Youtube Channel එක නැගලා යනවා..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මම මීට මාස දෙකකට විතර කලින් යූ ටියුබ් චැනල් එකක් හදලා මට පුළුවන් Cinematic Videos සහ Short Films වගේ දේවල් කර කර හිටියා. ඒවට පොඩ්ඩ පොඩ්ඩ වීව්ස් ආවා, ඒත් වැඩිය දිගට ගියේ නෑ. ඒත් ගිය සතියේ මට වෙන වැඩක් කරන්න හිතිලා පහුගිය දවසක ආණ්ඩුව නතර කරපු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන මගේ අදහස් විනාඩි 8-9ක් විතර දක්වලා ෆෝන් එකෙන්ම වීඩියෝ එකක් කලා. මගේ ලග හොඳ ට්‍රයිපොඩ් එකක් සහ කොලර් මයික් එකක් එහෙමත් තිබ්බ නිසා වැඩේ එච්චර අමාරු වුණේ නෑ.

    මට Adobe Premier Pro වලට වඩා කාලයක ඉඳන් හුරු Wondershare Filmora 9 එක. මම ඒක පාවිච්චි කරලා පොඩ්ඩක් එඩිට් කරලා මේ වීඩියෝ එක මගේ චැනල් එකට දාලා මගේ ෆේස්බුක් එකෙත් දැම්මා. වෙනදට වඩා ප්‍රතිචාර තියනවා, කට්ටිය බලනවා පේන්න ගත්ත. සබ්ස්ක්‍රයිබර්ස්ලා එහෙමත් චුට්ට චුට්ට එන්න ගත්තා. දන්න කියන අය කතාකරලා අඩුපාඩු, වගේම හොඳ කිව්වා. මට හිතුනා වැඩේ හොඳයි වගේ කියලා.

    මම තවත් වීඩියෝ එකක් කලා ඊටත් වඩා ටිකක් මහන්සිවෙලා ඩේ ලයිට් එක පාවිච්චි කරලා, ලොකේෂන් වෙනස් කරලා, කොස්ටියුම් එක වෙනස් කරලා එහෙම. ඒ වීඩියෝ එක කලේ 2011 ලෝක කුසලාන මැච් එක පාවාදීම සම්බන්ධයෙන් කරපු චෝදනාව ගැන, වීඩියෝ එක විනාඩි 15ක් විතර. හැබැයි කලින් එකට වඩා මහන්සිවෙලා එඩිට් කලා. බැක්ග්‍රවුන් සවුන්ඩ්ස් දැම්මා, ඉන්ට්‍රෝ එකක් දැම්මා. දාලා අප්ලෝඩ් කරලා ෆේස්බුක් ෂෙයාර් කලා.

    කලින් එකටත් වඩා ඒක නැගලා යන්න ගත්තා. තවත් ටික ටික අය එන්න ගත්තා, සබ්ස් එහෙමත් වැඩිවුණා. තාම පුංචියි චැනල් එක, වීඩියෝ 5ක් විතර තියෙන්නේ, සබ්ස්ක්‍රයිබර්ස්ලා 70ක් ඉන්නවා. මම හිතුවේ නිකන්ම ඉඳලා ඇවිත් බලලා යයි කියලා ඉඳලා එහෙම නැතිවුණාම අප්සට් ගිහින් වැඩේ දමලා ගහනවට වඩා මොනවාහරි වෙනස්කම් කරලා, වෙනස් වෙනස් දේවල් තමන්ගේ දක්ෂතාවය අනුව කලාම පුංචි හරි ප්‍රතිඵලයක් ලැබෙනවා. මම දැන් ගන්නේ අන්න ඒ වගේ මහන්සියක පුංචි ප්‍රතිඵලයක ආතල් එක. එළකිරි එකේ යාළුවොත් ගොඩක් උදව් කලා චැනල් එක ගොඩදාගන්න. තව වීඩියෝස් කරනවා ඉස්සරහට ඉඩක් ලැබුණොත් ගිහින් බලන්න මෙන්න මගේ චැනල් එක.
    https://www.youtube.com/channel/UCbvllLKBz6V8egGBTAcEPcg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    Ela ela.ekamuthu wela oka karanawanam hodata karanna puluwan.godak aya kiyanawa report karanawa kiyala eth hoda deyak karahama report gahanna bahane.
     
    • Like
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Good luck machan..! මගෙත් තියනව channel එකක්. පට්ට ගේමක් දීලා ඇදගෙන යනව. Sub එකක් දාලා like එකක් දාලා supp ekak denna.

    https://www.youtube.com/c/TechGeek2
    ඒක මරු මචං..මම සබ්ස්ක්‍රයිබ් කලා.. සතියකට එක ගානෙවත් දැම්මනම් උඹේ චැනල් එක හිට් වෙනවා ගේමක් නැතිව
     
    • Like
    Reactions: uvajira

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Channel එකට ආසාවක් තියෙනවා නම් මේකේ වැඩිය ලින්ක් දාන්නත් එපා,කියවන්න එපා

    අපේ අයියලා හෙන දක්ෂයි report කරන්න ;)
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Channel එකට ආසාවක් තියෙනවා නම් මේකේ වැඩිය ලින්ක් දාන්නත් එපා,කියවන්න එපා

    අපේ අයියලා හෙන දක්ෂයි report කරන්න ;)
    ඒකත් එහෙමද හ්ම්ම්
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    73 subs? lol Negala gihin tamai
    මචං..ඒක අංක වලින් ලොකු ගාණක් නොවෙන්න පුළුවන්..ඒත් පොඩියට පටන් අරගෙන මුලින්ම අසාර්ථක වෙච්ච දේකට ඒ ගාණත් ලොකු ගාණක්.. සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් අද ඉස්සනෙ චැනල් එහෙමත් මුලින් නැගලා යන්න ඇත්තේ එකෙන් දෙකෙන් තමයි මචං.. උඹ හිනාවෙන්න ඇත්තේ, කින්ඩියක් දාන්න ඇත්තේ මගේ බලාපොරොත්තුවකට හරි අදහසකට හරි වෙන්න ඇති..කිසි අවුලක් නෑ මචං.. දහස් ගාණක් කින්ඩ් දාන ලෝකෙක එක කින්ඩියක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි මචං..ස්තූතියි උඹ දීපු තල්ලුවට..
     
    • Like
    Reactions: Lahiru120

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මචං..ඒක අංක වලින් ලොකු ගාණක් නොවෙන්න පුළුවන්..ඒත් පොඩියට පටන් අරගෙන මුලින්ම අසාර්ථක වෙච්ච දේකට ඒ ගාණත් ලොකු ගාණක්.. සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් අද ඉස්සනෙ චැනල් එහෙමත් මුලින් නැගලා යන්න ඇත්තේ එකෙන් දෙකෙන් තමයි මචං.. උඹ හිනාවෙන්න ඇත්තේ, කින්ඩියක් දාන්න ඇත්තේ මගේ බලාපොරොත්තුවකට හරි අදහසකට හරි වෙන්න ඇති..කිසි අවුලක් නෑ මචං.. දහස් ගාණක් කින්ඩ් දාන ලෝකෙක එක කින්ඩියක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි මචං..ස්තූතියි උඹ දීපු තල්ලුවට..
    ඔනි නම් අයිඩියා එකක් දෙන්නම් කැමතිනම් ගනින්
    මාත් කරන්න ඉන්නෙ එත් මට මෙවෙලාවෙ පහසුකම් නැහැ
    මෙක බලන එකෙක් උනත් පටන් ගත්තාට කමක් නැහැ.
    \
    මෙන්න මෙ ටයිප් එක වීඩියොස් දාපන්

    හොඳ ස්ටෙබලයිසර් එකක් අරගෙන කැම් එකත් එක්ක පොද වැස්ස වැටෙන දවසට දෙපැත්තෙ කැලෑවක් තියෙන පාරක් දිගෙ පලයන් ඉවර වෙනකන්
    විනාඩි 30 කට වැඩි දුරක් නම් තවත් හොඳයි .විඩියො එකෙ ලෙන්ත් එක පැය ගාණක් වෙන තරමට තවත් හොඳයි
    (පොද වැස්ස නැතත් කමක් නැහැ )

    මියුසික් මුකුත් එපා, කතාකරන කිසි දෙයක් එපා. වීඩියො එකෙ ඇහෙන්න ඔනි සොභාවික සද්දය විතරයි (පොද වැස්සෙ සද්දෙයි ,ගස් හෙලවෙන සද්දෙයි කුරුල්ලන්ගෙ සද්දෙයි .)

    තව ඔය විදියටම මුහුඳු වෙරළක් දිගෙ ඇවිදගෙන යන එවා, ඇහෙන්න ඔනි සොභාවික ශබ්ද විතරයි .

    ටවුන් එකක් දිගෙ ඇවිදගෙන යන එව්වා

    මොකද ගොඩාක් මිනිස්සු මහන්සි වෙලා ගෙද ආපුවහම මනස රිලැක්ස් වෙන දෙවල් හොයන්නෙ.
    සමහර රටවල් වල උන්ට කැලැවල් නැහැ, වැස්ස නැහැ ,
    මුහුඳ නැහැ

    ඉතිං හිත සැනසෙන්න ගොඩක් අය ඔයවගෙ දෙවල් වලට කැමති.
    සමහරු ඔය කුරුල්ලන්ගෙ සද්ද ඇහෙන කැලවල් වල වීඩියොස් එහෙම අහගෙනම තමා නින්දට යන්නෙත්
    ඒක හොඳ තෙරපි එකක්

    වීව්ස් ගන්නත් පුළුවන්.
    හැබයි අපෙ ඕඩියන්ස් එකෙන් නෙමෙ පිටරට ඕඩියන්ස් එකෙන්
     
    Maru idea eka..