බිරිඳ මියගිය සැමියාගේ යහනට ආ අපූරු භූතයා

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    image_b47b60fc55.jpg

    විවිධ යක්ෂයින්, ප්‍රේ‌තයින්, භූතයින් සහ පිසාචයින්ගේ හැසිරීම්, ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් හා ඔවුන්ගේ බලපෑම් ගැනත් ඔබ ඕනෑතරම් අසා ඇත. ඇත්තටම මොවුන්ට යම් යම් බලපෑම් කළ හැකිද? ඒවා වෙන්නේ කෙසේද? අපි සලකා බලමු.

    සසංක ඉතාමත් අහිංසක පුද්ගලයෙකි. පැහැපත් කඩවසම් රූපයකින් හෙබි ඔහුගේ රුව ගැහැනු ළමයකුගේ රූපයට සමාන ලක්ෂණ ගෙන දෙයි. තමන්ගේම ස්වයං රැකියාවක් ලෙස තල කැරලි සෑදීමට පටන් ගත් සසංක තවත් කීපදෙනෙකුත් සමඟ තල කැරලි සකසන ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගියේය. නමුත් මහ ලොකු අධ්‍යාපන දැනුමක් ඔහුට නොතිබුණි. මොහුට ආදර සම්බන්ධකම්ද නොතිබුණි. වයස අවුරුදු විසිඅටක් වන විට ඔහුට විවාහ යෝජනා ගෙන එන්නට විය. එන එන යෝජනාවලට කුමක් හෝ කියා මග හැර විවාහය හැකි තාක් කල් දැමීම සසංකගේ සිරිතයි. නමුත් කෙසේ හෝ නාලිකාට මොහුගේ සිතේ කැමැත්තක් ඇති විය. කෙසේ හෝ කැමැති වී සසංක හා නාලිකාගේ විවාහය සිදුවිය. මෙලෙස ඔවුන් පවුල් ජීවිතය ගත කරන අතර, වසර 2 ක පමණ කාලයක් ගියද ඔවුන්ට දරුවන් සිටියේ නැත. නමුත් සසංකත් නාලිකාත් තමන්ගේ ව්‍යාපාරය කරගෙන සාමාන්‍ය පරිදි ජීවත් වූහ.


    මෙලෙස ජීවත් වන කාලය තුළ මහා අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. නාලිකා නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන ඒම සඳහා නිවසින් පිටව ගියාය. ඇය නිවසින් ගොස් පැය 2 කටත් වඩා වැඩි කාලයක් ගත වූ නමුත් ඇය තවමත් නිවසට පැමිණියේ නැත.


    “නාලිකා තවම පරක්කු මොකද”යි සිතමින් “බලමු තව ටිකක් වෙලා” කියා සිතා සසංක නාලිකා එන තෙක් බලා සිටියේය. මෙලෙස ගත වූයේ ටික වේලාවකි. ඒ ගමේ අසල්වාසී තරුණයෙක් කලබලයෙන් පාපැදියකින් වේගයෙන් ආවේය.


    “අයියේ අක්කා ඇක්සිඩන්ට් වුණා’’. ලොරියක වැදුණේ නවත්තන්නේ නැතුව ගියා. මිනිස්සු එකතු වෙලා අක්කා ඉස්පිරිතාලෙට එක්ක ගියා” මෙලෙස වේගයෙන් හුස්මක්වත් නොගෙන තරුණයා සසංකට සිදුවීම කියාගෙන කියාගෙන ගියේය.


    “අයියෝ දෙයියනේ මොකක්ද මේ වුණේ?” කියමින් සසංක ව්‍යාපාරයේ යෙදෙමින් සිටි තවත් අයෙකුත් සමඟ රෝහලට පිටත් විය. නමුත් ඒ වනවිටත් මොවුන් නොසිතූ පරිදි නාලිකා මෙලොව අතහැර ගොස් හමාරය.
    සසංකට මෙය කොහෙත්ම දරාගැනීමට අපහසු තත්ත්වයකි. ඔහු පොළොවේ හැපෙමින් අඬමින් වැලපෙයි.


    “මට නාලිකා නැතුව ජීවත් වෙන්න බෑ. මම කොහොමද අයියේ, ඒ ගෙදර ඉන්නේ?” කියමින් මහ හයියෙන් කෑ ගසමින් අඬයි. එතරම් පෞරුෂයක් නොමැති සසංකව සැනසීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. කෙසේ හෝ යහළුවන් හා ඔහුගේ මවද පැමිණ සසංකව ගෙදර ගෙන ගියෝය. පොලිසිය අනතුර සිදුවූ වාහනය ගැන පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කෙරිණි. මිය යනවිට 29 වන වියේ පසු වූ නාලිකා ගමක් හඬවමින් මෙලෙස අවසන් ගමන් ගියාය. සසංක ව්‍යාපාරයද තාවකාලිකව නවතා දමා මහත් කලකිරීමෙන් කාලය ගෙවීය.


    මෙලෙස සති කීපයක් ගතවුවද සසංකගේ මනස සාමාන්‍ය නොවීය. මෙහෙම අකල් මරණයක් වීමට හේතු සෙවීමට නාලිකා ගෙන්වා කතා කිරීමට තිබේ නම් සහනයක් යැයි සිතූ සසංක මිතුරකුද සමඟ මළගියවුන් ගෙන්වන දේවාලයකට යාමට තීරණය කළේය. පසුව එම තීරණයත් සමඟ මොව්හු කුරුණෑගල එක්තරා දේවාලයක් කරා ගියෝය.


    උදයෙන්ම එම දේවාලයට ගොස් බුලත් තබා වේලාව වෙන් කරගත් අතර, දවල් එකොළහට පමණ ඔවුන්ගේ වේලාව පැමිණියේය. සසංකත් යාළුවාත් දේවාලය ඇතුළට ගොස් වැඳ ගත්තේය. දේවගැති මෑණියෝ කතා කිරීමට පටන් ගත්තාය.


    “මේ ඇත්තෝ ආපු කාරණේ කිව්වනම්”


    මෑණියෝ ප‍්‍රශ්න කළාය.


    “මගේ නෝනා මීට සති කීපයකට කලින් මියගියා. මට එයාව ගෙන්වීමට ඕනෙ” සසංකගේ පිළිතුර විය. නාලිකා මැරුණු කාලය, සිදුවීම ආදී බොහෝ දේ මෑණියන් විසින්ම අසා දැනගෙන නාලිකා තමන්ගේ ඇඟට ගෙන්වීය.


    ටික වේලාවක් කෙඳිරිගාමින් ගැස්සෙමින් සිටි මෑණියෝ එක් වරම සිනාසෙන්නට වූවාය.


    “මගේ දෙයියෝ ඔයාට මම නැතුව පාළුයිද” නාලිකා වැසුණු මෑණියෝ සසංකගෙන් ඇසුවාය. සසංක පුදුමයෙන් මෙන් බලා සිටියේය.


    “ඇයි ඔයාට මාව අඳුරන්න බැරිද? මම නාලිකා” යනුවෙන් යළිත් මෑණියෝ කතා කළාය. සසංකද කතා බහ කරන්නට විය.


    “ඇයි මාව දාලා මෙච්චර ඉක්මනට ගියේ? ඔයා දැන් කොහෙද ඉන්නේ?” යනුවෙන් සසංක ප‍්‍රශ්න කළේය.


    මම දැන්ම දාලා යන්න හිතුවේ නැහැ. ඒ වාහනකාරයා මගේ ජීවිතේට තිත තිබ්බා. දැන් මම ගෙදර අසලම පාවෙවී ඉන්නවා” මෑණියෝ පිළිතුරු දුන්නාය.


    සසංකගේ දුක තවත් වැඩි විය.


    “අනේ මට දරාගන්න බෑ” කියමින් සසංක අඬන්නට විය.


    “ඔයාට විතරක් නෙවෙයි මටත් දුකයි” කියමින් නාලිකා වැසුණු මෑණියෝ පිළිතුරු දුන්නාය.


    “මට පින්දෙන්න. එතකොට මට ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. යාළුවෝ නෑදෑයෝ එක්ක ඔයා සතුටින් ඉන්න. මම ඒ අසලම ඉන්නවා. මගෙන් හානියක් නෑ” කියමින් නාලිකාගේ ආත්මය මෑණියන්ගේ ශරීරයෙන් ඉවත් වුණි.


    “කොහොමද හරි හැටි නාලිකාගේ විස්තර කියවුණාද?” කියමින් ආරූඪයෙන් ඉවත් වූ මෑණියෝ සසංකගෙන් ඇසුවාය.


    “ඔව් මෑණියෝ, හරියටම කිව්වා. අපි ආයෙත් වෙලාවක ගෙන්නලා බලමු” කියමින් සසංකත් යාළුවාත් නිවස කරා පිටත්ව ගියේ මේ ගැන කතා බහ කරමින්මය. මෙලෙස දින කීපයක් ගත විය.


    “චන්න” යනු සසංක ළඟ ව්‍යාපාරයේ යෙදෙන තරුණයෙකි. ඔහු සසංකට සමීප ගෝලයා වූ අතර, බිරිඳගේ මියයාම නිසා පාළුවට දිවා රාත‍්‍රිය දෙකෙහිම චන්න සසංකගේ නිවසේම රැඳුණේය. එදිනද රාත‍්‍රියේ සසංක බිරිඳ මතක් කරමින් සෙමින් අඬන්නට විය. ඒ අතර ඒ අසලට පැමිණි චන්න අමුතු ලීලාවකින් කතා කරන්නට විය.


    නාලිකා ජීවත්ව ඉන්නා කාලයේ සසංකට කතා කරන ආකාරයෙන් චන්න ද සසංකට කතා කළේය.


    “ඔයා දුක්වෙන නිසා මම චන්නගේ ඇඟට ආවා. ඔයා අඬනවා මට බලාගෙන ඉන්න බෑ”


    නාලිකා වැසුණු චන්න පිළිතුරු දුන්නේය. “බලන්න අපි බැන්ද දවසේ ඉඳලා දරුවෝ නැති වුණාට කොච්චර හොඳින් හිටියද?” එදා මම බඩු ගේන්න ගියේ කොච්චර ආසාවෙන්ද? කමක් නෑ. මම දැන් මෙහෙම හරි ඔයා ළඟට එන එකට කැමතියි නේද?” නාලිකා වැසුණු චන්න ඇසීය.


    “කොච්චර හොඳද?” කියමින් සසංක විස්තර කතා කරන්නට විය.


    “දැන් ඔයාට නිදිමතයි නේද? මම ඔළුව අතගාන්නම්” යැයි නාලිකා වැසුණු චන්න ඇසුවේය. සසංකද “ළඟට එන්නකො” කියා තමන් ළඟට ආ නාලිකා වැසුණු චන්නව ළං කරගත්තේය.


    පසුදින උදා විය. චන්න අවදි වී එක්වරම “මම මේ කොහෙද ඉන්නෙ? මම කොහොමද මෙහෙට ආවේ?” කියමින් සසංකගෙන් ඇසීය.


    “කලබල වෙන්න එපා. මෙහෙන් වාඩිවෙන්නකෝ. ”ඊයෙ අමුතු දෙයක් වුණා” කියමින් සිදුවූ සියල්ල සසංක චන්නට විස්තර කළේය.



    යාගයේ දිනය උදා විය. රාත‍්‍රී අටට පමණ පටන් ගත් යාගය අතරතුර රාත‍්‍රී දොළහද උදා විය. ඇදුරා විසින් චන්නව ආරූඪ කර චන්නගේ ඇඟට නාලිකාගේ ආත්මය ගෙන්වීය. සියල්ලෝම මවිත කරමින් නාලිකා ලෙසින්ම චන්න කතා කරන්නට විය. ඇදුරා විසින් “නමුත් ඔබ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම යා යුතුයි” පවසා නාලිකා චන්නගේ ශරීරයෙන් ඉවත් කර යවා පසුදා උදේ යාගය හමාර කෙරිණි. දැන් චන්නගේ සිරුරට නාලිකා එන්නේ නැත. දින කීපයක් ගත විය.

    යළිත් තරමක් දුරට සසංකගේ සිතට දුක දැනෙන්නට විය. ඔහු චන්නව කැඳවා පසුගිය අතීතය ගැන කතා කරමින් සිටියේය. නමුත් ඇදුරා විසින් එළෙව්වද දවල් කාලයේ කෙසේ වෙතත් රාත‍්‍රී කාලයේ නින්දට ආසන්න වෙලාවේ නාලිකා චන්නගේ සිරුරට ආවේශ වේ.



    “ඊයෙ නාලිකා උඹේ ඇඟට ආවා. ඊට පස්සේ මගේ කාමරේට ඇවිත් මං අඬන දිහා බලන් ඉඳලා මාත් එක්ක ගොඩක් වෙලා කතා කළා. එයා ඇහුවා චන්නට ප‍්‍රශ්නයක් නැත්තම් මම සැරින් සැරේට චන්නගේ ඇඟට ඇවිත් ඔබත් එක්ක කතා කරන්නම්. ඒකට ප‍්‍රශ්නයක් නෑ නේද කියලා.


    එතකොට මම කිව්වා චන්න මුකුත් කියන එකක් නෑ කියලා. එහෙම කතා කර කර ඉඳලා මගේ තුරුලට වෙලා නිදාගත්තා. උඹේ ඇඟට එහෙම වරින් වර නාලිකා ආවට කමක් නැහැ නේද?” සසංක චන්නගෙන් විමසීය.
    “කමක් නෑ සසංකට ඒක සහනයක් නම් මගෙ ඇඟට ආවට ප‍්‍රශ්නයක් නෑ”


    ඉන් පසු දිනයේද රාත‍්‍රි කාලයේ චන්නගේ සිරුරට නාලිකා පැමිනුණි. ඉන් පසු පෙර දා මෙන් නාලිකා වැසුණු චන්නත් සසංකත් අතරේ විශාල වශයෙන් කතා බහ සිදුවී නාලිකා වැසුණු සසංකගේ තුරුලට වී නිදාගත්තේය. මෙලෙස කීප දිනක් ගතවිය.


    දැන් එකිනෙකාට ඔවුනොවුන් නොදැක සිටීමට පවා බැරි තත්ත්වයකි. මෙලෙස මාස කීපයක් ගත විය. නමුත් මේ වන විට චන්නගේ සිරුරට නාලිකා පැමිණෙන වාර ගණන ගොඩක් අඩුය. නමුත් ඔවුනොවුන්ට ආදරය කරගන්නා තත්ත්වයට පත්ව ඇත.


    මෙලෙස ද මාස කීපයක් ගත විය. මොවුන් දෙදෙනාගේ ක‍්‍රියාකලාපය සසංකගේ මවටත් ඇතැම් සේවකයින්ටත් යහළුවන්ටත් සැක ඇති කරන අවස්ථා බොහොමය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සසංකගේ මව විසින් සසංකට මෙසේ කියන්නට විය.


    “දැන් උඹේ ගෑනි මැරිලා අවුරුද්දකටත් වැඩි වුණා. දැන් උඹ වෙන කසාදයක්වත් කරගත්තොත් හොඳයි නේද? අනිත් එක තමයි උඹයි, චන්නයි අතරෙ මොකක්ද මේ ගෑනියෙකුයි මිනිහෙකුයි වගෙ තියෙන බැඳීම? එකට නිදාගන්නෙ. හැම වෙලාවෙම එකටමයි. මගෙන් දැන් කීපදෙනෙක්මත් ඇහුවා” මව පැවසුවාය.


    “අනේ අම්මෙ, අම්මට කියන්න බැරි ප‍්‍රශ්නයක් මෙතන තියෙනවා. නාලිකාගේ ආත්මය චන්නගේ ඇඟට එනවා. ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරනවා. විස්තර කියනවා. මාත් එක්කම වගේ ඉන්නවා. ඒක කාටවත් කියන්න බෑනේ අම්මෙ. ඒක නිසා තමයි අපි මෙහෙම හිටියේ”


    සසංක පැවසීය.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁

    image_9169c0cf8b.jpg


    “මේ මොන කතාවක්ද, එහෙම ඇඟට එනවනම් මේක බලන් ඉන්න හොඳ තත්ත්වයක් නෙමෙයි නෙ. අපි ඉක්මනින් ඇදුරකු ගෙන්නලා මේ තත්ත්වය යවමු” මව සසංකට පැවසීය.



    “ඒ වුණාට අම්මෙ මෙහෙම හරි නාලිකා එන එක මම කොහොමද නවත්තන්නෙ? මං කොහොමද එයාව මන්තරවලින් එළවන්නේ?” සසංක යළිත් පැවසීය.


    “නමුත් ඒක උඹටවත් ගෙදරටවත් හොඳ නැති දෙයක්. ඒක නිසා මේක අයින් කරලා දාමු” මව සසංකට පවසන්නට වූවාය. මේ බව සසංකගේ මව සසංකගේ හොඳම යහළුවන් දෙදෙනෙකුට ද නෑදැයින් කීපදෙනෙකුට ද පවසා ඒ සඳහා යාගයක් කිරීමට තීරණය කරගත්තෝය.


    යාගයේ දිනය උදාවිය. රාත‍්‍රී අටට පමණ පටන් ගත් යාගය අතරතුර රාත‍්‍රී දොළහද උදා විය. ඇදුරා විසින් චන්නව ආරූඪ කර චන්නගේ ඇඟට නාලිකාගේ ආත්මය ගෙන්වීය. සියල්ලෝම මවිත කරමින් නාලිකා ලෙසින්ම චන්න කතා කරන්නට විය.


    ඇදුරා විසින් “නමුත් ඔබ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම යා යුතුයි” පවසා නාලිකා චන්නගේ ශරීරයෙන් ඉවත් කර යවා පසුදා උදේ යාගය හමාර කෙරිණි. දැන් චන්නගේ සිරුරට නාලිකා එන්නේ නැත. දින කීපයක් ගත විය.
    යළිත් තරමක් දුරට සසංකගේ සිතට දුක දැනෙන්නට විය. ඔහු චන්නව කැඳවා පසුගිය අතීතය ගැන කතා කරමින් සිටියේය. නමුත් ඇදුරා විසින් එළෙව්වද දවල් කාලයේ කෙසේ වෙතත් රාත‍්‍රී කාලයේ නින්දට ආසන්න වෙලාවේ නාලිකා චන්නගේ සිරුරට ආවේශ වේ.


    මේ ගැන සැක හිතුණු සසංකගේ මව විසින් පවුලේ හිතවතුන් කීපදෙනෙකුට ද මේ ගැන පවසා යළිත් මොහුව දේවාල කරා, ඇදුරන් කරා ගෙනවිත් නොයෙකුත් දේ සිදුකළද ප‍්‍රතිඵලයක් වූයේ නැත. ඉන්පසු මෙය දැනගත් එක් පුද්ගලයකුගේ මතය වූයේ මොවුන් දෙදෙනාව වෛද්‍යවරයකු කරා යොමු කිරීමය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මොවුන් දෙදෙනාව ශ‍්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ වත්මන් සභාපති පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි.


    මෙම කරුණු ගැන සලකා බැලූ පී.එන්. විද්‍යාකුලපති මහතා නාලිකාව චන්නගේ සිරුරෙන් ඉවත් කිරීමට හා මෙම ගැටලු ව විසඳීමට භාරගත්තේය. පළමුව පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් සසංක හා චන්න දෙදෙනාටම මනෝ ප‍්‍රතිකාර ලබාදී සංයමයට පත් කරන ලදී. ඉන් පසු මනෝ විශ්ලේෂණය (Psycho Analyst) යටතේ කරුණු සෙවීය. වෙන වෙනම සසංක හා චන්න සමඟ පැයක පමණ සාකච්ඡාවකින් පසුව ප‍්‍රතිකාර ආරම්භ කළේය. මෙහිදී චන්නගේ සිරුරට නාලිකා ගෙන්නා විස්තර ඇසූ නමුත් නාලිකාගේ සියලු විස්තර කීමට චන්න අපොහොසත් විය.


    ඒ අනූව “ඇත්ත වශයෙන්ම ඔබ නාලිකා නෙමෙයි.’’ මෙය ඔබේ සිතින් මවා ගත් එක්තරා තත්ත්වයක් පමණකි” යනුවෙන් චන්නගේ යටි හිතට පවසා දී පී.එන්. විද්‍යාකුලපති මහතා එම තත්ත්වය ඉවත් කළේය. සසංකටද මනෝ ප‍්‍රතිකාර විධි තුළින් ඇත්තටම මෙහිදී නාලිකා චන්නගේ ශරීරයට නොපැමිණි බවත් මෙය මනෝ භාවයක් පමණක් බවත් තහවුරු කරදුණි. ඒ වගේම මොවුන් දෙදෙනාම සමලිංගිකත්වයට මේ වන විට ඇබ්බැහිව තිබූ බැවින් එම තත්ත්වයෙන් මිදීම සඳහා ප‍්‍රතිකාර සිදුකරන ලදී. මෙහි ඇතුළාන්තය පිළිබඳව පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස අදහස් පළ කළේය.


    මෙම ගැටලුව දිහා විද්‍යාත්මකව බලන විට ඇත්තටම මෙහි කිසිදු ගුප්ත දෙයක් නැත. බිරිඳගේ මියයාමෙන් පසුව මළවුන් ගෙන්වන තැනට ගොස් ඇයව ගෙන්වීමේදී දේවාලයේ මෑණියන් කියා තිබෙන්නේ බොහොම සරල කරුණු කිහිපයකි. නමුත් සසංකගේ ඇති නොදැනුම්වත්කම නිසා සහ උගත්කමින් අඩුකම නිසා මෙය සත්‍ය වශයෙන්ම නාලිකා ලෙස පිළිගෙන ඇත.


    දෙවැනි කරුණ නම්, චන්න යනු සමලිංගිකත්වයට නැඹුරු වූ තරුණයෙකි. සසංකගේ පැහැපත් භාවයත් කඩවසම් භාවයත් නිසා මොහුව සමලිංගික ඇසුරට යොමුකිරීමට චන්නට සිතී ඇත්තේ මීට වසර ගණනකට පෙර සිටය. නමුත් අවස්ථානුරූපීව නාලිකා සිරුරට වැසුණා සේ පැමිණ චන්න සසංක සමඟ සමලිංගික ඇසුරට හුරු විය. මෙහිදී විශේෂයෙන් කිවයුතු කරුණක් නම්, සමලිංගික ඇබ්බැහිවීම යනු රෝගයක් නොවන බවත් එය මනෝ විද්‍යාවේදී ලිංගික අපගමනයක් ලෙස හඳුන්වන බවත් ය.


    මෙහිදී ඇත්තටම මෙය රෝගයක් නොවේ. මෙය ඇබ්බැහිවීමක් පමණකි. එය මනෝ ප‍්‍රතිකාරය තුළින් වෙනස් කළ හැකි තත්ත්වයක් බව පී.එන්. විද්‍යාකුලපති මහතා වැඩිදුරටත් පැවසීය.


    අද වනවිට මොවුන් සුවපත් වී වසර හයක් පමණ වන අතර, මොවුන් දෙදෙනාම මේ වන විට විවාහ ජීවිත ගත කරන දරුවන් ද සිටින පියවරුය.


    (මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලූ වාර්තා පරීක්ෂණ සංගමය සතුව ඇති අතර, සත්‍ය සිදුවීමකි.)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නාලිකා මැරුණු කාලය, සිදුවීම ආදී බොහෝ දේ මෑණියන් විසින්ම
    තක්කඩි ගෑණු :lol:
    කොහොමද හරි හැටි නාලිකාගේ විස්තර කියවුණාද?” කියමින් ආරූඪයෙන් ඉවත් වූ මෑණියෝ සසංකගෙන් ඇසුවාය.
    :lol:
    වගේම මොවුන් දෙදෙනාම සමලිංගිකත්වයට මේ වන විට ඇබ්බැහිව තිබූ බැවින් එම තත්ත්වයෙන් මිදීම සඳහා ප‍්‍රතිකාර සිදුකරන ලදී
    @tupac97 මුගෙන් බෙහෙත් ගනින්.. උඹටත් ඇබ්බැහිවීමක් ඇත්තේ..
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    දෙවැනි කරුණ නම්, චන්න යනු සමලිංගිකත්වයට නැඹුරු වූ තරුණයෙකි. සසංකගේ පැහැපත් භාවයත් කඩවසම් භාවයත් නිසා මොහුව සමලිංගික ඇසුරට යොමුකිරීමට චන්නට සිතී ඇත්තේ මීට වසර ගණනකට පෙර සිටය. නමුත් අවස්ථානුරූපීව නාලිකා සිරුරට වැසුණා සේ පැමිණ චන්න සසංක සමඟ සමලිංගික ඇසුරට හුරු විය. මෙහිදී විශේෂයෙන් කිවයුතු කරුණක් නම්, සමලිංගික ඇබ්බැහිවීම යනු රෝගයක් නොවන බවත් එය මනෝ විද්‍යාවේදී ලිංගික අපගමනයක් ලෙස හඳුන්වන බවත් ය.

    මෙහිදී ඇත්තටම මෙය රෝගයක් නොවේ. මෙය ඇබ්බැහිවීමක් පමණකි. එය මනෝ ප‍්‍රතිකාරය තුළින් වෙනස් කළ හැකි තත්ත්වයක් බව පී.එන්. විද්‍යාකුලපති මහතා වැඩිදුරටත් පැවසීය.

    අද වනවිට මොවුන් සුවපත් වී වසර හයක් පමණ වන අතර, මොවුන් දෙදෙනාම මේ වන විට විවාහ ජීවිත ගත කරන දරුවන් ද සිටින පියවරුය.

    @tupac97 ඒ ඉක්මනට වරෙන් උබටත් ලිංගික අපගමනයක් හැදිලා කියන්නේ
     
    Last edited:
    • Like
    Reactions: batmanTES

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඔය
    මෑණියො.., විශ්ව ශක්ති ගොබිලෝ.., ස්වාමි කියාගන්න උං තමයි කම්බම හොරු...

    කට්ටඬියො, කපුවො එහෙම නෑ... උං අහින්සක විදිහට හූණියමක් කරගෙන, බළියක් ඇරගෙන, වශියක් කරගෙන බොහොම ධාර්මිකව ජීවත් වන සෙට් එකක්... @හෙළයෙක් නැද්ද මචං...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    ඔය
    මෑණියො.., විශ්ව ශක්ති ගොබිලෝ.., ස්වාමි කියාගන්න උං තමයි කම්බම හොරු...

    කට්ටඬියො, කපුවො එහෙම නෑ... උං අහින්සක විදිහට හූණියමක් කරගෙන, බළියක් ඇරගෙන, වශියක් කරගෙන බොහොම ධාර්මිකව ජීවත් වන සෙට් එකක්... @හෙළයෙක් නැද්ද මචං...
    එ ෆැක්ට් එක වැලීඩ් වෙන්නෙ බග්‍යා ගුරා හැර කියල ආවොත් තමා.


    මෙන්ශන් කරපු එක හොදා මේකෙ පොඩි ඉන්ටරෙස්ටින් කතාවක් තියෙනව පිටියෙ අප්පුව එක්ක කතා කරල දැනගන්න
    @pitiye.appu මේ කේස් ස්ටඩී එකට උබ හිතන විදියට බේත මොකද්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    උඹ මුගෙන් බෙතුත් අහනවද 🤣?
    නැත්නම් ලිඳේ දාන්නද හදන්නෙ?
    නෑ නෑ පිටියෙ අප්පුවගෙ සමහර කතා හරි ගොඩක් වෙලාවට අපිට ටැලි වෙන්නෙ නැත්තෙ අපේ මූලික දැනුම පද්ධතිය බටහිර නිසා.
    ලිදේ දාන්නෙ ඉතින් ඔය මොඩ විදියට අන්තගාමී වෙලා බටහිර වෙදකමට බනිනකොට තමා ඉතින්. මොකද ඔය දෙකම ඒ ඒ සලකන රාමු යටතේ හරි. අපි තව රාමුවක ඉදල අනිකට බැනල වැඩක් නෑ.

    මේක ගැන පොඩි අදහසක් හිතට ආව ඒක එහෙමද කියල දැනගන්න උගෙන් ඇහුවෙ.
     
    • Like
    Reactions: siri_ayya