Youtube එකට දාන්න video හදල දෙන්න පුලුවන්ද

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    youtube channel එකක් හදලා videos upload කරලා සල්ලි හොයන්න පුළුවන් කියලා මම අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ .

    නමුත් මම කියන්නේ එහෙම නැතිව පොඩියට video එකක් හදලා ඒක විකුනන්න කැමති කෙනෙක් ඉන්නවනම් අන්න එයාලගෙන් videos මිලට ගන්න මම කැමතියි.

    මම එකේ අයිතිය අරගෙන , මගේ youtube channel දමන්නයි ඉල්ලන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මෙතන හරි inbox එකට හරි එන්න.

    වැරදියට ගන්න එපා, මහා පරිමානෙන් ගන්නත් එපා.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    කව්රුත් මහන්සි වෙලා වීඩියෝ හදල උඹට දෙයිද බන් උන්ම දාගන්නවා මිසක. උඹට මහන්සි නොවී වැඩක් නොකර YouTube එකෙන් සල්ලි හොයන්න හිතාගෙන ඉන්නවනම්, එක නිකන් හීනයක් විතරයි
     
    • Haha
    • Dislike
    Reactions: jcj and vito

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    කව්රුත් මහන්සි වෙලා වීඩියෝ හදල උඹට දෙයිද බන් උන්ම දාගන්නවා මිසක. උඹට මහන්සි නොවී වැඩක් නොකර YouTube එකෙන් සල්ලි හොයන්න හිතාගෙන ඉන්නවනම්, එක නිකන් හීනයක් විතරයි
    නාථ සර් ට පුලුවන්නේ මොනවා හරි හදලා දෙන්න . මොනවා නැතත් උදව්වක් විදියට🙄🙄
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    මගේ පරණ ෆෝන් එකක් තිබ්බා එකේ පොඩි අවුලක් තිබුනා. ෂර්ට් සාක්කුවේ ෆෝන් එක දැම්මම සමහර වෙලාවට කැමරාව ඔටෝ ඔන් වෙලා ෆොටෝ / වීඩියෝ වදිනවා. මේක මල වදයක් හා ෆෝන් එක පරණ නිසා මම ඒ ෆෝන් එක අයින් කරා. අර එකෙක් උගේ දවස දෙවන හැටි දාල වීඩියෝ දාන්නේ කිසි තේරුමක් නැති. අන්න ඒවගේ එකක් මේ වීඩියෝ ටිකෙන් කරන්න පුළුවන් වේවි. වීඩියෝ/ ෆොටෝ ටික ඕන නම් දෙන්නම්. සල්ලි නම් ඕන නෑ. වීඩියෝ වල කිසි වැදගත්කමක් නැති නිසා විවිස් නම් ඒවි සට සට ගාල.
     
    Last edited:
    • Haha
    Reactions: vito

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    කව්රුත් මහන්සි වෙලා වීඩියෝ හදල උඹට දෙයිද බන් උන්ම දාගන්නවා මිසක. උඹට මහන්සි නොවී වැඩක් නොකර YouTube එකෙන් සල්ලි හොයන්න හිතාගෙන ඉන්නවනම්, එක නිකන් හීනයක් විතරයි

    මචන් , දන්නේ නැති නිසා අහන්නේ, ඇයි බන්, අද්යක්ෂවරු, නිෂ්පාදකයෝ පස්සේ යන්නේ Film හදන්න .

    නිෂ්පාදකයන්ට "මහන්සි නොවී වැඩක් නොකර Film එකෙන් සල්ලි හොයන්න" දෙන්නේ???
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මචන් , දන්නේ නැති නිසා අහන්නේ, ඇයි බන්, අද්යක්ෂවරු, නිෂ්පාදකයෝ පස්සේ යන්නේ Film හදන්න .

    නිෂ්පාදකයන්ට "මහන්සි නොවී වැඩක් නොකර Film එකෙන් සල්ලි හොයන්න" දෙන්නේ???
    නිෂ්පාකයට සල්ලි වියදම් කරන්න පුලුවන්නම් ගැටළුවක් නැනේ. උදාහරණයක් විදියට උඹට DSLR කැමරාවක් ගන්න ලක්ෂයක් විතර වියදම් කරන්න ඕන, එක අරගෙන උඹ Shutter Speed, ISO, Apature ගැනත් තව ලෙන්ස්, camera angles ගැනත් ඉගෙනගන්න ඕන. උඹ වීඩියෝ එඩිටින් ඉගෙනගන්නත් ඕන, Audio Equipment ගන්නත් ඕන. Lighting equipment ගන්නත් ඕන . ලයිසන්ස් තියන මියුසික් හදන්න හරි මිලදී ගන්න හරි ඕන. ඕවා කරන්න පුළුවන් PC එකක් ගන්නත් ඕන. ලක්ෂ ගානක් වියදම් කරලා ඕවා සම්පුර්ණ කරගත්ත කෙනෙක් දෙකයි පනහට ඕවා කරන්නේ නැනේ. එහෙනම් උඹටත් පුළුවන්නේ ෆිල්ම් එකක් හදන්න කාටහරි සල්ලි දීල. අනික YouTube කතාවයි ෆිල්ම් කතාවයි වෙනස්. ෆිල්ම් එකක් හෝල් එකක දුවන දවස් ගානක් තියනවා. ඊට පස්සේ ගලවනවා. YouTube එකේ වීඩියෝ එකක් තියනක් එකෙන් සල්ලි එකතුවෙනවා. ඉතින් යන්තම් හරි YouTube ගැන අවබෝදයක් තියන කෙනෙක් උඹට සල්ලි වලට වීඩියෝ හදල දෙන්නේ නෑ. එළකිරියේ ඉන්නවා එක වීඩියෝ එකෙන් ලක්ෂ ගානක් හොයන අය.

    Restoration of evrything

    Handiworks

    Traditional me

    මේ චැනල් තුනම ලංකාවේ. එක වීඩියෝ එකෙන් ලක්ෂ හතර පහ හොයන ඒ වගේම අනාගතෙත් තව සල්ලි හොයන චැනල්. උඹ කැමතිනම් එක වීඩියෝ එකකට උන් හොයන මුදල වගේ ලක්ෂ කීපයක් දෙන්න , එහෙනම් උඹට වීඩියෝ දෙන්න අය ඉඳීවි.

    හැබැයි උඹට කරන්න පුළුවන් දෙයක් තියනවා. ඒක මම කියන්නේ නෑ. උඹම හොයාගන්න එක හොඳයි
     
    • Like
    • Dislike
    Reactions: jcj and jeewan tk