන වලට එල්ල කල ප්රහහාර නිසා ත්රෙස්තවාදීන් විශ්මයට පත් විය. මෙම හේතුව නිසාම මෙම බලකාය "මහසෝන් බලකාය" යන අන්වර්ථ නාමයෙන් ද හැදින්විනි.තම සේවා කාලය තුල මෙවන් විශ්මිත මෙහෙයුම් ගණනාවකට නායකත්වය ලබා දුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ LTTE සන්නද්ධ අංශයේ ඉහල පෙලේ නායකයෙකු වූ කර්නල් ශංකර්,LTTE බුද්ධි අංශ ඉහල පෙලේ නායකයෙකු වූ චාර්ල්ස්(2008 ජනවාරි) සහ මුහුදු කොටි නියෝජ්යය නායක කනගයි අමරන් මරා දමා ඇත.
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස 26 වන දින මිය ගිය අතර ඒ වන විටත් ඔහු ඔඩ්ඩුසුඩාන් ප්රාදේශයේ දිගු දුර මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටියේය. ඒ වන විට විශේෂ බලකා සෙබලුන් අට දෙනෙකුගෙන් සමන්විත වූ ඔවුන්ගේ කණ්ඩායම හමුදා පාලන ප්ර දේශයේ සිට කිලෝමීටර් 30ක පමන දුරක් ත්ර ස්තවාදීන් යටතේ පාලනය වූ ප්ර දේශය තුලට වැදී සිටියහ.කොටින්ගේ මහා වීර දිනවලට සහභාගී වීමට යන කොටි නායකයන් ලලිත් ඇතුලු කණ්ඩායමේ ඉලක්කය විය. තමන්ට ලබා දුන් පලමු ඉලක්කය සාර්ථකව සපුරා ගත් ඔවුන් කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉලක්කය කරා ඇදෙන විට ත්රයස්තවාදී කණ්ඩායමක ප්රුහාරයකට ලක් විය. මින් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තුවාල ලැබූ අතර තුවාල ලැබූ තම නායකයා රැගෙන කණ්ඩායම උපක්ර මිකව ආරක්ෂිවත ස්ථානයකට පසු බැසීය. මෙසේ පසු බැසීමේදී දින නමයක් තිස්සෙම වගුරු සහිත ප්රැදේශ වල හමුදා සපත්තු පැලද සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සගයන්ගේ කකුල් කුණු විය.මේ නිසා ඉක්මනින් යලි හමුදා පාලන ප්රදදේශයට ඒමට අපහසු විය.මේ අතර ඔවුන් කණ්ඩායම දෙවන වරටත් ත්රනස්තවාදී කණ්ඩායමක ප්ර්හාරයකට ලක් වූ අතර එහිදී ඇති වූ සටනේදී ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අභීත විරුවා ජීවිතක්ෂයයට පත් විය.කණ්ඩායමේ දිවි ගැලවුනු සාමාජිකයන් 7 දෙනා සහ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ දේහය ශ්රීව ලංකා ගුවන් හමුදාවේ එම්.අයි 24 යානා යොදා පසුව බේරා ගත්තේය.
මේ අභීත ශ්රීන ලංකා පුත්රංයා මෙවන් කැප කිරීමක් කලේ මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් බලාපොරොත්තුවෙන් නොවන අතර තම මවුබිමේ උස් නිදහස වෙනුවෙනි.
2008 ජනවාරි මස විවාහපත් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස මියයන විට තම බිරියගේ කුසයේ වැඩුනු මෙලොව එලිය නුදුටු පස් මස් වියැති බිලිදියකගේ පියෙකි.ඔහු මිය යන විටත් පදිංචිව සිටියේ අවිස්සාවේල්ල ප්රිදේශයේ කුලී නිවසකය.
තම මවුබිම වෙනුවෙන් මෙවන් කැප කිරීමක් කල මෙවැනි අභීත පුත්රසයෙකු දැයට අහිමි වී තුන් වසරක් ආසන්න වී ඇති මේ මොහොතේ ඔහුට ලැබිය යුතු ගෞරවය ලැබෙනවාද යන්න සැක සහිතය.
මේ වීර සෙන්පතියාට කරන ගෞරවයක් ලෙස මෙය Bump කරන්න.
http://www.facebook.com/Kaju.Waththa.Eksath
Last edited:
